පුත්තලම ඇන්ඩෘ විද්‍යාලයයෙන් සොයා ගත් ඡන්ද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණන් කිරීම අද සවස 5.10 ට පමණ අවසන් විය.
එම ඡන්ද පෙට්ටි දෙකකට දමා තිබිණි.
මුල් පෙට්ටියේ ඡන්ද 3893ක් තිබිණි. එම පෙට්ටියේ ඡන්ද පත්‍රිකා 61ක් ඉරී තිබිණි. දෙවැනි පෙට්ටියේ ඡන්ද 2493ක් තිබුණු අතර එහි නරක් වූ ඡන්ද ප්‍රමාණය 17කි.
අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ද ඡන්දය ගණන් කරන අවස්ථාවේ සිටියහ.
ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඡන්ද ගණන් කැරිණි. ලබන නව වැනිදා මේ නඩුව දිසානායක මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යයා, අහලා තියෙනවද විෂම චක්‍රය කියලා දෙයක්. ඒ කියන්නේ යම් යම් දේවල් දාමයක් වගේ සම්බන්ධ වෙලා සිදුවෙනකොට ඒක උග්‍ර තත්වෙට එනවා කියන එකයි. හරියට, මෝඩකමට උද්දච්චකමත් එකතුවුණාම එකිනෙකේ බලපෑමෙන් තත්වය උග්‍ර වෙනවා වගේ. (නි)
සත්‍ය නමක් ගමක් සදහන් නොකළාට මොකද වදින්න ඕනෑ තැනට වැදිලා තියනවා රිදෙන්නම. (නි)
අනේ මහත්යෝ අර කොමසාරිස් මහත්යා කිව්වා නේ ඔප්පු කරොත් අස්වෙනවා කිව්වා දැන් කොහමද (අ)
වැද්ද කව්ද කියල අපි දැක්ක මිට ඉස්සෙල්ල මේ ගැන දාපු අදහස් වලින්ම. දැන් කට උත්තර නැති නිසා අනිත් මිනිස්සුන්ට වන්නිලා ඇත්තෝ කියා කියා ඉන්න.(අ)
දැන් මේ ප්‍රතිපල වලින් අලුත් ඇමති කෙනෙක් මේ පැත්තට පත් කරමුද මාමේ? (නි)
බන්දුල පෙරේරයි අපේ විප... නායක තුමයි එක වගේ. ලැජ්ජාවක් කියන නාමයක් ගෑවිලවත් නැහැ. කට ඇරියොත් හත්පොලේ ගා ගන්නවා (දී)
මේවා අර පැරදුන සමාජිකයන්ගේද? (නි)
බන්දුල පෙරේරාට උත්තර දෙන්න පුලුවන් වුණත් එයාට ඒවා තේරුම් ගන්න බැහැනේ (නි)
ඡන්දෙට පෙර අපේ රටේ සිදුවෙන මැතිවරණ නීතිරීති උල්ලංඝනය වීම් බලද්දී, හරියට ගැනලා ප්‍රථිපල කිව්වා කියලා සාධාරණ ඡන්දයක් වෙන්නේ නැහැ. (නි)
අධිකරණයෙන් මේ පත්‍රිකා ගණනය කරපු පත්‍රිකා බව සනාථ කර ගන්න සිදුකරන ක්‍රියාමාර්ගය දැකලා තියෙන්නේ ආයෙත් ඡන්ද පෙට්ටි ගණන් කරනවා වගේ.මොනවා කියන්නද ඉතින් ..කිව්වට තේරෙන එකක්යෑ? (නි)
සම්පත් මෙච්චර තාක්ෂනය දියුණු ජෙර්මනියේ ගියසතියේ තිබුන මහා මැතිවරනයේදීත් පවිච්චිකලේ කඩදාසි චන්ධ පත්‍රිකා , වැරැද්ද තිබෙන්නේ කඩදාසියේ නෙවෙයි දුර්වල නිලධාරීන්ගේ , මෙවැනි සරල කඩදාසි ඡන්ද පත්‍රිකා වලින් වැඩ කරන්න බැරි නිලධාරීන් කොහොමද සංකීර්ණ කොම්පුටර් තාක්ෂණයත් එක්ක වැඩ කරන්නේ ? (අ)
