ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 92 වැනි වියේ පසු විය. ඔහු හත් දරු පියෙකි.
සිරිපාදේ සමනළ කන්ද පෙනේ , බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, පොසොන් සඳේ, පෙම්බර මෑණියනේ, කමලා කමලා ආදී ගීත ද ඔහු ගැයූ ගිත අතරට අයත්ය.
ඉංග්‍රීසි සිංහල දෙබසින්ම ගී ගැයීමේ හැකියාව තිබූ ඔහු ධනවත් පවුලක උපන්නේය. මවුන්ට් බැට්න් සාමි වරයා ඉදිරියේ ද ගී ගයා ඇත.
බ්‍රිතාන්‍ය පාලන සමයේ රුපියල් ලක්ෂයක වත්කමක් ඔහුගේ පියාට තිබූ බව කියති.ඒ අනුව ඔහු ඉපදී ඇත්තේ ලක්ෂෙට කොඩිය දැමූ නිවසකය.
ඔහු වාදනය ඉගෙන ගත්තේ තනිවමය. ඔහුට මෙන්ම ඔහුගේ සහෝදරයන් දෙදෙනාටත්, සහෝදරියටත් ගී ගැයීමේ හැකියාව තිබිණි.
1940 දෙවැනි ලෝක යුද සමයේ කොළඹ පාසල් ද වැසිණි. මෝදර පදිංචිවී සිටි ඔහුගේ මව්පියෝ ගම්පහ පදිංචියට ගියහ. මුලින්ම ඔහු ගෙදරට හොරෙන් ප්‍රසංගවලට සහභාගී විය. මව ඔහුට ඒ සඳහා සහාය දුන්නාය.
යුද සමයේ වේදිකාවේ ජනප්‍රිය ගායකයකු වූ ඔහුට නොකඩවාම අත්පොලසන් නාදයත්, සල්ලිත් ලැබිණි. ප්‍රේක්ෂකයෝ සල්ලි කොල හා කාසි වේදිකාවට විසි කළහ.
1947 දී ඔහු ගුවන්විදුලියට එක් විය.
ඔහු පෙම්ගී දෙ තුනකට වඩා ගායනා නොකළේය. ඊට හේතුව ඔහුගේ බිරිය නොකමැති වීමයි. ඔහු නළුවෙක් ද වෙයි. ගම්බද සුන්දරි චිත්‍රපටයේ මුලින්ම රඟපෑවේය.
තම දරුවන් කලා ක්ෂේත්‍රයට යොමු නොකළ බවත්, ඊට හේතුව කලාවට පිවිසීමෙන් දුක් විඳීමට සිදුවීම බවත් ඔහු වරක් කියා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල අමිල මෙහෙවරට උපහාරයයි!නිවන් සුව ලැබෙිවා!(අ)
කිසිම දිනක රසයෙන් ගුණයෙන් අඩු නොවෙන්න ගීත රැසක් අපට දායාද කළ ඔබතුමාට නිවන් සුව අත් වේවා !! (නි)
ඔබතුමාගේ ගීත සදා මේ රටේ රැව් පිළිරැව් දෙනවා. ඔබට නිවන් සුව පතමි. (නදී)
බොහොම නිහතමානී සුන්දර මිනිසෙක්. ඔබගේ වියෝව අපට දුකයි. ඔබට නිවන් සුව පතමි. (නදී)
නියම පිරිමි කටහඩක්.......සරල සින්දු.......ට්‍රිප් එකක් ගියත් කියන්නේ මේ වෙනි සින්දු තමා .......නිවන් සුව (නදී)
ගීත ලෝකයේ තවත් එක සුන්දරවූ පහනක් නිවී ගියා. ඒ පහන සසරේ නැවත දැල් වුවත් නිවන් දොරටුව අසලදී සදා කාලයටම නිවේවා. (නදී)
ඔබගේ ගීත බොහෝ සේ රස වින්දා. රටක් නලවපු ඔබට නිවන් සුව ලැබේවා ! ඔබගේ ආත්මයට දෙවියන්ගේ කරුණාව ලැබේවා ! (නදී)
මෙතුමන් ගැයූ ගීත තවත් කාලාන්තරයක් පවතීවි. අද ඇසෙන්නේ ගීත නොවෙයි, එකම ඝෝෂාවක්.මේ රටේ ගීත රසය දන්නා රසිකයන් පිනවූ ඔබට නිවන් සුව පතමි (නි)
මල් මාල ගොතා, සුමිහිරි දෙතොල අයා, ඉඟ සුඟ නලවාලා යන ගීතත් තවත් ගීත රැසකුත් මෙතුමා ගායනා කළා (නි)
මා ඔබට නිවන් සුව නොපතමි, ඒ ඔබ අප අතර නැවත ඉපදිය යුතු නිසාය. ඔබට සුව නින්දක් ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා ! (දිල්)
මෙයා දුව සමගත් සින්දු කිව්වා . (අ)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිර්වාණ සුවයෙන් සැනසේවා...!!! (නි)
