මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ පිරිසක් මාතර වැල්ල මඩම පාර අවහිර කරමින් අද (23) උද්ඝෝෂණයක් ඇරඹූහ.
උද්ඝෙෘ්ෂකයෝ හදිසි ලෙඩුන් ගෙන යන ගිලන් රථ පවා අවහිර කළහ.
මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ පිරිසක් මාතර වැල්ල මඩම පාර අවහිර කරමින් අද (23) උද්ඝෝෂණයක් ඇරඹූහ.
උද්ඝෙෘ්ෂකයෝ හදිසි ලෙඩුන් ගෙන යන ගිලන් රථ පවා අවහිර කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලන් රථ අවහිර කරලා මොනවද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ? මහාමාර්ග අවහිර කරන එක විලාසිතාවක් අපේ අයට. ආණ්ඩුව සහ පොලීසිය මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුය (නි)
පාර අවහිර කරමින් කරන උද්ඝෝෂණ ඉතාමත් අසාධාරණයි. ප්‍රශ්නයකට සාධාරණ විසඳුමක් ඉල්ලමින් අසාධාරණ දේවල් නොකළ යුතුයි. ආණ්ඩුව සහ පොලීසිය මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)
උද්දික, ඔබ හරි. හැබැයි අපි ඔහොම හිතුවට පාරවල් අවහිර කරලා මහජනතාවට කරදර කරලා හරි ඉල්ලීම් දිනාගන්න එක හරි කියලා හිතන පිරිසකුත් ඉන්නවා. බලන්නකො මේ ප්‍රවෘත්තියටම ඉස්සරහට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. (නි)
ලංකාවේ මිනිස්සු මෙච්චර ම්ලේච්ඡයි කියලා දැනගත්තේ අද. (නි)
මෙවැනි තත්වයට. මිනිසුන් වැටෙන්නේ ඒ අයගේ දුප්පත් අසරණකමට. ඒ මිනිසුන්. වෙනුවෙන් වෙන් කරන. මුදල්. ප්‍රභූලා හොරෙන් කනවා. ,ඊට පසු මේ මිනිසුන්ට කාගේ පිහිටක්ද (බ)
මහින්ද රාජපක්ෂ නම ගෑවුණොත් ප්‍රශ්නයක් වගේ මේ දවස් වල. (නි)
ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න කැපවුණ දොස්තරලා රෝහල් පිටින් රෝගීන්ව පරදුවට තියලා තමුන්ගේ අවශ්‍යතා කරගන්න රටේ, මේ මිනිස්සු තමුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ගිලන් රථයක් අවහිර කරන එක පුදුමයක් නෙමෙයි (නි)
මොවුන්ට දඬුවම් කරන්න. අර ගිලන් රථයේ ඉන්න ලෙඩාට අනතුරක් වුණා නම්? (නි)
ඕනෑදේටයි එපාදේටයි හැමදේකටම පාරට බහිනවා. මේවට නිසි දඬුවම් දෙන්න ඕනෑ (නි)
උද්ඝෝෂණය කරනවා කියලා අනිත් අයට හිරිහැරවෙන විදියට සහ අන් අයගේ අයිතිවාසිකම් සහ නිදහසට බාධාවෙන විදියට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මහාමාර්ගය හරස් කරගෙන උද්ඝෝෂණය කරන අයගේ කවුරුහරි ඥාතියෙකු, මවක, බිරිඳ හෝ දරුවකු ඔය මාර්ගය ඔස්සේ හදිසියේ රෝගීවෙලා ගෙන ගියා නම් ඔවුන් බාධා කරයිද? කීයටවත් නැහැ. කිසිම හිතක් පපුවක් නැති අය (නි)
පාර අවහිර කරන එක සාධාරණයි කියලා කියන්නේ නැහැ. නමුත් මේ විදුහල්පතිවරයා ළමුන්ගේ ජීවිත එක්ක කරන සෙල්ලම ඉතාම භයානකයි නේද? අදහස් ප්‍රකාශ කරනවිට ගැටලුව ගැනත් දැනගැනීම වඩාත් උචිතයි නේද? (නි)
මේවා සම්පුර්ණ වැරදි වැඩ. මේවා පසුපස දේශපාලන හස්තයන් ඇති. අපි මෙවන් නුසුදුසු කටයුතු හෙළාදකිමු (නි)
මෙතන තියෙන්නේ නීතිවිරෝධී රැස්විමක්. මෙය විසුරුවා හැරීමට පොලිසියට බලය තිබෙනවා නේද? (නි)