ජසීම්, මොනවද ඔප්පු වෙලා තියෙන්නේ? "ඔප්පුවෙනවා" කියන එකේ තේරුමවත් දන්නවද? මේවා ගනන් කරලා අවසන් වුනු නිකම් කොළ කැබලි ගොඩක්. ඒ බව උසාවියෙන් නිගමනය වුනාම තේරෙයි. (නි)
නියමානුකුලව පළාත් තුනක පළාත් සබා ඡන්දයක්වත් පවත්වන්න බැරිනම් , අඩුම ගන්නේ වරදකළ නිළධාරියාවත් සොයාගන්න බැරිනම් , මාස්පතා පඩි , වාහන ඉන්ධන ඇතුළු දීමනා ගෙවමින් මහජන මුදලින් මොවුන් නඩත්තු කිරීමෙන් ඇති පලය කුමක්ද? කොමසාරිස්තුමා වහාම මේ වරද කළ නිලධාරියා සොයා විනය පරීක්ෂණයක් තබා දඩුවම් දෙන්න. (නි)
ප්‍රශ්ණය තියෙන්නේ මෙම හයදහස් ගනනේ නොවෙයි. ඔය වගේ මලු කීයක් එහා මෙහා ගියාද කියන එකයි. පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ ඒ පිළිබඳවයි. (නි)
එතකොට මේක අවසන් ප්‍රතිපලයට බලපාන්නේ නැද්ද? මේවායේ මනාප කාටද? වගකිවයුත්තන්ට දෙන දඬුවම මොකක්ද? අතපසුවීමක් කියන එක බොළඳ උත්තරයක් බව ගණන් කරන ස්ථානයකට දවසක් හරි ගිය අය දන්නවා. නිලධාරීන් අපරාදේ දඬුවම් නොවිඳ මේක පිටුපස ඉන්න දේශපාලකයාගේ නම හෙළිදරව් කරනවා නම් තමයි හොඳ. කොහොමටත් මේ නිසා ජනතාවගේ ඡන්ද ගැන විශ්වාසයට වුනු හානිය බොහොම බරපතලයි. (නි)
ඡන්දපොලේ ගණන් ගැනීමේ කටයුතු කළේ සීඅයිඩී නිලධාරීන් බව අනාවරනයවී තිබුනු බව කාටත් අමතකයි වගේ? පළමුව සොයන්න ඕනෑ ඒ පිළිබඳවයි. (නි)
මෙන්න ලංකාවේ ඡන්ද පවත්වන හැටි. මේවට කව්ද වග කියන්නේ? (නි)
පැරදුන එකටත් කරන්න දෙයක් එපැයි. (නි)
මේක නම් අත්වැරැද්දක් වෙන්න බැහැ. සියලු වගකිව යුතු නිලධාරින්ව ගෙදර යැවිය යුතුයි. මුළු ඡන්ද ක්‍රමයම හෑල්ලුවට ලක්වෙලා. (නි)
අපිට වැඩිය දුප්පත් රටවල තාක්ෂණ උපකරණ පාවිච්චි කරද්දී අපි තවම මුදල් කාලය නාස්තිකරන සම්ප්‍රදායික පරණ දේ පාවිච්චි කරනවා.ලංකාවෙත් හොද තාක්ෂණ උපකරණ පාවිච්චි කළොත් මේ වගේ ගැටුම් අවම වේවි.මොකද අපේ රටේ කරන නාස්ති වලින් මෙවැනි දේවලට වියදම් කළොත් කවදාහරි රටටමනේ ඉතිරි වෙන්නේ. (නි)
තීන්දුව දෙන්න කොච්චර කල් යයිද? (නි)
අවශ්‍ය කට්ටිය දැන් තේරිලා පත්වෙලා ඉන්නේ.මේවායින් වැඩක් වෙන්නේ නැහැ.නිලධාරීන්ගේ වරදක් නෙමෙයි , කාගේහරි සැලසුමක් (නි)
අමිල, තීන්දුව දෙනකොට පළාත් සබාව විසිරුවන්න කාලය ළඟ වෙයි වගේ. (නි)
