
(ආරියරත්න රණබාහු)
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ආගමනය සිහිපත් කෙරෙන එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය අද (17) සිට ආරම්භ කෙරෙයි.
අනුරාධපුරය කේන්ද්‍ර කර ගෙන ප්‍රධාන පොසොන් උත්සව පැවැත්වෙන අතර රට පුරා වෙහෙර විහාරස්ථානවල දාන ශීල භාවනා පින්කම් පැවැත්වේ
විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් 21 වෙනි වරට සංවිධානය කෙරෙන පොසොන් ආලෝක පූජාව තන්තිරිමලය රජමහා විහාරස්ථානයේදී මේ මස 21 22 සහ23 යන දිනයන් හී පැවැත්වේ
ඊට අමතරව අනුරාධපුරය ඓතිහාසික අභයගිරි මහා විහාරස්ථානය මිහින්තලා රජමහා විහාරය තිස්සමහරාම සිතුල්පව්ව රජමහා විහාරය කැලණිය රජ මහා විහාරය මහියංගනය රජ මහා විහාරය දීඝවාපිය පුරාණ රජ මහා විහාරය බම්බලපිටිය වජිරාරාමය කොළඹ 02 හුණුපිටිය ගංගාරාමය ආදී විහාරස්ථානවල විශේෂ පින්කම් රැසක් සිදුකිරීමට නියමිතය.
හෝමාගම ධර්ම රශ්මි වෙසක් කලාපය ඇතුළුව වෙසක් කලාප රැසක්ද දිවයිනේ විවිධ නගර ආශ්‍රිතව සංවිධානය කර ඇත.
පොසොන් තොරණ සහ විවිධ ආහාරපාන ඇතුළත් අනුරාධපුර පූජනීය නගරය කේන්ද්‍ර කරගෙන දන්සැල් රැසක් ද පැවැත්වේ .
අනුරාධපුරය පැවැත්වෙන ප්‍රධාන පොසොන් උත්සවයට යන බැතිමතුන් උදෙසා දිවයිනේ බොහෝ නගර සහ ගම්වල සිට විශේෂ බස් රථ සේවා යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd