IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසල් අත්පන්දු සංචිත දෙකක නායකත්වයට ඉඳුවර - ශර්දරා

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) බාලක සංචියේ නායකයා ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ඉඳුවර අප්පුහාමිද, බාලිකා සංචිතයේ නායිකාව ලෙස කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ශර්දරා ප‍්‍රනන්දුද, නම් කර තිබේ.

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය ක‍්‍රීඩකයන් 20 දෙනකුගෙන් සහ ක‍්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් යුත් (වයස 20 න් පහළ) ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංචිත දෙකක් නම් කර තිබේ. බාලක සංචිතයට මොරටුව වේල්ස් කුමර විදුහලේ ක‍්‍රීඩකයන් පස් දෙනෙක් ඇතුළත්ව සිටිති. ඊට අමතරව ඞී. එස්. සේනානායක විදුහලේ ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක්ද බාලක සංචිතය නියෝජනය කරති.

බාලිකා සංචිතයට ගලේවල මැදබැද්ද, කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය, දේවි බාලිකා සහ නුගේගොඩ අනුලා යන විදුහල්වලින් ක‍්‍රීඩිකාවන් සිවුදෙනා බැගින් ඇතුළත්ව සිටී. ඉතිරි ක‍්‍රීඩිකාවන් තිදෙනා බෞද්ධ කාන්තා විදුහලේ ක‍්‍රීඩිකාවෝ වෙති.

මෙම සංචිත දෙක හඳුන්වාදීමේ නිල උත්සවය අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 20 වැනිදා පස්වරු 2.30 ට කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ආදි ශිෂ්‍ය සංගම් ශාලාවේදී පැවැත්වීට නියමිතය.

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු බාලක සංචිතය:

ඉඳුවර අප්පුහාමි (නායක), අයන්ත ඩිල්ෂාන්, එස්. ආර්. කොස්තා සහ ගයන්ත මධුෂාන් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), අෂාන් කල්හාර, එම්. එස්. එස්. සෙනරත්, ආර්. සී. සිල්වා, ඞී. එම්. සමරසිංහ සහ ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එස්. ප‍්‍රනාන්දු (මොරටුව වේල්ස් කුමර විදුහල), ඞී. එම්. කේ. ඒ. ටී. පී. කුරුප්පුආරච්චි, සජිත් උදයංග සහ එන්. ඞී. යූ. බී. ජයවර්ධන (කොළඹ නාලන්දා විදුහල), එම්. ජී. ඞී. එන්. විජේරත්න සහ සී. ටී. එම්. විජේරත්න (ගලේවල ශා. අන්තෝනි විදුහල), ටී. ජී. ඞී. ඞී. එස්. ඒකනායක සහ ටී. එම්. සී. එම්. දිසානායක (ගලේවෙල මැදබැද්ද විදුහල), රමේෂ් රුක්මාල් සහ නිර්මල ක්ලින්ටන් (පානදුර රාජකීය විදුහල), ඒ. ජී. අයි. එස්. ඉමේෂ්ක (සිරි සුනන්ද විදුහල) සහ ඞී. වී. දිසානායක (කොළඹ ආනන්ද විදුහල)
කණ්ඩායම් බාර ආචාර්ය - සුමින්ද කරුණාරත්න මහතා (මොරටුව වේල්ස් කුමර විදුහල)
 
ශ්‍රී ලංකා පාසල් අත්පන්දු බාලිකා සංචිතය:

ශර්දරා ප‍්‍රනන්දු (නායිකා), එන්. ෂෙහාරා කාදර්, ඩබ්ලිව්. ඒ. ඞී. එස්. දයංගා සහ ඞී. ඒ. එච්. ජයකොඩි (කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය), ඒ. එම්. එස්. එස්. කුමාරි, ටී. පී. ඞී. ඞී. එස්. දිසානායක, රංගනා නවෝදි කෞශල්‍යා සහ ඩබ්ලිව්. ඒ. කේ. විජේසිංහ (ගලේවෙල මැදබැද්ද විදුහල), හරිනි හේවාතන්ත‍්‍රි, නිල්මා බෝගහවත්ත, අපුරිවා සමරකෝන් සහ ටිරනි සේනාරත්න (අනුලා විදුහල), සඳුනි එදිරිසිංහ, තමේෂි ජයසිංහ, දමිසර ඒකනායක සහ චේතනා හංසනී (දේවි බාලිකා විදුහල) සහ එම්. ශෂිකලා මුනිදාස, හරින්ද්‍රි ඉෂිලියා සහ දිනෙල්කා පනාගොඩ  (බෞද්ධ කාන්තා විදුහල)
කණ්ඩායම් බාර ආචාරිනී - මානෙල් පීරිස් මහත්මිය (හෝමාගම සුභාරතී මැදි මහ විදුහල)
 


    

 



අදහස් (0)

පාසල් අත්පන්දු සංචිත දෙකක නායකත්වයට ඉඳුවර - ශර්දරා

දිනේෂ් Friday, 21 June 2013 07:21 PM

අනිවාර්යයෙන්ම ගම් වල හොද ක්‍රීඩකයෝ ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site