සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයන් තිදෙනකු සමග සඳුදා රාත්‍රියේ මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගත් ව්‍යාජ අංකයක් සහිත සුදුවෑන් රථය හමුදාවට අයත් වෑන් රථයක් බව හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.
මෙසේ ව්‍යාජ අංකයක් සවිකර ධාවනය කළේ ඇයිද යන්න හෙළිකර ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයිද එහි තිබූ පිස්තෝලය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති බවත් වසර 15 ක කාලයක සිට එය ඒ මහතා පරිහරණය කරන බවත් පැවසේ.
පිස්තෝලය රැගෙන යාමට අපහසු අවස්ථාවලදී එය ඔහුගේ නිල ආරක්ෂක නිලධරයා අතට පත් කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ත්‍රස්තවාදීන් පාවිච්චි කළා නම් නියම අයිතිකාරයට දෙන්නේ නැතුව හමුදාව තියාගන්නේ කොහොමද? (නි)
මේ බලන ඔක්කොම්ම අය යහපාලනයට කඩේ යන අය ද (බ)
මොකක්ද මේ අවුල්සහගත ප්‍රශ්නය? (නි)
මේ වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ට අපගේ උත්තමාචාරය! (නි)
මේකත් ගෝඨගේ වැඩක් වගේ ඉකමනට හොයන්නේ ඕනේ මොකද ෆොන්සේකා මහත්තයට විරුද්දව ගෝඨාට කඩේ ගියේ මේ අය තමා (බ)
පහුගිය කාලේ කොතෙකුත් සුදු වෑන් එක එක විෂමාචාර වල යෙදුනත් ඒ කාලේ තිබුන රජය අහක බලා හිටියා. මේ පළවන වරට සුදු වෑන් එකක් අත්අඩංගුවට පත්වෙච්ච අවස්ථාව. දැන් අපි හොඳාකාරව දන්නවා ඒ වෑන් ආවේ කොහෙන්ද කාගේ උවමනා පිටද කියලා. (නි)
මේකට සම්බන්ධ උසස් නිලධාරීන් ගැන හොඳින් සොයාබලන්න (නි)
දැන් පැහැදිලියිනේ සිවිල් ඇඳුම් අඳින අය එළවන සුදු වෑන් හමුදාවේත් තියෙනවා කියලා. (අ)
ව්‍යාජ අංකය ගැන මටත් සැකයි (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවේගෙන එන බව පේනවා. ඉතාමත් ගැඹුරු පරීක්ෂණයක් මැතිවරණයට පෙර කිරීම අත්‍යවශ්‍ය හදිස්සි කටයුත්තක්. (ර)
ඕක එච්චර ගණන් ගන්න එපා .ඒ කාලේ ඔය වගේ සුදු වැන් එකකින් ආපු පි ,එස්,ඩි රාළහාමිලා වගයක් ගල්කිස්සේ පොලිසියට අතටමම අල්ලදිලත් හිටපු ඩි අයි ජි අනුර සේනානායක ඇතැරියේ .දැන් බොරුවට උඩ පනිනවා, (අ)
මෙතන කුමක් හෝ අපි නොදන්නා යමක් සිදුව ඇත (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
ව්‍යාජ අංක ගහගෙන ගියා නම් හොඳ හොඳ සෙල්ලම් දාලා තියෙනවා.(හේ)