කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාසල් සිසුවා සහ එක්දරු පියා අද (30) බන්ධනාගාරයෙන් මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම් එන් රාල් හක් මහතාට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් දින තුනක් පොලිසියේ රඳවාගෙන පහර දුන් බවට නීතීඥවරුක් මහේස්ත්‍රාත්ට දැන්වීමෙන් පසු ඔවුන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීට යොමු කරන්නැයි මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා සඳුදා (28) නියෝග කළේය.
අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණ මහේස්ත්‍රාත්ට යැවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් ගහන එක නතර කරන්න ඕනි.(හේ)
පවු අසරණ ළමයා.මේ පොලිසියේ අයටත් ඔය වගේ දරුවෝ ඉන්නවා ඇතිනේ.එහෙමවත් හිතුනේ නැද්ද?(හේ)
පාසල් යන දරුවෙකුට ගහන්න පුළුවන්ද? මේ දරුවාට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
ඔය ගමේම මිනිස්සු නේද මේ දරුවා ගැන සැකයි කියලා පොලිසියට කිව්වේ? දැන් පොලිසියට දොස් කියලා වැඩක් නැහැ. එයාලා අරගෙන ගිහින් ශිල්ප දක්වලා කටඋත්තර ගන්න ඇති. පොලිසිය කවදත් එහෙමනේ .... (නි)
ගහන එක වදදීමක් බව නොදන්නවාද? මෙරට තාම වදදීම් පවතිනවා. තුන්වන ලෝකයේ පොලිස් වදදීම් තිබුනට දියුණු රටවල එය සපුරා තහනම්. නොගහා කටඋත්තර ගන්න හැටි ඉගෙනගන්න අපේ අය රට යවලා පුහුණුවක් ලබා දියයුතුයි. පොලිස් වදදීම් නිසා අපට පිටරවල අය හිනාවෙනවා. සැකකරුවෙකුට ගහන එක ලොකු චණ්ඩිකමක් නොවෙයි. මෙයාලා තනිවම ගම්වලට යන්න බයවෙන එක පුදුමයක්ද? පාසල් සිසුවාට සිදුවූ අකටයුත්තට පොලිසිය වන්දි ගෙවිය යුතුයි. මෙලෙස කීප දෙනෙකුට වන්දි ගෙවන්න වුණාම ගැහිලි වලට පෙර දෙවරක් හිතාවි. (නි)
පාසල් සිසුවාට හා පියාට සාධාරණය ඉටුවේවා!
ලංකාවේ තවම තියෙන්නේ පරණ තාලේ පොලිසියක්. වැඩිකල් යන්න කලින් යහපාලනය ඔය වැඩ නවත්වන්න. නීතිය ආරක්ෂා කරන්න මිස නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බලයක් නැතුවාසේම අයිතියකුත් නැහැ කියලයි මම කියන්නේ. (නි)
ලංකාවේ අලුතින් අපරාධකාරයින් බිහිවෙන්න මේ වගේ දේවල් හේතුවෙනවා කියලා මට හිතෙනවා.අහිංසකයින් අපරාධකාරයින් හැටියට හංවඩු ගහන එක වැරදියි (නි)
වෙනත් රටවල පොලිස් නිලධාරීනුත් මිනිසුන්ට ගහන අවස්ථා විදේශ ප්‍රවෘත්ති වලින් දකින්න ලැබෙනවා. අපේ පොලිස් ගැහිල්ල නම් කමකට නැහැ. ඔහේ තඩිබානවා. මේවාට නීති පොතේ කියලා තියෙනවනේ අවම බලය පාවිච්චි කිරීම කියලා. මොකද කරන්නේ? අපි වරදටයි නිවැරැද්දටයි ගුටිකකා ඉමු. (නි)
පොලිසිය කරන්නේ ඒ ගොල්ලන්ගේ රාජකාරිය (නි)
තුන්වැනි ලෝකයේ මේවා ප්‍රසිද්ධ වෙනවා. ඇමරිකාව වගේ රටවල යටගහනවා. ඒකයි වෙනස.... (නි)
සැකකරුවන්ව උපක්‍රමශීලීව ප්‍රශ්න කරන නවීන ක්‍රම ලෝකේ තියෙනවා. ඔවුන්ව මානසිකව උගුලකට අහු කරලා ඔවුන්වත් නොදැනීම තොරතුරු ගන්න පුළුවන්. හැබැයි එකට උගත් බුද්ධිමත් නිලධාරීන් ඉන්න ඕනේ. එක තමයි ප්‍රශ්නේ. (අ)
ගහන්නේ නැතිව අහගන්න ක්‍රමයක් අපේ පොලීසිය දන්නේ නැහැ.(ම)
අනේ මන්දා රටට ගිය කලක්.(හේ)
පොලිසියෙන් ගුටි කාපු අය වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. පව් ඉතින් අර ළමය. (බ)
මෙගොල්ලට උඩ එල්ලලා ගැහුවම පෙර කරපු වෙනත් වැරදි දැන ගන්න පුළුවන්. (ස)
එහෙම ගැහුවා නම් අන්න ඒක වැරදියි (නි)
කිසිම පුද්ගලයෙකුට ශාරීරික හිංසා කිරීම වළක්වන නීති සම්පාදනය කළ යුතුයි.(ම)
අන්තිමට කොන්ඩයත් අමතක කරලා පොලීසිය වැරදි කරු වෙයි වගේ...(හේ)