පානදුර වාද්දුවේ මොරෙන්තුඩුවේදී පාසැල් බසයක් වෙලකට පෙරලී එම බසයේ සහයිකාව මිය ගොස් එක සිසුවියක් සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මොරොන්තුඩුව ගල්තුඩේ සිට මොරොන්තුඩුව හරහා පානදුර දක්වා පාසල් ළමුන් ගෙනයමින් සිටි මෙම බස් රථය මොරෝන්තුඩුව පාලම අසන්නයෙදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇත.
ප්‍රදේශ වාසීන් විසින් බසය නැවත කෙලින් කොට බසයට යටවී සිටි සහයිකා කත ගොඩ ගත්තද ඇය රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව ගල්තුඩේ රෝහල් අාරංචි මාර්ග කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් බස් අරගෙන පාසල් සේවය කරලා ලාබගන්න බැහැ. (නි)
අර වැරදි යැයි කියන ත්‍රීරෝද රථයේ රියදුරා හොයාගෙන දඩුවම් කරන්න ඕනෑ. ඒ වගේම මේ රියදුරු මහත්තයා ගැනත් හොයාබලන්න ඕනෑ. (නි)
සියලු දෙනාටම ඉක්මන් සුවය පතමි. රියදුරු මහතුන් මීට වැඩ සැලකිලිමත් විය යුතුයි. පාරවල් හදල දුන්නම වේගය පාලනය කරගන්න දන්නේ නෑ (බ)
මට නම් බස් රථයේ කිසිම වරදක් පෙනෙන්නේ නැහැ. බස් එකට බනින්න එපා (නි)
මේ වගේ පරණ බස් ඉවත් කරනම් හරි .විශේෂයෙන් පාසල් සේවයෙන්. පව් අහිංසක ළමයි.(දිල්)
අධාල සහකාරිය මගේ නිවාස ආසන්නයේ පදිංචි කාරියකි. ඇගේ වියෝවෙන් දරුවන් හා අසල්වැසියන් මහත් කම්පාවට පත් වී සිටි. රජය විසින් අලුතෙන් නිපදවන මාර්ග තමන්ගේ හිතුමතේට බාවිතයෙන් වැලකි සිටියේ නම් මෙම අනතුර කිසිවිටකත් සිදුවීමට ඉඩ නොතිබිණි. (නදී)
අදාළ කාන්තාව මගේ නිවාසය ආසන්නයේ පදිංචිකාරියකි. ඇයගේ වියෝවෙන් දරුවන් හා අසල්වැසියන් මහත් කම්පාවට පත් වී සිටී. අලුතෙන් නිපදවන මාර්ග තමන්ගේ හිතුමතයට භාවිතයෙන් වැළකී සිටියේ නම් මෙම අනතුර කිසිවිටෙකත් සිදුවීමට ඉඩ නොතිබිණි (නි)
බස් රථ රියදුරුගේ වැරද්දක් නැ.... ත්‍රිවිල් කාරයෙක් යූ ටර්න් එකක් ගහල බස් එක එනකොටම...එ්ක බේරන්න ගිහිං බස් එක වෙලට පෙරලිලා තියෙන්නේ (බ)
පාසැල් බස් වල ක්‍රියාකාරිත්වය ගැන සහ මනා දාවනය ගැන පොලිසිය සොයා බලනවා නම් මෙවැනි අනතුරු සිදුවන්නේ නැහැ. (නදී)
මේක වෙලා තියෙන්නෙ ත්‍රීරෝද රථයක නොසැළකිලිමත් යූටර්න් ගැසීමක් නිසා බවයි දැනගන්න තිබෙන්නේ. වැරැද්ද කළ කෙනාව හැපෙන්න ඇරියා නම් අහිංසක ජීවිතයක් බේරාගන්න තිබුණා (නි)
ලංකාවේ දැන් ස්කූල් සර්විස් වලට දාල තියෙන්නේ බේකරියක පාන් අදින්න ගන්න වැන් වලටත් වඩා පරණ ඒවා. ළමයි එච්චරරට වත් වටින්නේ නැති ගානට වැටිලා. බලධාරීහු නිදි. (දී)
මෙතන සමහරු නොදැන කතා කරන්නේ. බොරුවට බස් එකට බැනලා වැඩක් නැහැ.ලංකාව කොහොමත් පරණ වාහන පාවිච්චි කරන රටක්. මෙතන බ්‍රෑන්ඩ් නිව් වාහනයකට මේ ත්‍රීරෝද රිය යූ ටර්න් ගැහුවා නම් ඒත් එච්චරයි.රියැදුරු අතේ වැරැද්දක් නැහැ. අනික පුදුම මිනිස්සු තමා මෙතන ඉන්නේ.ත්‍රීරෝද රියේ වැරැද්ද කියලා ඒක හැප්පුවා නම් හොඳයිලු. පාසල් බස් වල ක්‍රියාකාරිත්වය පොලිසිය හොයලා බලන එක හොඳයි.එත් මේ වගේ තැනකදී පොලිසිය මොනවා කරන්නද? ත්‍රීරෝද හින්දා දැන් හරියට මාර්ග අනතුරු. අන්න ඒවා ගැන ටිකක් බැලුවොත් නරකද? (නි)