කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාසල් සිසුවා (17) හා මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයා (31) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද රහස් පොලිසියේ ඉල්ලීම මත මුදාහරිනු ලැබූහ.
සිසුවාත් , කැළුම් අත්තනායක නම් සැකකරුත් නිදහස් කරමින් මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා පැවසූයේ පරීක්ෂණ සිදුවූ ආකාරය අධිකරණයටද ප්‍රශ්නයක් වූ බවයි.
‘වරක් පොලිසියෙන් නියෝගයක් ගන්නවා. තව වරක් රහස් පොලිසියෙන් ඒ නියෝගෙම ගන්නවා.අධිකරණයටත් ගැටළුවක් කවුද විමර්ශන කරන්නේ කියා.‘ යැයි මහේස්ත්‍රාත්වරයා කීවේය.
මේ තත්ත්වය යටතේ රහස් පොලිසිය පමණක් පරීක්ෂණ පැවැත්වීම සුදුසු හෙයින් පරීක්ෂණ රහස් පොලිසියට බාරදෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් රණසිංහ මහතා පැවසූයේ පොලිසිය මේ ළමයාට පහරදී ඇති බවයි. ‘ඔහු පොලිසියේදී නිරුවත් කර ඡායාරූපද ගෙන තිබෙනවා. එයත් අපචාරයක්. එය කර ඇත්තේ නීතිය රකින්නට සිටින පොලිසියයි. ඒ ළමයාගේ අයිතිවාසිකම් පොලිසියෙන් කඩකර තිබෙනවා. ළමයාට විරුද්ධව කිසිම සාක්කියක් නෑ. රහස් පොලිසිය ඒ බව ප්‍රකාශ කළා. ජාන තාක්ෂණ වාර්තාවෙනුත් මේ බව තහවුරු වෙනවා. ඇයි මෙහෙම කරන්නේ. ඒ ළමයාගේ අනාගතය නැති කළා. එය කළේ පොලිසියයි. ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලිසියේ ඇතැමුන් ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට අධිකරණය අමුඩ ලේන්සුවක් කරගෙන තිබෙනවා. ළමයා අත් අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළ ආකාරයත් ඔහු නිදහස් කරන දවසේ පොලිසියේ හැසිරීමත් පුදුම සහගතයි. ඔහු නිදහස් කරන බව ළමයාගේ අම්මවත් දන්නේ නෑ. ළමයා පොලිසියට කුදලාගෙන යෑමට තිබූ වුවමනාව ඔහු නිදහස් කරන්න නෑ.‘
කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ලැබුණු තොරතුරු මත පොලිසිය ක්‍රියා කළා මිස කිසිවකුටත් අසාධාරණයක් වන විදියට පරීක්ෂණ කළේ නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේ හෝ වේවා මේ සිසුවාට සාධාරණය ඉටුවූ එක ගැන නම් සතුටුයි (නි)
ඇති යන්තම්. දැන් ඉතින් මේ දේවල් අමතක කරලා අනාගතයට සාර්ථකව මුහුණ දෙන්න (නි)
කරන්න පුළුවන් සේරම ජරා වැඩ කරලා ඒ දරුවාගේ ජීවිතේ නැති කළා .අපි නොදන්නා පොලිසිය (බ)
කරුණාකර පොලිසිය විවේචනය කිරීමෙන් වළකින්න. ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡ මිනිසුන් කරන අදහාගත නොහැකි අපරාධ හමුවේ පොලිසිය මෙයට වඩා තදබල වූවත් කමක් නැත. පොලිසිය විවේඡනය කරන්නා ,මෙවැනි සාහසික අපරාධ වලට උඩගෙඩි දෙන්නෙක් වෙයි (නි)
