පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
මියගිය කාන්තාව දවුලගල නිකාංග ප්‍රදේශයේ පදිංචි වයස 62 ක් වු කාන්තාවක් වන අතර අද (11) ලංකාතිලක මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථයක් යැයි සිතා පාසල් සිසුන් ප්‍රවාහන බසයට ගොඩවිමට යාමේදි ඇද වැටි බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් මියගොස් ඇතැයි කියති.
බස් රථයේ රියදුරු දවුලගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේදි මිය ගිය කාන්තාව ලංකාවේ කෙනෙකි මේ දෙදෙනාටම නිවන් සුව පතමි. (බ)
තෙරුවන් සරණ කොහොම වෙතත් යන දරුවන්ටත් අබ සරණයි මෙහෙම රියදුරන්ගෙන් (නි)
මාරාන්තික වැරදීමක් (ම)
හැමදාම මෙවැනි දේවල් අහන්න වෙනවා (බ)
මේ බස් රියදුරන්ට හරිම පුදුම හදිස්සියක්. අඩුගානේ සයිඩ් කන්නාඩිය බලල තිබුනානම් බේරාගන්නවත් තිබුණා (බ)
මෙය ලංකාවේ පමණක් සිදුවෙන දෙයක් නොවෙයි. පසුගිය ජනවාරි 5 වෙනිදා 67 හැවිරිදි කාන්තාවක් ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේදී මගී බස් රථයකට යටවී මියගියා. මේ අයට නිවන්සුව පතන අතරම මෙවැනි දේවල් වලට නීතිය අතටගෙන කටයුතු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. (නි)
මියගිය කාන්තාවට නිවන් සුව පතමු. (නි)
ඛේදජනක පුවතක් (නි)