බුද්ධාගමට හා බුදුන්ට අවමන් කරමින් කළැයි කියන කතාවක් සම්බන්ධයෙන් තම සිත්තැවුල අස්ගිරි හා මල්වතු නාහිමිවරුනට පළ කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මාලිගාවත්තේ අබ්දුල් රසාක්ට නියෝග කළේය.

සැක කරුගේ මෙම ප්‍රකාශය තවමත් ඇතැම් නාලිකාවල ප්‍රකාශය වන බව උසාවියේ දී කියැවිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ සැකකරු දැනටමත් සිය පසුතැවිල්ල මහා නා හිමිවරුනට දන්වා ඇති බවයි.

අනාගතයේ දී මෙවැනි දෙයක් නොකරන බවත්, ඇතැම් නාලිකා හා වෙබ් අඩවිවලින් එම කතාව ප්‍රචාරය වීම නතර කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් නීතීඥවරයා කීවේය.