දැක්කා නොදැක්කා මෙහෙමත් මිනිස්සු නොදැක්කා. මෝඩ උගත් පිරිසක් (නි)
මීට වසර විසිපහකට විතර පෙර චීනයේ එවකට පීකිං නගරයේ 'ටියානන්මාන්' චතුරශ්‍රයේ තිබුණු උද්ඝෝෂණයට වෙච්ච දේ අපේ මිනිසුන්ටත් යන්තමට හරි මතක් කරලා දුන්නා නම් ජීවිතේට කවදාවත් කිසිවෙකුට හිරිහැර වෙන විදියට උද්ඝෝෂණ කරන්නේ නැහැ. අපේ රටේ යහපාලනය නිසා ලැබී තිබෙන නිදහස පාවිච්චි කරන්න නොදන්නා පිරිස වැඩියි. (නි)
නිදහස අසීමිත වුණාමත් එයින් ලැබෙන පලවිපාකත් උපරිමයි. හැබැයි පසුගිය රජය සමයේ මෙහෙම උද්ඝෝෂකයෝ හා උද්ඝෝෂණ දකින්න ලැබුනේ නැතිතරම්. බලන්න ඒකෙත් වෙනස නේද? (නි)
උද්ඝෝෂණ ප්‍රංශයේ වගේ තහනම් කළයුතුයි. දැඩිනිති පනවන කටයුත්ත රජයේ දැඩි වගකීමක් බව මම තරයේ විශ්වාස කරමි. ඉදිරියේදී මොන රජයක් රට පාලනය කළත් එය පොදු නීතියක් වියයුතු වේ (නි)
මොන හේතුවකටවත් ගිලන් රථ අවහිර කිරීම අනුමත කරන්න බැහැ (නි)
මේ පාරවල් වහන විලාසිතාව මුළු රටපුරාම තහනම් කරන උසාවි නියෝගයක් ගෙනෙන්න ඕනෑ. සියලුම මාර්ග සේවය අතිවශ්‍ය ස්ථාන ලෙස නම් කරන්න ඕනෑ. මහජනයාට හිරිහැර නොවන විදියට තිබිය යුතුයි. සුළු කොටසකගේ ප්‍රශ්න මුළු රටේම ප්‍රශ්න නොවේ. (නි)
මෙවැනි ආකාරයෙන් ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය කඩාකප්පල් කිරීම සාධාරණද, අසාධාරණද ප්‍රශ්න කිරීමට වඩා වැදගත් වෙන්නේ මුල් අවස්ථාවේදීම මෙවැනි දෑ ඇතිවීමට හේතු කාරණා සොයාබලා උද්ඝෝෂණය ආදියට මිනිසුන් තල්ලු නොකරන තත්වයට බලධාරීන් සොයාබලා කටයුතු කිරීමයි (නි)
දැන් උද්ඝෝෂණ ශ්‍රී ලංකාවේ... ස්ටයිල් එකක්... වෙලා ඉදිරියේදී අබු සැමි අරගලය කටත් පාරවල් වහලා උද්ඝෝෂණ කරාවි මේවාට නීති දැන් ඉතා දැඩි අවශ්‍ය තාවයක් උද්ගත වී ඇත. (ම)
හැම දාමත් කියනවා වගේ අසරණ මිනිස්සු තමයි දුක් විඳින්නේ. මේ හැම එකක්ම පිටුපස දේශපාලනය තියෙනවා ඒ නිසා පොලිසියත් බයයි. (බ)
රට පාලනයක් නැති නැවක් වගේ (බ)
මේ පාසලට එන්නේ දෙවුන්දර, වැල්ලමඩම, කොට්ටෙගොඩ පැතිවල ළමයි. වැඩිපුරම ළමයින් මේ පාසලට දැම්මේ මහරජතුමාට කඩේ ගිය අයගේ. මේ පැතිවල ඉන්න මිනිස්සු හැමදේටම ගන්නේ මාළු මන්නය (නි)
මාර්ග අව්හිර කරන්නේ අවදානය ලබාගන්න සහ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් ලබන්න වුනාට පාරේ යන මිනිස්සු මේවාට වගකියන්න උවමනාද ? (ම)
මෙහෙම ගියෙත් අපිට හෙලිකොප්ටර් වලින් තමයි ගමන් බිමන් යන්නවෙන්නේ (ම)
ගිලන්රථ වලට යන්න නොදුන්න එකනම් අනුමත කරන්න බැහැ. (ර)
මිනිස්සු පාර්ලිමේන්තුව, ඇමැතිලාගේ ගෙවල් අමාත්‍යංශ අවහිර කරගෙන උද්ගෝෂණ කරන්නේ නැත්තේ ඇයි හැබෑට? ඒක ඔයිට වඩා ප්‍රායෝගික නැද්ද? නැත්නම් බයද? (ර)
ඉතාමත් කනගාටු දායක තත්වයක් මිනිස්සු මෙච්චර පහත් තත්වයකට වැටෙන්න හොද නැහැ. (ර)
මේවා සංවිදානය කරන අයගේ මෝඩකම. කලාප අද්‍යාපන කාර්යාලය වටලන්න ඕන දේ වෙන්නේ නැත්නම්. අමාරු ලෙඩෙකුටවත්, දුර පළාතක ඉදලා එන කෙනෙකුටවත් මේ ප්‍රශ්නය අදාලත් නැහැ. (ර)