ඉක්මනට මේ මිනීමැරුම් ස්ත්‍රී දුෂකයන්ව නීතියේ රැහැනට අසුකරගන්න පොලිසියට හැකියාව ලැබේවා.(හේ)
ජාත්‍යන්තර ළමා දිනය වූ අද දිනම මේ සිසුවා නිදහස් වීම දෛවෝපගත සිදුවීමක් සේම අගය කලයුතු දෙයක් ය. (ර)
මෙහෙම පොලිසියට දොස් තැබීමෙන් තවත් දුෂණ වෙදිවෙයි පොලිසියට රාජකාරිය කරන්න ඉඩදෙන්න (අ)
පොලිසියට දිවස් නැනේ එක හින්ද පොලිසියේ රාජකාරියට ඉඩදෙන්න (අ)
සේයා දියණිය ගැන මතකය සියවස් ගණනාවක් මිනිසුන් අතරේ තියේවි...එ්ත් මේ සිසුවා ද තාමත් ළමයෙක්.අත් අඩංගුවේ දී ඔහු ලද ශාරීරික පීඩා සහ මානසික පීඩා අපට අනුමත කළ නොහැක. මේ සිදුවීම් දෙකම ඔවුනොවුන්ගේ පවුලේ අයට මෙන්ම අපටද වේදනාකාරිය...ඒ වගේම පියෙක් වූ අනෙත් සැකකරුගේ දියණිය,තම පියා අත් අඩංගුවට ගැනීමෙන් ඇය, කොතරම් මානසික පිඩාවන්ට පත්වෙන්නට ඇත්ද!...අමතක නොකරන්න. 'අද ලෝක ළමා දිනයයි' (බ)
ඉදිරියේදී මාධ්‍යට ප්‍රකාශ කීරීමේදී පොලිසිය වඩාත් සැලකිලිමත් විය යුතුවේ. ප්‍රමාණවත් සාකෂි ලැබෙන තුරු නම් හෙළි නොකිරීම වඩාත් හොඳයි. (ර)
ළමයින් අත්අඩංගුවට ගන්න විට මීට වඩා සැලකිලිමත් විය යුතුයි. පොලිසියේ ඉන්නේ බුද්ධියක් ඇති මිනිස්සු නොවෙයි. ඔවුන් හිතන්නේ පොලිසියට එන හැම පුද්ගලයෙක්ම දරුණු අපරාදකාරයෙක් හැටියට. මම හිතන්නේ මේ ළමයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් යම් සංවිධානයක් මැදිහත් වී සාධාරණත්වයක් ලබාදිය යුතුයි.(හේ)
දේශපාලනයේදී පිල් බෙදෙන ආකාරයටම මෙවැනි ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කිරීමේදී පිරිසක් පොලිසියට දොස් කියන අතර කොටසක් පොලිසිය ආරක්ෂා කරන්න කතා කරනවා. මෙහිදී කරන්න ඕනෑ මනෝමුලිකව අපට හිතෙන දේ කියන එක නොවෙයි. විෂයාබද්ධ තත්වයන් යටතේ පරීක්ෂණ කටයුතු සාධාරණව හා යුක්තිසහගතව කෙරීඇද්ද යන්න විමසා බැලීමයි. අපේ පොලිසි තනි තනිව අරගෙන පොලිසිවල අය කරන අමානුෂික කියා හෙළාදැක්කා කියා වින්දිතයින්ට ලැබෙන සහනයක් නැත. මුළු ලොව පුරාම සිදුවන අපරාධවල පැහැදිලිවම පෙනෙන ලක්ෂණයක් නම් අපරාධකරුවාත් ඔවුන් ජීවත්වෙන තත්කාලීන සමාජය තුළ අපරාධයට ගොදුරුවූ තැනත්තා සේම තවත් එක වින්දිතයෙක් වීමයි. දඬුවම් දීම මුල් කරගෙන නීතිය පසඳින්න කතා කරනවා වෙනුවට මිනිසුන් අපරාධ වලින් මුදාගැනීමේ විශ්ව ව්‍යාප්ත සංවාදයක් දියත් කිරීමේ කාලය එළඹ තිබෙනවා. ථෙරවාදී බෞද්ධ රටක් ලෙස ලොවට ආදර්ශයක් වන සේ චර්යාධාර්මික අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් තිබෙනවා. "ධීතා භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකො" (නි)