(අමදෝරැ අමරජීව )

පාසල් නිවාඩුවට ත්‍රිකුණාමල⁣යේ සංචාරකට පැමිණි කරුණැගල මාවතගම වටරැක මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මාබල්බ්ච් මුහුදේ දිය නාද්දි එක් සිසුවකු සැඩ පහරට හසුවි ගසාගෙන ගොස් අතුරැදහන් වි ඇතැයි චිනවරාය පොලිසිය කියයි.

මෙම කණ්ඩායමට සිසුන් 10 ක් සිසුවියන් 12 ක් ගුරුවරයකු හා මව්පියන් තිදෙනකු ඇතුලත් වි ඇති අතර දිය නැමට සිසුන් තිදෙනකු මුහුදට බැස ඇති බව පොලිසිය කියයි.

තිදෙනා සැඩ පහරට හසුවි ගසා ගෙන යද්දී දෙදෙනකු ගුවන් හමුදා ජිවිතාරක්ෂකයන් විසින් බේරාගෙන තිබේ.

මෙලෙස අතුරැදහන් වි ඇත්තේ කුරුණැ⁣ගල,මාවතගම ,ඉගුරැවත්ත පදිංචි වටරැක මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස.(සා.පෙල) විභාගයට පෙනි සිටි බි.ජී.සුදර්ශණ ප්‍රමෝද් සුභසිංහ (17) නැමැති සිසුවාය.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සිසුවා සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර චිනවරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි