පසුගිය පොසොන් කාලයේ ෆේස්බුක් ගිණුම හරහා ඉතා ප්‍රසිද්ධියට පත් කෙනෙකු ලෙස තිලංක මලින්දව හැඳින්විය හැකිය. ඔහු විසින් දායක එක්තරා ඡායාරූප පෙළක් ඒ සඳහා හේතු විය. නිරූපණය තම වෘත්තීය කරගත් ඔහු "සාරවිට" සමග එකතු වූ මොහොතකි මේ.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
නමින් තිලංක මලින්ද,වයස 23 යි. පදිංචිය හොරණ. දැනට නිරූපණ ශිල්පියෙක් වශයෙන් කටයුතු කරනවා.
නිරූපණය දැන් වෘත්තීයද?
ඔව්. දැනට නිරූපණ කටයුතු කරගෙන යනවා.
නිරූපණයට කොයි කාලෙද එකතු වුණේ?
මම 2015 දී තමයි මේ ක්ෂේත්‍රයට ආවේ.
මේ වනවිට දායක වෙලා තියෙන කටයුතු මොනවාද?
මම ගොඩක්ම කරලා තියෙන්නේ photo shoot තමා. ඒ වගේම bridle shoot ඒ වගේම music video 2ක් කරලා තියනවා. ඒ වගේම තමා තව shoot කිහිපයකට කතා කරලත් තියනවා.
නිරූපණයට එන්න පොඩිකාලේ ඉඳන්ම තිබුණු හීනයක්ද?
ඇත්තටම ඔව්. ඒ කාලේ ඉඳන් තිබුණ හීනයක් තමා නිරූපණ ක්ෂේත්‍රයට එන එක. ඒ හීනේ හැබෑ කරගන්න ගොඩක් කැපකිරීම් කළා. දැන් ඒකේ ප්‍රතිඵල අත්විඳිමින් ඉන්නවා.
නිරූපණ ක්ෂේත්‍රයට අද ප්‍රමිතියක් තියෙනවාද?
ඒක පදනම් වෙන්නේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ක්‍රියා කලාපය මත. බොහෝ දුරට දැන් හොඳ ප්‍රමිතියක් තියනවා. නමුත් නිරූපණ ශිල්පීන් විදිහට ඒක අන්තර්ජාතික මට්ටමකට ගේන්න නම් තව ගොඩක් නිර්මාණ බිහි විය යුතුයි.
නිරූපණයේ ඉන්න බොහෝ දෙනාගේ චෝදනාවක් වෙන්නේ මහන්සි වෙන තරමට ගෙවීම් නැහැ කියලයි. මේ දේ ඇත්තද?
ඔව් ගොඩක් වෙලාවට ඒ දේ නම් වෙනවා. අපේ මහන්සියට හරියන ගාණක් ලැබෙන් නැති අවස්ථා නම් තියනවා. අසාධාරණකම් නම් ඕන තරම් වෙනවා. ඒවා අඩු වුණා නම් ලංකාවේ මේ ක්ෂේත්‍රය මීට වඩා හොඳ තැනකට අරන් යන්න පුළුවන්.
මේ පැමිණි ගමනට උදව් කරපු පිරිසක් ඇති නේද?
ඔව් ඇත්තටම මට මේ ගමන එන්න ගොඩක් අය උදව් කළා. මුලින්ම මගෙ පවුලේ අය. විශේෂයෙන්ම මගෙ අයියා, හිරාන් අයියා, ප්‍රශානි, අශාන්, සචින්ත, එරන්ද, ස්ටුඩියො UK අයියා, තරු, වාසනා මිස්. ඒ වගේ ගොඩක් අය උදවු කළා. ඒ වගෙම තමයි. shean අපිට ගොඩාක් උදව් කළා. ඒ අයව මේ මොහොතේ මම මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොසොන් කාලයේ ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් තිලංක