(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා දිනය (26 වැනිදා) සහ වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන්ට එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් ලැබෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා එදින ප්‍රධාන කාර්යාලය වසා තබන බවත් ඒ හේතුවෙන් අයදුම්කරුවන්ට වෙනත් දිනයක් දෙන බවත් ඉලුක්පිටිය මහතා කීය.
නව දිනය සහ වේලාව අයදුම්කරුවන්ට එම්.එම්.එස්. පණිවුඩයක් ලෙස යොමු කරන බව ද ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොත්තු ලේඛන වල ඉන්නේ නැතුව පාස්පෝර්ට් එකක්වත් නිකුත් කරගන්න බැරි නිලධාරීන් සහ දේශපාලකයන් රොත්තම ඉල්ලා අස්වෙලා කරන්න පුළුවන් කෙනෙකුට ඕක බාර දෙන්න..