කොළඹ අශෝක විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව පැවැති උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට එම විරෝධය නිම වීමෙන් පසු විද්‍යාලයයේ සිටි පිරිසක් පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
අශෝක විද්‍යාලයයේ පරිපාලනයට එරෙහි වූ ගුරුවරුන් 25ක් පමණ මේ වන විට ස්ථාන මාරු කර ඇති බවත්, තවත් ගුරුවරුන් තිස් ගණනක් තමනට ද ස්ථාන මාරු ඉල්ලා අද කලාප අධ්‍යාපන කාර්යාලයට ගිය බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
කාලයක සිට පවතින ගැටළුවට විසඳුමක් ලබා නොදීම නිසා සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වී ඇති බවත්, ඊට බලධාරීන් වගකිව යුතු බවත් ස්ටාලින් මහතා පවසයි.
මේ ගැන විමසීමට පළාත් අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම්ම ගහන එකක් නෑ වැරැද්දක් තියෙන්න ඇති.(නදී)
රටක් නිවැරිදි මගට ගැනීමට හැකියාව ඇති මාධ්‍ය වේදීන්ට පහර දීම කවුරුන් කලද නින්දිත ක්‍රියාවකි. මාධ්‍ය වේදියකුට පහරදීමක් යනු ජනතාවගෙන් වසන් කලයුතු සත්‍යයක් එතන ඇති බවට දෙන සාක්ෂියකි. මෙම තත්වය රට තුල නිර්මාණය කළ සියලු දෙනා මෙයට වගකිව යුතුය.(නදී)
ලස්සනට තිබුණ අපේ පාසලේ නමටත් මෙය කැළලක්... (නි)
අසෝකයේ ඉගෙනුම් ලබන ශිෂ්‍යයෙකු වශයෙන් මම හා අපි සැවොම කියන්නේ අපේ ඉගනීම දැනටමත් කඩාකප්පල් වී ඇති බවත් පරිපාලනය තමන්ට ඕනේ දේ තමන් කරගන්න බවත් ගුරු ගෞරවය නැති වී යන බවත්ය...(නදී)
සිරසක් නැති උන් රජයන සමයක වෙන කුමක් බලාපොරොත්තු වෙමුද? (නදී)
මාධ්‍ය වේදීන්ට පහර දෙන වැඩ මෙරටට පුරුදු කලේ කවුද කියල දන්නවනේ. (ස)
නීතිය බල්ලට ගියාද නැතිනම් නීතියට බල්ල ගියාද? (ස)
ලුම්බිණි, වැරැද්ද කවුරු කළත් වැරදියි. (නි)