
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා මෙන්ම මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් එක්ලක්ෂ දස දහසක මුදලක් ද සමග මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
සතියේ දිනවලදී උදෑසන ත්‍රීරෝද රථයකින් මහරගම ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයකු මත්ලෝලීන්ට අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා බෙදා හරින බවට නුගේගොඩ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 54478 වසන්ත නිලධාරියාට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයන ලද මුදල් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවත් ත්‍රී රෝද රථ රියදුරකු වශයෙන් සේවය කරමින් උදෑසන කාලයේ අසල්වාසීන් ගේ දරුවන් සැකකරුට අයත් ත්‍රීරෝද රථයෙන් මහරගම පන්නිපිටිය ආදී ප්‍රදේශවල පාසල් කරා රැගෙන යාම සිදුකරන බවත් එසේ කරන විට කිසිවකුටත් සැක නොසිතන ආකාරයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් මත් ලෝලීන්ට බෙදා හැර මුදල් උපයා ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා