පාසල් ක‍්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ විදුහපති එල්. එම්. ඞී. ධර්මසේන මහතා පත්විය. එම සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය (2012/2013) ඉකුත්දා කොළඹ නාලන්දා විදුහලේදී පැවැත්විණි. මෙම නිලවරණයේදී ප‍්‍රධාන ලේකම් ධූරයට සහ උප සභාපති ධූර 7 සඳහා ඡුන්ද විමසීමක් පැවැති අතර මෙවර මහා සභා රැස්වීම පැය 6 කට ආසන්න කාලයක් පැවතීම කැපී පෙනුණි. දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය මෙන්ම පළමු පෙළ ක‍්‍රිකට් විනිසුරුවකු ද වන ඩිල්ෂාන් ද සිල්වා (140) සහ රාගම බැසිලිකා විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය මංජුල වාස් (71) යන මහත්වරු ලේකම් ධූරයට තරග කළ අතර එහිදී ඩිල්ෂාන් ද සිල්වා මහතා වැඩි ඡුන්ද 69 කින් ජය ලැබීය. උප සභාපති ධූර 7 සඳහා 10 දෙනකු ඉදිරිපත් වීම නිසා ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්විණි. නව නිලධාරී මණ්ඩලය: සභාපති - එල්. එම්. ඞී. ධර්මසේන මහතා (විදුහල්පති ) කොළඹ ආනන්ද විදුහල), ප‍්‍රධාන ලේකම් - ඩිල්ෂාන් ද සිල්වා මහතා (දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල), උප සභාපතිවරු (7) - ජගත් සේනාරත්න (විදුහල්පති - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල), සරත්චන්ද්‍ර සිල්වා (විදුහල්පති - පානදුර රාජකීය විදුහල), මේජර් බී. ඒ. ඞී. වානගුරු (විදුහල්පති - දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල), මොහාන් වික‍්‍රමසිංහ (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල), ජේ.  ඕ. එස්. පණ්ඩිතරත්න (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) මංගල ජයරත්න (හඹරණ ඉසුරු පාසල) යන මහත්වරු සහ ඥන පොන්රාජ පියතුමා (විදුහල්පති - යාපනය ශාන්ත ජෝන් විදුහල), උප ලේකම් - වසන්ත කාරියවසම් මහතා (කොට්ටාව ආනන්ද විදුහල), භාණ්ඩාගාරික - නිහාල් ප‍්‍රනාන්දු මහතා (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), උප භාණ්ඩාගාරික - නිශාන්ත කුමාර මහතා (රත්ගම දේවපතිරාජ විදුහල), ගණන්පරීක්‍ෂක - එන්. සී. දිසානායක මහතා (වයඹ රාජකීය විදුහල)