නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය විද්‍යාලයයේ සහ නොච්චියාගම බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයයේ සිසුන් ලවා මහජන පීඩා ඇතිවරන පරිදි උද්ඝෝෂණවලට කරවුවහොත් එම විද්‍යාලවල විදුහල්පතිවරුන් සහ ඊට අනුබල දෙන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් බුද්ධික ලෙවිකේ බණ්ඩාර මහතා නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් පී එදිරිසිංහ මහතාට නියෝග කළේය.
නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහා විද්‍යාලයයට අලුතින් පත් කළ විදුහල්පතිට විරෝධය පා පසුගිය දිනවල උද්ඝෝෂණ පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට වැඩ කරන විදුහල්පතිවරු යවන්න මොන ළමයිද?දෙමවුපියන්ද? කැමති වෙන්නේ. විදුහල්පති නරක නම් මෙයාල කියුවත් පාරට බහීද? විදුහල්පතිවරුන්ට වරද්ද පටවන්න එපා.(ම)
අපේ රටේ තියෙන අධ්‍යාපන අර්බුදයට එක හේතුවක් තමයි විදුහල්පතිවරු සතුව තිබෙන අසීමිත බලතල. පාලකයින් තමන්ගේ නොහැකියාව වහගන්න විදුහල්පතිවරුන්ට අසීමිත බලතල දීල. සමහර විදුහල්පතිවරු කෘෘර එ්කාධිපතියෝ වගේ ළමයින්ව සහ දෙමවුපියන්ව පීඩාවට පත් කරනවා. නිට්ටඹුවේ ජනප්‍රිය පාසලක විදුහල්පති හාමුදුරු නමක් ළමයින්ගේ අත් ඔරලෝසු ගලවල ගිනිතිබ්බා.මෙහෙම කරන්න ඒ අයට බලයක් තියෙනවද.පාසල් වල නිල ඇඳුමේ ප්‍රමිතිය තීරණය වෙන්නේ විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික මනාපයට අනුව.(බ)
පාසල්වල විනය පිරිහීමට ප්‍රධාන හේතුව තමයි පාසල් පළාත් සභා යටතට පත්කිරීම.කලින් දෙතුන් දෙනෙක් ඇගිළි ගහපු පාසල්වලට දැන් පළාත් සභා මන්තිවරු 25ක් 30ක් ඇගිළි ගහනවා.(හේ)
දසුන්, මේ පළාත් මන්ත්‍රීවරුන් කියන්නේ නිකන් පරපෝෂිත රැලක්. ඔවුන්ට වෙන කරන්න දෙයක් නැහැ. දේශපාලනය නිසා රජයේ ආයතනවල පරිපාලනය පරිහානියට ගිහින්. (නි)
ඉස්කෝලෙකට විදුහල්පති කෙනෙකුව අලුතින් යවන්න බැරි තත්වයක් අමාත්‍යංශයට දැන් උදා වෙලා තියෙන්නේ. ආදී ශිෂ්‍ය සංගම් කාරයොයි විදුහල්පතිවරුනුයි එකතුවෙලා කරන මගදී වැඩ නවතිනවට බයයි. (කෞ)