IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් දරුවන් උද්ඝෝෂණයට ඇද්දොත් විදුහල්පති අත්අඩංගුවට

නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය විද්‍යාලයයේ සහ නොච්චියාගම බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයයේ සිසුන් ලවා මහජන පීඩා ඇතිවරන පරිදි උද්ඝෝෂණවලට කරවුවහොත් එම විද්‍යාලවල විදුහල්පතිවරුන් සහ ඊට අනුබල දෙන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් බුද්ධික ලෙවිකේ බණ්ඩාර මහතා නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් පී එදිරිසිංහ මහතාට නියෝග කළේය.

නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහා විද්‍යාලයයට අලුතින් පත් කළ විදුහල්පතිට විරෝධය පා පසුගිය දිනවල උද්ඝෝෂණ පැවැත්විණි.



අදහස් (0)

පාසල් දරුවන් උද්ඝෝෂණයට ඇද්දොත් විදුහල්පති අත්අඩංගුවට

මුණසිංහ Thursday, 07 April 2016 04:49 AM

හොදට වැඩ කරන විදුහල්පතිවරු යවන්න මොන ළමයිද?දෙමවුපියන්ද? කැමති වෙන්නේ. විදුහල්පති නරක නම් මෙයාල කියුවත් පාරට බහීද? විදුහල්පතිවරුන්ට වරද්ද පටවන්න එපා.(ම)

:       0       0

සුජීව Wednesday, 06 April 2016 09:07 AM

අපේ රටේ තියෙන අධ්‍යාපන අර්බුදයට එක හේතුවක් තමයි විදුහල්පතිවරු සතුව තිබෙන අසීමිත බලතල. පාලකයින් තමන්ගේ නොහැකියාව වහගන්න විදුහල්පතිවරුන්ට අසීමිත බලතල දීල. සමහර විදුහල්පතිවරු කෘෘර එ්කාධිපතියෝ වගේ ළමයින්ව සහ දෙමවුපියන්ව පීඩාවට පත් කරනවා. නිට්ටඹුවේ ජනප්‍රිය පාසලක විදුහල්පති හාමුදුරු නමක් ළමයින්ගේ අත් ඔරලෝසු ගලවල ගිනිතිබ්බා.මෙහෙම කරන්න ඒ අයට බලයක් තියෙනවද.පාසල් වල නිල ඇඳුමේ ප්‍රමිතිය තීරණය වෙන්නේ විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික මනාපයට අනුව.(බ)

:       0       0

දසුන් Wednesday, 06 April 2016 11:52 AM

පාසල්වල විනය පිරිහීමට ප්‍රධාන හේතුව තමයි පාසල් පළාත් සභා යටතට පත්කිරීම.කලින් දෙතුන් දෙනෙක් ඇගිළි ගහපු පාසල්වලට දැන් පළාත් සභා මන්තිවරු 25ක් 30ක් ඇගිළි ගහනවා.(හේ)

:       0       0

රොකී Thursday, 07 April 2016 02:48 AM

දසුන්, මේ පළාත් මන්ත්‍රීවරුන් කියන්නේ නිකන් පරපෝෂිත රැලක්. ඔවුන්ට වෙන කරන්න දෙයක් නැහැ. දේශපාලනය නිසා රජයේ ආයතනවල පරිපාලනය පරිහානියට ගිහින්. (නි)

:       0       0

උපාලි Wednesday, 06 April 2016 07:35 AM

ඉස්කෝලෙකට විදුහල්පති කෙනෙකුව අලුතින් යවන්න බැරි තත්වයක් අමාත්‍යංශයට දැන් උදා වෙලා තියෙන්නේ. ආදී ශිෂ්‍ය සංගම් කාරයොයි විදුහල්පතිවරුනුයි එකතුවෙලා කරන මගදී වැඩ නවතිනවට බයයි. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site