එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණූගම මහතාගේ ජන්ද පෝස්ටර් තලාතුඔය බූටාවත්ත හංදියේදි අලවමින් සිටියදී අද (23) දින අලුයම 4.20 ට පමණ සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
පෝස්ටර් ඇලවිම සදහා පැමිණි කැබ් රථය හා පෝස්ටර් තොගයක් ද අත් අඩංගුවට ගත් බවත් සැකකරුවන් හන්තාන,වතුවල,පල්ලේගම,හන්තාන පාර මහනුවර පදිංචිකරුවන් බවත් මෙම සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තලාතු ඔය පොලිසිය කියයි.
ඡායාරූප - චමිල් රූපසිංහ

![L_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/L_31.jpg)
![L_5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/L_51.jpg)
![L_6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/L_61.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝස්ටර් ඇලවිම තහනම් නම් අයි ඒවා ප්‍රින්ට් කරන එක තහනම් නොකරන්නේ මේක නිකන් කුඩු ගෙන්න අවසර දිලා බොන එවුන් අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක්නේ කාගේද මේ කැකිල්ලේ තීන්දුව (අ)
කෝ දැන් කට්ටියගේ සද්ද? ලෝකෙට නම් පරකාසේ. ගෙදරට මරගාතේ වගේ. (නි)
දඩය රුපියල් 100 බැගින් ගෙවන්න වෙයි...(ම)
පෝස්ටර් මුද්‍රණය කරන තැන් සේරම වටලලා නඩු දැම්ම නම් හරිනෙ. (ර)
කොළ වලට විතරද තහංචි. (ර)
මේ මැතිවරණ නීති වෙනස් කල යුතුයි .සෝදා සෝදා මඩේ දාන වැඩ නේ මේවා .! ලංකාවේ පෝස්ටර් අයින් වෙන්න තව කාලයක් යයි .පෝස්ටර් නොගහ කොහොමද තමන්ව ප්‍රසිද්ද කරගන්නේ ...?. යම් ප්‍රතිපාදන 1980 ගණන් වල නීතිය සංශෝධනය කර ඇතුලත් කරන්න ප්‍රයෝගිකව හිතල බලල සියලුම අධිකාරීන් (අ)
අන්න හොඳ පාඩමක්. (ර)