(චන්ද්‍රසේන ගමගේ)
හුංගම, කොටවායේ දී ටිපර් රියකට යටවී 14 හැවිරිදි සිසුවියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවිය සිය පියා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එසේ අනතුරට ලක්ව ඇති අතර ප්රකෝපකාරීවු ප්‍රදේශවාසීහු ටිපර් රියට ගිනි තැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටිපර් එලවන රස්තියාදුකාර රියදුරන් සහ පුද්ගලික බස් එලවන රස්තියාදුකාර රියදුරන් දවසගානෙම මිනීමරනවා. මේ අයට දැඩි දඬුවම් දෙන්න.
ටිපර් රථය ගිනි තබා වැඩක් නැහැ. නොසැලිකිලිමත් රියදුරන්ට විශාල දඩ මුදල් නියම කල යුතුයි. රියදුරු බලපත්‍රය අවුරුදු 3ට අවලංගු කොට නැවත පරික්ෂණයකට ඉදිරිපත් කල යුතුයි. රජයෙන් ඉල්ලීමක් රථවාහන පොලිසියට 10000ක් අලුතෙන් බඳවාගෙන දිවයින පුරා යෙදවිය යුතුයි.
ටිපර් රථ රාත්‍රි කාලයේ පමණක් ධාවනය කිරීමට අවසර ලබාදිය යුතුයි.
මෙම නිහින රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අවලංගු කලයුතුමය. තවද අධික දඩමුදල් ගෙවීමටද ක්‍රියාකර කල්දේරම් බත් කෑමට මහ උළු ගෙට යැවීම ඉතාමත්ම සුදුසුවනු ඇත. කීපදෙනෙකු මෙසේ දඬුවම් ලැබුවත් ඉක්මණින් අනිත් රියදුරන්ද නිසි මාර්ගයට එනු නියතයි.
ඔව් මේ ටිපර් රථ ගිනිතියලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ එහි හිමිකරුට යම්කිසි පාඩුවක් විතරයි. මේ නොහික්මුණු බස් සහ ටිපර් රියදුරන් හට තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දැනට පවතින නීති වෙනස් කරන්න ඕනෑ... රියදුරු බලපත්‍රය අවුරුදු 3-5 වැනි කාලයක් තහනම් කරන්න ඕනෑ..
ඔවු ටිපර් ගිනි තියල නම් වැඩක් නැහැ හැබැයි ඔය මිනීමරු ටිපර්, බස් රියදුරන් සහ ලඟදි ඉඳල ත්‍රිවීල් සහෝදරයන්ගේ ගමනත් බොහොම වැරදියි. වැඩි දඬුවම් දිය යුතුයි.
ලංකාවේ සිදුවන මෙම අනතුරු වලක්වා ගැනීමටනම් මේ ට්‍රැෆික් රාජකාරි සාමාන්‍ය පොලිසියෙන් ඉවත් කරලා එකට එස්ටීඑෆ් එක වැනි අලුත් ඒකකයක් යටතට ගෙන විනය ගරුක තරුණ නිලධාරීන් දහසක් පමණ බඳවාගෙන, ඔවුන්ට අවශ්‍ය බලතල දී රාජකාරියේ යෙදවිය යුතුය
මිනීමරු රියැදුරාව අල්ලලා දඬුවම් දිය යුතුයි...
උපරිම දඬුවම් දිය යුතුයි.
සියලුම දඬුවම් දිය යුතුයි,
මේ ටිපර් රථ බස් රථ හා විශේෂයෙන් ත්‍රි රෝද රථ එලවන අය බහුතරය සමාජයේ නුගත් රස්තියාදුකාර කොටින්ම අපරාධ වලට බය නැති පිරිසකි. මොවුන් විශේෂ පුනුරුත්තාපනයකට ලක් කොට ලකුණු මත රැඳෙන විශේෂ රියදුරු බලපත් ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.
ටිපර් ද, කාර් ද, පෙජරෝද කියල නෑ, ලංකාවේ බොහොමයක් රියදුරෝ පාරේ යන්නේ නරක විදියට, සාපේක්ෂ වශයෙන් බස් සහ ටිපර් වලින් අනතුරු වැඩියි තමයි, නමුත් , කවුද දන්නේ වැරැද්ද කා අතේද කියල , මොකද හොඳට බලන්න ටිපර් රථය තියන්නේ පාරේ අයිනේමයි, යම් හෙයකින් මේ යතුරුපැදී කරුගේනම් වැරැද්ද ලොරි රියදුරා, කුමක් කරන්නද, කොහොම උනත් මේ කෙලි පැටික්කි ගැන හරිම දුකයි, ජාති ජාති මෙවන් විපතක් නොවේවා කියා ප්‍රර්ථනා කරමු,
මමත් ඔය මාර්ගයේ සතියකට වරක් දෙකක් වාහන ධාවනය කරනවා. අධිවේගී මාර්ගයට පස් අදින ටිපර්වලින් බොහොම අමාරුවෙන් තමයි බේරිලා එන්නේ. වාහනය පෙනි පෙනී මේ රියදුරන් පුංචි වාහන නොසලකා පසුකර යෑමට පාරේ දකුණු පසට වාහන ගත්තාම අපි කාණුවකට දමාගෙන යන්තම් බේරන්නේ. මෙතනත් යතුරුපැදියේ පසුපසින් හප්පා ඇති බව පේනවා. සමහර වෙලාවට ටිපර් 07 ක් 08 ක් එක පෙලට තරඟෙට යනවා. මේ වාහනවලට සිදුවන අනතුරේ හානි අඩු නිසා කුඩා වාහන නොසලකා ධාවනය කරනවා. ටිපර් රථ පැදවීමට අනුමැතිය දිය යුත්තේ අවම වශයෙන් අවුරුදු 35 පැනපු රියදුරන්ට. ඒ වගේම මේවායෙන් වන අනතුරු සම්බන්ධව වෙනම නීති සකසා දඬුවම් දිය යුතුයි. ලංකාවේ සිදුවන අනතුරුවලින් වෙනත් වාහන හප්පා වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුකරන්නේ ටිපර් රථ රියදුරන්. පෞද්ගලික බස්රථ රියදුරන් සිටිනුයේ දෙවනුවයි. මේවා සැලකිල්ලට ගෙන මෙම වාහනවලට පමණක් පොදු වූ නීති සැකසිය යුතුයි. අනතුරට වරදකරු රියදුරාගේ නොසැලකිලිමත් ධාවනය නම් ඉන් ජීවිත හානියක් සිදුවී නම් අවම වශයෙන් ඔහුට වසර 10 ක් හෝ ඊටවඩා වැඩි සිරදඬුවමක් හා මරණය වෙනුවෙන් රු. 1000000/- ඉක්මවන වන්දියක් ගෙවීමට සුදුසු වන සේ නීති පැනවීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.
හොඳම වැඩේ තමයි හතර හන්දි කැඩෙනකම් වැරදි කරන රියදුරන්ට නෙලන එක... එතකොට තවත් වැරදි කරන්නේ නැත.