කොළඹ ,පුංචි බොරැල්ලේ ,ආනන්ද රාජකරුණානායක මාවතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයය ලබන 29 වැනිදා සිට බත්තරමුල්ලේ සුහුරුපායට රැගෙන යාමට නියමිතය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සිකුරාදා (26) දින සිට වසා තැබෙන බවත් 29 දින ගුවන් ගමන් බලපත‍්‍ර එක්දින සේවාව ක‍්‍රියාත්මක නොවන බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ජය, හැම දෙයකටම පහුගිය ආණ්ඩුවද පාලි. නිකන් ගොන් කතා කියන්න එපා. (අ)
මෙයනම් ඉතාම කාලෝචිත පියවරක්. දැනට පවතින කාර්යාලයේ පිහිටීම අපහසුවක් මෙන්ම අධික තදබදයකටද හේතු විඇත. ඉඩපහසුව ඇතිව විධිමත්ව එය වෙනත් ස්ථානයකට ගෙනයාම දැනට පවතින ස්ථානයේ නොයෙකුත් කණ්ඩායම් විසින් අසරණ මිනිසුන් නොමඟ යවමින් හා සූරාකමින් කරගෙන යන වංචනික ක්‍රියාවන් මර්දනය සඳහාද හේතු වනු ඇත. (නි)
මෙම නව ගොඩනැගිල්ල අවට පෙට්ටි තේ කඩ වගේ ස්ථාන, ටයිප්සෙටින් ෆොටෝ කොපි වගේ ස්ථාන පුංචි බොරැල්ලේ මෙන් ඇතිවීමට ඉඩ නොතබන්නේ නම් මැනවි. මෙම පෙරකී සේවා ස්ථාන වඩාත් ක්‍රමවත්ව සහ මනා අයුරින් කරගෙන යාමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේ නම් වඩාත් හොඳයි. (නි)
පිට පළාත් වලින් එන අහිංසකයන් ගසාකන නම් වැරදියට ෆෝරම් පුරවන වගේම හොර සාම විනිසුරුවන්ටත් ඒ පැත්තට එන්ට දෙන්න එපා (බ)
දැනට පවත්නා ගුදන්ගිල්ලේ අපි ඇතුලේ සිටිද්දී වායු සමීකරණය පස් වරක් කැඩුන දහස් ගානක් ඇතුලේ ඉන්දැද්දී දෙන්නෙක් එහි කලි ගලවමින් සවිකරමින් අලුත්වැඩියා කිරීමට අසාර්ථක උත්සාහයක යෙදෙනවා දැක්ක විදේශිකයන්ද පැමිණෙන මේ ස්ථානය උසස ලෙස පවත්වා ගත යුතුය (අ)
මෙම නව ගොඩනැගිල්ල අවට පෙට්ටි තේ කඩ බුලත් විට සුරුට්ටු බීඩි සරුවත් ලොලි පොප් ලැවරිය කඩ වගේ ස්ථාන, ටයිප්සෙටින් ෆොටෝ කොපි වගේ ස්ථාන පුංචි බොරැල්ලේ මෙන් ඉදිකරන්න පාස්පෝර්ට් වෙන තැනක දෙන්න මේවා නැතිව අපිට හරියන්නේ නැහැ (බ)
මම ඉන්න ඉතාලියේ දවසින් පාස්පෝට් නිකුත් කරන ක්‍රම වේදයක් නෑ අන්තර් ජාලයෙන් විස්තර යොමුකරලා ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් සතියක් ඇතුලත ලබාගත්ත හැකි. සෙනගත් නෑ ආප්ප කඩත් නෑ තෝස කඩත් නෑ කිසිම වංචාවක් වංචා කාරයන්ට ජනතාව අහුවෙන්නෙත් නෑ. (ර)
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. මේ වෙනුවෙන් කටයුතු කල හැමෝටම ගොඩක් ස්තුති කරන්න කැමතියි. (ර)
ඔය පාස්පෝර්ට් නිකුත් කරන එක ප්‍රාදේශීය සභා වලට අනුබධිත කාර්යාල වලින් කරන්නේ නැත්තේ ඇයි? එහෙම කරනම් ඈත පළාත් වල ඉන්න අයට ලොකු පහසුවක් වනවා නේද? දැන් තියන හරියට අනුරාධපුරේ, තිරිකුනාමලේ, මාතර, යාපනය, වැනි දුර පළාත් වල ඉන්න හැමෝම කොළඹට එන්න ඕනේ පාස්පෝර්ට් එකක් ගන්න. මේ තරම් විද්‍යුත් මාද්‍ය, පරිගණක බාවිතා වෙන මේ යුගයේ ඇයි ජනතාවට මේ වගේ පහසුවක් ලබා නෙදෙන්නේ? (ර)
අරවින්ද කියන දේට මාත් එකඟයි, සම පළාතකම පළාත් පාලන ආයතන මගින් මේ සේවාව කලානම් ලොකු සහනයක්, දැන් යාපනේ මිනිහත්, නුවර මිනිහත් , හම්බන්තොට මිනිහත් හැමෝම කොලබට එන්න ඕන ගමන් බලපත්‍රය ගන්න. අඩුම ගානේ කොලබ, නුවර , ගාල්ල , යාපනේ වගේ ප්‍රධාන නගර පහ හයකවත් දැම්මනම් ලොකු සේවයක්. විස නිකුත් කිරීම වුණත් මෙහෙම කලොත් විදේශික සංචාරකයන්ටත් සැහෙන්න පහසුවක් (අ)
හොඳ අදහසක් අරවින්දගේ ඒ මගින් සුරා කන්න බැරිවේවි
අසංග මගේ මිත්‍රයා පහුගිය ආණ්ඩුව ගැන කිව්වම තද වුනේ මොලයක් නැති නිසයි (බ)
කුකුල් කොටුවක් වගේ තිබුනේ ..පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුගේ බිල්ඩිමක් වෙන්න ඇති .කුලිය කීයක් ගෙව්වද කියලත් හොයා බැලිය යුතුය (අ)