
(චාන්දනී දිසානායක)
කුරුණෑගල බෝගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ එළිමහන් පන්ති කාමරය තුළ නයි පැටව් 30 ක් සමග හැපින්නන් තිදෙනකු සහ නයි බිත්තර 55 ක් ඉවත් කිරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් කටයුතු කළහ.
පාසල් දරුවන් දෙදහක් පමණ අධ්‍යාපනය ලබන බෝගමුව මධ්‍යම හා විද්‍යාලයේ එක වසර සිට 13 වසර දක්වා දරුවන් 153 දෙනකු වර්තමානයේ අධ්‍යාපනය ලබන අතර , විද්‍යාලයේ නව පරිපාලකවරයා ලෙස විදුහල්පති ටී.පී.එස්.එස් කුමාර පතිරණ මහතා පසුගිය ජුනි 27 දින වැඩබාර ගැනීමෙන් පසු ගුරුවරුන් සහ දරුවන් ගෙන් එළිමහන් පන්ති කාමරය තුළට නයකු එන බවට ලද තොරතුරුවලට අනුව සොයා බැලීමේ දී මෙම නයි පැටවුන් සහ හැපින්නන් හමව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් අලුත් විදුහල්පතිතුමා නිසා ලමයින්ගෙ ජීවිත බේරුනා. එතුමාට අපගේ ප්‍රණාමය.
කොලබ ලොකු ඉස්කෝල එක්ක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න...
ළමයි දෙදාහක්... 1-13 වසර දක්වා ළමයි?
නව විදුහල්පති පතිරණ මහතා පැමිණෙන්නට පෙර හිටපු විදුහල්පතිට මේ ගැන පැමිණිලි කළේ නැද්ද? පැමිණිලි කලත්ඔ හු ඒ පැමිණිල්ල නොසලකා හැරියද ? කොහොම උනත්, දරුවන්ගේ ජීවිත මෙන්ම සර්ප පැටවුන්ගේ ජීවිතත් ආරක්ෂා කිරීමට ලැබීම හොඳ දෙයක්. පතිරණ විදුහල්පතිතුමාගේ ඉක්මන් ප්‍රතිචාරය දෙමව්පියන් ඇතුළු සියළු දෙනාගේම ප්‍රශංසාවට සහ ඇගයීමට ලක්විය යුතුයි.
එක වසරේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන දරුවො 153 ක් සිටින මධ්‍ය මහා විද්‍යාලයේ අලුත් විදුහල්පතිගේ වැඩ භාරගැනීම සමග නයි පැටව් සමග හැපින්නකුත් ඇවිල්ල
මේ එල්මහන් පන්ති කාමරයක්ද නැතිනම්... ගව මඩුවක්ද මේ වගේ තැන්වල. නයි පොළඟු ඉන්න එක පුදුමයක්. නොවේ නාකි මයිනා දිවයින පුරාම ගොබ්බයින්ට සැප ගන්න බන්ගලා හැදුවා මිසක්... පාසල් දියුණු කෙරුවේ නැහැ. මයිනා පැටව් ඉගෙන ගත්තේ නැති නිසා. නාකිමයිනානේ පැටවුන්ට සහතික උසස්වීම් මේ සේරම ලබා දුන්නේ. නාකි මයිනාගේ බලය පාවිච්චි කරන් දැන්නම් අකුලාගන කටවහ ගන්න. මේ වගේ හොර වැඩවලට දඬුවම් ලැබෙන බයට...