
(අංජුල මහික වීරරත්න)
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අද (21)දී පැවති සාකච්ඡාවේදීය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
2023 වසරේ සිට නවතා දමා තිබුණු රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම නැවත ආරම්භ කර මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂා කිරීම රජය සතු වගකීමක් බවද ධම්මරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ.
"අනුබුදු දහමින් ලොවම නිවේවා" යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි 1 වැනි දා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
පොසොන් සතිය ජූනි 7 වැනි දා සිට ජූනි 13 දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලට දානය ලැබෙනවයි අපේ හාමුදුරුවනේ...?
අහන්න තියෙන්නේ " ඔබට සතුටුයි ද දැන්" කියලා තමයි
අර සජියට කඩේ යන ලොකු හාමුදුරුවෝ දැක්කාද දන්නේ නෑ මේක....?
හොඳ ළමයෙක් වෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ
කොටා දැන් හරි ආගමික වෙලා
රාජ්‍ය අනුග්‍රහයෙන් ඇසළ උත්සවය පවත්වන්න අදහස් කරගෙන ඉන්නේ කොහෙද ?
අනු බුදු ධහම කියලා එකක් කොහෙද තියෙන්නේ? මිහිඳු හිමි දේශනා කලෙත් බුදුදහම තමයි. නාඩගම්
වැවේ හැංගිල ඉන්න තමා මේ වහන්සේට අනාගතේ සිදුවෙන්නේ. වාසියට හෝයියා කියන නියම අවස්ථාවාදියෙක්. මහජන මුදල් ගිලින්නෙක්.
මේ ආණ්ඩුව සඟ භේදයක් ඇති කරලා ආන්නත්රීය පාපයකුත් උන්ගේ කරුම තොගයට එකතු කරගෙන
බුදු දහමට මුල් තැන නොදෙනවා කියලා කෑ ගහපු සෙට් එක මුවා පස්සේ දුවනවා ඇති තාම
පොසොන් යනු ආගමික උත්සවයක්. මෙය වන්දනා කරුවන් ගසාගෙන කන සැනසෙලියක් කර නොගත යුතුයි මුදල් උපයා ගන්න