IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාසල් සිසුවා නාච්චිමල දිය වළකට බිලි

(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අවිස්සාවේල්ල නුගදණ්ඩ නාච්චිමල ඇලෙහි ගෝනවල නමැති දිය වළක මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය 17 හැවිරිදි වොලිබෝල්  ශූරයෙකු වන පාසල් සිසුවෙකු  දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කහතුඩුව, පොල්ගස්ඕවිට පාලගම පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සහ විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ පන්දු ඔසවන්නා ලෙස කටයුතු කළ ජේ. ඒ. ඩි. සෙව්මින නමැති සිසුවෙකි.

මියගිය සිසුවා තවත් මිතුරන් දස දෙනෙකු සමගින්  කැබ් රථයකින් අදාල දිය වලෙහි දිය නෑමට ගොස් ඇති අතර ඒ අතුරින් මියගිය සිසුවා සහ තවත් මිතුරෙකු එක්වරම දිය වලට පැනීමේදී දෙදෙනාම දිය යටට ගොස් නොපෙනී ගොස් ඇති බවත් සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

.



අදහස් (1)

පාසල් සිසුවා නාච්චිමල දිය වළකට බිලි

ආච්චි Monday, 29 July 2024 12:33 PM

මෝඩකම නිසා මේ රටේ මැරෙන අය අතරේ නෑමට ගිහින් මැරෙන අය අංක එක ගන්නවාට කිසිම සැකයක් නෑ. හැමදාම දියේ ගිලී මැරෙන අය ගැන අහනවා දකිනවා. එහෙම අහද්දී දකිද්දීත් වතුරට පනිනවානේ හැබෑටම. මොකද නාන්න එච්චරම හිඟද? නෑ, ආතල් එක වැඩියිලුනේ එහෙම‌ ගඟේ මූදේ වැවේ ඇලේ ‌දොලේ නාද්දී. නොදරුවෝ නම් මහ මිනිස්සුන්ගේ වරදින් කියන්න පුළුවන්. ඒත් යමක් කමක් තේරෙන අයත් කියන දෙයක් අහන්නේ නෑ නොවැ. අපොයි මෙහෙමත් ජාතියක්!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site