IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාසල් බසයක් වෙලට පෙරළේ

පානදුර වාද්දුවේ මොරෙන්තුඩුවේදී   පාසැල් බසයක් වෙලකට පෙරලී එම   බසයේ සහයිකාව  මිය ගොස්  එක සිසුවියක්  සුළු තුවාල ලබා ඇතැයි  පොලීසිය කියයි.

මොරොන්තුඩුව ගල්තුඩේ සිට මොරොන්තුඩුව හරහා පානදුර දක්වා පාසල් ළමුන් ගෙනයමින් සිටි මෙම බස්  රථය මොරෝන්තුඩුව පාලම අසන්නයෙදී  මාර්ගයෙන් ඉවතට පැන  පෙරලී ඇත. 

ප්‍රදේශ වාසීන්  විසින් බසය නැවත කෙලින් කොට බසයට යටවී සිටි සහයිකා කත ගොඩ ගත්තද ඇය රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව ගල්තුඩේ රෝහල් අාරංචි මාර්ග කියයි.

 IMG_2648 IMG_2649 IMG_2652 IMG_2654 IMG_2655(1) IMG_2660(1) IMG_2662 IMG_2664

 

 



අදහස් (0)

පාසල් බසයක් වෙලට පෙරළේ

කළණ Friday, 14 November 2014 04:59 AM

අලුත් බස් අරගෙන පාසල් සේවය කරලා ලාබගන්න බැහැ. (නි)

:       0       0

පුබුදු Wednesday, 12 November 2014 12:40 PM

අර වැරදි යැයි කියන ත්‍රීරෝද රථයේ රියදුරා හොයාගෙන දඩුවම් කරන්න ඕනෑ. ඒ වගේම මේ රියදුරු මහත්තයා ගැනත් හොයාබලන්න ඕනෑ. (නි)

:       0       0

රාමා Wednesday, 12 November 2014 04:12 AM

සියලු දෙනාටම ඉක්මන් සුවය පතමි. රියදුරු මහතුන් මීට වැඩ සැලකිලිමත් විය යුතුයි. පාරවල් හදල දුන්නම වේගය පාලනය කරගන්න දන්නේ නෑ (බ)

:       0       0

කින් බෙනට් Wednesday, 12 November 2014 12:56 PM

මට නම් බස් රථයේ කිසිම වරදක් පෙනෙන්නේ නැහැ. බස් එකට බනින්න එපා (නි)

:       0       0

දිලාන් Wednesday, 12 November 2014 04:45 AM

මේ වගේ පරණ බස් ඉවත් කරනම් හරි .විශේෂයෙන් පාසල් සේවයෙන්. පව් අහිංසක ළමයි.(දිල්)

:       0       0

කුමාසන් විජේසිංහ Wednesday, 12 November 2014 01:23 PM

අධාල සහකාරිය මගේ නිවාස ආසන්නයේ පදිංචි කාරියකි. ඇගේ වියෝවෙන් දරුවන් හා අසල්වැසියන් මහත් කම්පාවට පත් වී සිටි. රජය විසින් අලුතෙන් නිපදවන මාර්ග තමන්ගේ හිතුමතේට බාවිතයෙන් වැලකි සිටියේ නම් මෙම අනතුර කිසිවිටකත් සිදුවීමට ඉඩ නොතිබිණි. (නදී)

:       0       0

කුමාෂාන් Wednesday, 12 November 2014 01:23 PM

අදාළ කාන්තාව මගේ නිවාසය ආසන්නයේ පදිංචිකාරියකි. ඇයගේ වියෝවෙන් දරුවන් හා අසල්වැසියන් මහත් කම්පාවට පත් වී සිටී. අලුතෙන් නිපදවන මාර්ග තමන්ගේ හිතුමතයට භාවිතයෙන් වැළකී සිටියේ නම් මෙම අනතුර කිසිවිටෙකත් සිදුවීමට ඉඩ නොතිබිණි (නි)

:       0       0

පෙරේරා Wednesday, 12 November 2014 05:20 AM

බස් රථ රියදුරුගේ වැරද්දක් නැ.... ත්‍රිවිල් කාරයෙක් යූ ටර්න් එකක් ගහල බස් එක එනකොටම...එ්ක බේරන්න ගිහිං බස් එක වෙලට පෙරලිලා තියෙන්නේ (බ)

:       0       0

පෙරේරා Wednesday, 12 November 2014 02:05 PM

පාසැල් බස් වල ක්‍රියාකාරිත්වය ගැන සහ මනා දාවනය ගැන පොලිසිය සොයා බලනවා නම් මෙවැනි අනතුරු සිදුවන්නේ නැහැ. (නදී)

:       0       0

චලන චන්දුසේන රුද්‍රිගෝ Thursday, 13 November 2014 01:53 AM

මේක වෙලා තියෙන්නෙ ත්‍රීරෝද රථයක නොසැළකිලිමත් යූටර්න් ගැසීමක් නිසා බවයි දැනගන්න තිබෙන්නේ. වැරැද්ද කළ කෙනාව හැපෙන්න ඇරියා නම් අහිංසක ජීවිතයක් බේරාගන්න තිබුණා (නි)

:       0       0

මධුක Wednesday, 12 November 2014 06:37 AM

ලංකාවේ දැන් ස්කූල් සර්විස් වලට දාල තියෙන්නේ බේකරියක පාන් අදින්න ගන්න වැන් වලටත් වඩා පරණ ඒවා. ළමයි එච්චරරට වත් වටින්නේ නැති ගානට වැටිලා. බලධාරීහු නිදි. (දී)

:       0       0

සමන්ත Thursday, 13 November 2014 10:49 PM

මෙතන සමහරු නොදැන කතා කරන්නේ. බොරුවට බස් එකට බැනලා වැඩක් නැහැ.ලංකාව කොහොමත් පරණ වාහන පාවිච්චි කරන රටක්. මෙතන බ්‍රෑන්ඩ් නිව් වාහනයකට මේ ත්‍රීරෝද රිය යූ ටර්න් ගැහුවා නම් ඒත් එච්චරයි.රියැදුරු අතේ වැරැද්දක් නැහැ. අනික පුදුම මිනිස්සු තමා මෙතන ඉන්නේ.ත්‍රීරෝද රියේ වැරැද්ද කියලා ඒක හැප්පුවා නම් හොඳයිලු. පාසල් බස් වල ක්‍රියාකාරිත්වය පොලිසිය හොයලා බලන එක හොඳයි.එත් මේ වගේ තැනකදී පොලිසිය මොනවා කරන්නද? ත්‍රීරෝද හින්දා දැන් හරියට මාර්ග අනතුරු. අන්න ඒවා ගැන ටිකක් බැලුවොත් නරකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site