
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මුන්දලම සිංහල මහා විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාල දෙකක උපකරණ රැසකට හානි කර ලක්ෂ අටකට ආසන්න උපකරණ හා මුදල් සොරා ගැනිමේ සිද්දියකට පාසලේම සිසුන් දෙදෙනෙකු මුන්දලම පොලිසිය අද( 26) සොරා ගත් උපකරණ රැසක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.
අධ්‍යාපනය හදාරණ පාසලේ හා මුන්දලම ප්‍රාථමික විද්‍යාලයට ඇතුල් වී එහි තිබු උපකරණ රැසක් විනාශ කර මුදල් සොයා ඇති බවත් ඒ අනුව රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් සොරා ගෙන ගොස් තිබු බව කියයි.
ඉන් පසුව නැවතත් මෙම වසරේම නැවතත් අවස්ථා දෙකකදී මෙම පාසල් දෙකකට ඇතුල් වී මුදල් සොයා ඇති බවත් මුදල් නොමැති වු විට පාසලේ උපකරණ සොරා ගෙන ඇති බවත් උපකරණ සොරා ගැනිමට පෙර පාසල් වල තිබු තවත් දෑ විනාශ කර ඇති බවට පරික්ෂණ වලදි තහවුරු වි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ පාසලක හෝ වෙනත් එවැනි ඉගෙනුම ලබාදෙන ආයතන වල නිරතුරුව ළමුන් හට හොඳ නරක කියාදෙන වැඩ පිළිවෙලක් ඇත්තෙම නැහැ වගේ. ඉස්සර අපේ කාලේ පාසල් රැස්වීමේදී විදුහල්පති නිරතුරුවම ළමුන්ට අවවාදාත්මක උපදේශනයන් ලබා දෙනවා. දැන් එහෙම වෙන්නේ නැද්ද මන්දා. අද කාලේ වැඩිහිටියන් අතර පවා විනයක් නැහැ.මතකනේ පහුගිය කාලේ තෙල් පෝලිම් වල සමහර මිනිස්සු හැසුරුණු කැත අශිලාචාර විදිය. විශේෂයෙන්ම සමහර ත්‍රිවිල් රියදුරන්. දැන් මේ ළමයි දන්නේ නැහැනේ ඉස්සරහට මේ ළමයිට රස්සාවකට යන්න උනත් අනිවාර්යයෙන්ම උවමනා වෙන පොලිස් වාර්තාව ගන්න ගියහම ලංකාවේ කොහේ හිටියත් මොන පොලිසියෙන් ගත්තත් මේ විස්තරය සහිතව ලැබෙන්නේ නරක සහතිකයක් කියන ඒක. ඉස්කෝලේ යන කාලේ මේ වගේ ගොන් වැඩ කරන්න හිතන් ඉන්න අනිත් අයටත් ඒවා කියලා දෙන්න ඕනි නේද?
පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින් වන්නට පළමු පියවර සම්පූර්ණයි...