90% දෙනා සත්‍ය දකිනකොට නිවටකම නමැති කඩතුරාවෙන් දෑස් බැඳගත් දෙදෙනෙක් මේ කරලියේ නිතරම නිරුවත් රංගනයක යෙදී සිටින බව පේනවා. අහෝ දෙව්දත් නොදුටු මොක් පුර මෙන් මොවුන් දෙදෙනාද කිසිදාක සත්‍ය දකින්නේ නැහැ. (නි)
මේ රටේ තාමත් මෙහෙම දේවල් වෙන එක ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා (දී )
රිස්වාන්, ඔයා කොහේද හිටියේ? (නි)
කවුද මේ වැඩේ කළ පුත්තලම් මහත්තයා? (නි)
ඉතින් ඉතින් සත්‍ය මහත්තයෝ.. වැලිවෙරියෙන් අතුරුදන් වුනු අයට මක්කැයි උනේ..මල මිනී උතුරු වෙරළෙන් ගොඩ ගැහුවලු නේද..? සත්‍ය දන්නා දේවල් අම්මප.....(නදී)
අනේ සත්යෝ, කාටද කියන්නේ..වැලිවේරියේ මිනිස්සු අතුරුදන් කරලා එම මිනී උතුරට පා කරවපු සත්‍ය නම් කවදාවත් මොක් පුර දකින් නැති බව අපි දන්නවා. දැන් සත්‍ය හදන්නේ පුත්තලම් බුරුවොත් එක්ක එකතු වෙලා මේ අදිකරණයෙන් මේ ඡන්ද පත්‍රිකා ගණනය කරන ලද ඒවා කියලා සනාථ කරන්න සිදු කරන ක්‍රියාවලිය අලුතින් ඡන්ද ගනිනවා කියල පෙන්නලා අපිවත් බුරුවන්ට අන්දන්න පුලුවන්ද බලන්න. තුත්තිරි ගස් වල එල්ලිලා වැඩක් නැහැ සත්යෝ..ඕව ගණන් කරලා ඉවත් කරන්න අතපසු වුනු පත්‍රිකා කියල කව්රුත් දන්නවා.. ඡන්ද පෙට්ටිය ගෙන ඒමේ ඉදල ගැනල ප්‍රතිපල සනාථ කරනකම් ඔය ක්‍රියාවලිය සෑම පක්ෂයකම පක්ෂ විපක්ෂ බේදයක් නැතුව නිරීක්ෂණය වෙනවා. පැරදිච්ච එව්වොයි, ඇපවත් නැති පක්ෂ කීපෙකුයි ඇරෙන්න ප්‍රදාන පක්ෂ එකක්වත් මේ සිදුවීම චන්ද මගඩියක් කියල හදුන්වන්නේ නැහැ. මොකද සත්‍යය දැක දැක වගකීමක් ඇතුව එහෙම කියන්න බැරි නිසා.(නදී)
වන්නි තිලක් හද්දා වන්නියේ මංමුලා වු වන්නිලා ඇත්තෝ කෙනෙක් වගේ පෙනෙන්නේ. (නි)
අර කොහාටද යන්න හදන අපිට මේවත් වැඩද.(නදී)
ඕකනේ කියන්නේ එක පළාතක තියෙන ලක්ෂ 20 ක විතර ඡන්ද ටික ගණන් කරගන්න බැරුව, 33 කෝටියක් දෙයියෝ නම් වදිනවා. (නදී)
මේවා ගණන් කරලා ඉවර වෙලා ගබඩාවට බාර දීල තියෙන්නේ අමතක වෙලා දාලා ගිහිල්ල . මේ චන්ද වල අනු අංක වලින් බලන්න පුළුවන් මොන චන්ද මධ්‍ය්ස්තානයේ ඒවාද කියල ඒ චන්ද පෙට්ටි ගනින කොට හිටපු නියෝජිතයෝ දන්නවා නේද ගෙනාපු බව හා දුක් විදගෙන ජන්දේ කරලා ගැනල දෙන රජයේ සේවකයන්ට බනිනේ නොදැන කමට සහ කිසිම දවසක ජන්දේ ගනිනවා දැකල නැති අය (දී)
අනේ ලංකාවේ චන්ද ගැන කතා කරන්න එපා (දී)