අධිකාරියේ පුහුණුව ලබන රියදුරන් යොදවන වාහන පමණක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන ලෙස ජාතික ළමා රක්ෂණ අධිකාරිය යෝනා කරයි.
එම පුහුණුව ලබාගන්නා රියැදුරන්ට සහතිකයක් ලබා දෙන බවත් එකී සහතිකය ඉදිරිපත් කරන වාහන වලට ලියාපදිංචිය ලබාදෙන ලෙසත් එම දෙපාර්තමේන්තුවට යෝජනා කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
පාසැල් වෑන් රථ රියැදුරන් පිළිබදව නිතර නැඟෙන චෝදනා හා පැමිණිලි හේතුවෙන් මෙවැනි වැඩපිළිවෙළක් යෝජනා කළ බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේ දී ඒ පිළිබදව යම් වැඩ පිළිවෙළක් සකසනු ඇතැයි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම හොද තත්වයේ වාහනත් නියම කරන්න ඕනි .වැදගත් ඇදුමක් එක්ක (අ)
හොඳ වැඩක් නමුත් ත්‍රී වීල් මගින් යන ළමා වග කියන්නේ කවුද (බ)
නිවාඩු මාසවල අයකරන ගාන ඉතාම අසාධාරණයි.(ම)
ඉතාම කාලෝචිත අදහසක්. ඒ වගේම පාසල් වැන් වල තත්වය ද නිරතුරු පරික්ෂා කළ යුතු අතර නිවාඩු මාස වල ගාස්තුවෙන් අඩක් ගන්න ලෙස නීති රීති දැම්ම නම් හොද නේද ? අගය කළ යුතු යෝජනාවක් .(ම)
ඉතාම කාලොචිත අදහසක්. සමහරක් පාසැල් වෑන් සහ බස් එලවන හැටි දැක්කම පිස්සු හැදෙනවා. යෝජනාව සම්මත වේවායි පතමි.(හේ)