කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාසල් සිසුවා සහ එක්දරු පියා අද (30) බන්ධනාගාරයෙන් මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම් එන් රාල් හක් මහතාට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් දින තුනක් පොලිසියේ රඳවාගෙන පහර දුන් බවට නීතීඥවරුක් මහේස්ත්‍රාත්ට දැන්වීමෙන් පසු ඔවුන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීට යොමු කරන්නැයි මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා සඳුදා (28) නියෝග කළේය.
අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණ මහේස්ත්‍රාත්ට යැවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පාසල් සිසුවාටයි එක්දරු පියාටයි පොලිසියෙදි ගහලා‘
අමිත් Wednesday, 30 September 2015 12:53 PM
පොලිසියෙන් ගහන එක නතර කරන්න ඕනි.(හේ)
නාමල් Wednesday, 30 September 2015 01:29 PM
පවු අසරණ ළමයා.මේ පොලිසියේ අයටත් ඔය වගේ දරුවෝ ඉන්නවා ඇතිනේ.එහෙමවත් හිතුනේ නැද්ද?(හේ)
ගෞරියෙල් Wednesday, 30 September 2015 02:28 PM
පාසල් යන දරුවෙකුට ගහන්න පුළුවන්ද? මේ දරුවාට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
පිටිගල Wednesday, 30 September 2015 04:43 PM
ඔය ගමේම මිනිස්සු නේද මේ දරුවා ගැන සැකයි කියලා පොලිසියට කිව්වේ? දැන් පොලිසියට දොස් කියලා වැඩක් නැහැ. එයාලා අරගෙන ගිහින් ශිල්ප දක්වලා කටඋත්තර ගන්න ඇති. පොලිසිය කවදත් එහෙමනේ .... (නි)
රන්ජිත් Wednesday, 30 September 2015 04:44 PM
ගහන එක වදදීමක් බව නොදන්නවාද? මෙරට තාම වදදීම් පවතිනවා. තුන්වන ලෝකයේ පොලිස් වදදීම් තිබුනට දියුණු රටවල එය සපුරා තහනම්. නොගහා කටඋත්තර ගන්න හැටි ඉගෙනගන්න අපේ අය රට යවලා පුහුණුවක් ලබා දියයුතුයි. පොලිස් වදදීම් නිසා අපට පිටරවල අය හිනාවෙනවා. සැකකරුවෙකුට ගහන එක ලොකු චණ්ඩිකමක් නොවෙයි. මෙයාලා තනිවම ගම්වලට යන්න බයවෙන එක පුදුමයක්ද? පාසල් සිසුවාට සිදුවූ අකටයුත්තට පොලිසිය වන්දි ගෙවිය යුතුයි. මෙලෙස කීප දෙනෙකුට වන්දි ගෙවන්න වුණාම ගැහිලි වලට පෙර දෙවරක් හිතාවි. (නි)
නිහාල් Wednesday, 30 September 2015 05:07 PM
පාසල් සිසුවාට හා පියාට සාධාරණය ඉටුවේවා!
සත්‍යයා Wednesday, 30 September 2015 10:46 PM
ලංකාවේ තවම තියෙන්නේ පරණ තාලේ පොලිසියක්. වැඩිකල් යන්න කලින් යහපාලනය ඔය වැඩ නවත්වන්න. නීතිය ආරක්ෂා කරන්න මිස නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බලයක් නැතුවාසේම අයිතියකුත් නැහැ කියලයි මම කියන්නේ. (නි)
සමන් Thursday, 01 October 2015 12:31 AM
ලංකාවේ අලුතින් අපරාධකාරයින් බිහිවෙන්න මේ වගේ දේවල් හේතුවෙනවා කියලා මට හිතෙනවා.අහිංසකයින් අපරාධකාරයින් හැටියට හංවඩු ගහන එක වැරදියි (නි)
අජිත් කරුණාරත්න Thursday, 01 October 2015 01:23 AM
වෙනත් රටවල පොලිස් නිලධාරීනුත් මිනිසුන්ට ගහන අවස්ථා විදේශ ප්‍රවෘත්ති වලින් දකින්න ලැබෙනවා. අපේ පොලිස් ගැහිල්ල නම් කමකට නැහැ. ඔහේ තඩිබානවා. මේවාට නීති පොතේ කියලා තියෙනවනේ අවම බලය පාවිච්චි කිරීම කියලා. මොකද කරන්නේ? අපි වරදටයි නිවැරැද්දටයි ගුටිකකා ඉමු. (නි)
සහන් Thursday, 01 October 2015 01:30 AM
පොලිසිය කරන්නේ ඒ ගොල්ලන්ගේ රාජකාරිය (නි)
ලයනල් Thursday, 01 October 2015 02:40 AM
තුන්වැනි ලෝකයේ මේවා ප්‍රසිද්ධ වෙනවා. ඇමරිකාව වගේ රටවල යටගහනවා. ඒකයි වෙනස.... (නි)
නුවරඑළියේ වසන්ත Thursday, 01 October 2015 02:52 AM
සැකකරුවන්ව උපක්‍රමශීලීව ප්‍රශ්න කරන නවීන ක්‍රම ලෝකේ තියෙනවා. ඔවුන්ව මානසිකව උගුලකට අහු කරලා ඔවුන්වත් නොදැනීම තොරතුරු ගන්න පුළුවන්. හැබැයි එකට උගත් බුද්ධිමත් නිලධාරීන් ඉන්න ඕනේ. එක තමයි ප්‍රශ්නේ. (අ)
ධම්ම Wednesday, 30 September 2015 09:59 AM
ගහන්නේ නැතිව අහගන්න ක්‍රමයක් අපේ පොලීසිය දන්නේ නැහැ.(ම)
මනෝජ් Wednesday, 30 September 2015 10:42 AM
අනේ මන්දා රටට ගිය කලක්.(හේ)
ඉමේෂ් Thursday, 01 October 2015 04:05 AM
පොලිසියෙන් ගුටි කාපු අය වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. පව් ඉතින් අර ළමය. (බ)
බණ්ඩා Wednesday, 30 September 2015 11:10 AM
මෙගොල්ලට උඩ එල්ලලා ගැහුවම පෙර කරපු වෙනත් වැරදි දැන ගන්න පුළුවන්. (ස)
ටෙනිසන් Thursday, 01 October 2015 04:42 AM
එහෙම ගැහුවා නම් අන්න ඒක වැරදියි (නි)
සුමනපාල Wednesday, 30 September 2015 11:25 AM
කිසිම පුද්ගලයෙකුට ශාරීරික හිංසා කිරීම වළක්වන නීති සම්පාදනය කළ යුතුයි.(ම)
රුවන් Wednesday, 30 September 2015 11:52 AM
අන්තිමට කොන්ඩයත් අමතක කරලා පොලීසිය වැරදි කරු වෙයි වගේ...(හේ)