(යොහාන් භාසුර)
ජාතික හැදුනුම්පත් සකස් කිරීම සඳහා පාසල් ඉල්ලුම්කරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගත් ඡායාරූපවල සහ දඩ මුදල් අය කිරීමේ කාලසීමාව ලබන මාර්තු මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.
වයස අවුරුදු 15 ට එළඹි දින සිට අවුරුද්දක් ඇතුළත ඉල්ලුම්පත් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දඩ මුදල් අයකිරීමේ කාලසීමාව මෙසේ දීර්ඝ කළ බව කී ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පාසල් සහ පිරිවෙන්හි විදුහල්පතිවරු සහ පරිවේණාධිපතිවරු සහතික කළ ඉල්ලුම්පත්වලට පමණක් මෙම කාලය දීර්ඝ කිරීම බලපැවැත්වෙන අතර අදාල ඉල්ලුම්පත් මාර්තු මස 31 වැනිදාට පෙර දෙපාර්තමේන්තුවට යොමු කළ බව ද සඳහන් කළේය.
ඡායාරූපවල සහ දඩ මුදල් අයකිරීමේ කාලසීමාව මීට පෙර පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් පාසල්වලින් අඛණ්ඩව කළ ඉල්ලීම් සළකා මෙම දීර්ඝ කිරීම කළ බවත් සපුතන්ත්‍රි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලෙ, කලට වෙලාවට අය්දුම් පත් යොමු කලත් ලැබෙන්නෙ කඩදහියක් පමනයි. මෙයයි සෞභාග්‍යයේ දැක්ම.
2021 සාමාන්‍ය පෙල විහාගයට පෙනි සිටි ලමුන්ගේ හැදුනුම්පත් කෝ......... දඩ සහ බදු පමණක් ද? රාජ්‍ය ආදායම .......?????