ඔබට නිවන් සුව! (නි)
මියුරු ගීත රැසක් සිංහල ගීත සාහිත්‍යයට එක්කළ අමරණීය ගායකයෙකි. නමුත් අද එවැනි ගායකයන්ගේ ගීත අසන්නට ලැබෙන්නේ නැහැ. එය අවාසනාවකි! (නි)
කලාකරුවාණෙනි, ඔබ කළ සේවයට තුති. සමාදානයේ සැතපේවා! (නි)
සහෘදයාණනි, ඔබ අමරණීයයි.මොක් සුව පතමි ! (නි)
ඔබට නිවන් සුව! (නි)
සිරිපාදේ සමනළ කන්ද පෙනේ. මම තාමත් කැමතියි ඒ සින්දුවට (නදී)
අපට ගැලපෙන රිද්මයකට ගී ගායනා කල ඔබ කිසි දිනෙක හින්දි කොපි ගීත ගායනා කිරීමට උත්සාහවත් නොකළේය. අද අපට ඇහෙන සංගීත ගායනා අප මතකයේවත් රැඳෙන්නේ නැතිවා මෙන්ම, ඇතැම් විට ඒවා ගායනා කරන අයටවත් දෙවන වර ගායනා කිරීමටත් නොහැකි බව පෙනේ. එ්ත්,ඔබගේ ගීත අපට තාමත් වින්දනය කල හැක... ගායකයාණනි....ඔබට මොක්සුව.....! (නදී)
ඔබතුමා වගේ විශිෂ්ට ගායකයන් ලබන්න මේ රට තවත් වාසනාවන්ත නැහැ. (නි)
රටට බිහිවුණ වටින මිනිසෙක් අහිමිවීම දුකක්. නමුත් සියලු දෙයක්ම අනිත්‍ය බව පරම සත්‍යයක්. ඔබේ සුමධුර ගීතයන්ගෙන් අප මන්මත් කළාට පින්. ඔබට සුගතියකම උත්පත්තිය ලැබේවා! (නි)
ඔබ ගීත දහස් ගණනක් ගැයුවේ නැතිවුණාට ගැයූ ගීත කිහිපය සදාකාලිකව අපේ මතකයේ තිබෙනවා.ඔබට නිවන් සුව. (නි)
ක්‍රිස්ටෝපර් පෝල් මෙයාගේ මල්ලි නේද? (නදී)
එක යුගයක් එකලු කල විශිෂ්ට මනුස්යෙක් ! ඔබ තුමන්ට නිවන්සුව ! (නදී)
මහතාණෙනි ඔබ කල සේවයට අප ණය ගැතියි. ඔබට සදා සැනසුම ලැබේවා ! (නදී)
මේ ගීත ලංකාදීපේ දැක්කම තමා ගායකයා කවුද කියල දන්නේ. සමාවෙන්න එහෙම කීවට මහත්මයෝ. අපි අන්දුන් කුද්න්දුන් වෙන තරමට ගීත හොරු වැහි වහලා. ගීයේ අයිතිකාරය කවුද මුල් ගායකයා කවුද කියල හිතා ගන්ට බැරි වෙන තරඟ තක්කඩි හොරු වැහි වහල. (නදී)
ඔබ මිය ගියේ නැත මහත්මයෝ. ඔබ මිය යන්නෙත් නැහැ. ඔබ මිය යන්න නම් ඔබේ ගීත අපෙන් අමතක වෙන්න ඕන. ඔබ අමතක වෙන ගීත ගයලා නැහැ මහත්තයෝ. ඒ නිසා ඔබ අමරණීයයි. (නදී)
මේ රටේ මිනිස්සුන්ගේ කාලකන්නි කමක මහත කියන්නේ මේ මහත්තය ඉංග්‍රීසියෙන් ගයපු ගීත අපි කවුරුත් කවදාවත් අහල නැති කම. කාගේද වරද. (නදී)
ඔබට නිවන් සුව ! (නි)
අතීතයේදී දෙසවන් පිනු ගායකයෙක්.තවමත් විනෝද ගමනක් යද්දී නොවරදවා ගායනා කරන ගීත සමුහයක් මෙතුමා අපට දායාද කළා. ඔබට නිවන් සුව! (නි)
නිවන්සුව ලැබේවා ! (නදී)
මහත්මයාණෙනි, ඔබට අමාමහා නිවන් සැප ලැබේවා! (නි)
සදා නොමැකෙන නමක් තැබු ගායකයෙක්. මුදල් පස්සේ දිව්වේ නැහැ. ඔබට නිවන් සුව පතමි. ඔබේ ගීත හැමදා හදවත් වල රැව් දේවි (නදී)
මෙන්න ඇදහිය යුතු ගායකයෝ... කටහඩයි සිංදුවල අරුතයි දෙකම වටිනවා.මේ අය මියගියත් මෙයාලගේ සින්දු මියයන්නේ නැහැ.මේ අය හැකියාවෙන් ආ අයයි. (නි)
ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
මට මතකයි මම කුඩා කාලයේ ඔබතුමාගේ සින්දු ගුවන් විදුලියෙන් බොහෝ රස වින්දා. නමුත් අද පරපුරේ බොහෝදෙනාට ඔබගේ සින්දු රසවිඳින්නට ලැබුණු අවස්ථාව අඩුයි. (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)