මාතලේ හෙට්ටිපොල ප්‍රධාන තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති වරයා අද (18) නිවාඩු ගැනීම නිසා තැපැල් කාර්යාලය විවෘත කිරීමට යතුරු හා ආදේශකයකු නොමැතිව තැපැල් කාර්යාලය වසා දමා ඇති බවත්, සේවා ලබාගැනීමට පැමිණි ජනතාව ආපසු හැරී ගිය බව සේවකයෝ කියති .
සේවකයෝ දවස පුරා කාර්යයාල භුමියේ රැදී සිටි අතර තැපැල් මලු ද කාර්යාලය අසල එළියේ තබා තිබිණි .
වැඩ ආවරණය කිරීමට නියෝජිතයකු මාතලේ තැපැල් මුලස්තානයෙන් ඒවා නැති බවත් නිවාඩු ලබා සිටින ස්ථානාධිපති වරයා යතුර භාර දී නැති නිසා තමන් සේවයට පැමිණ ඇතුළුවීමට නොහැකිව එලියට වී සිටින බව සෙසු සේවකයෝ කියති .
තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති එම් .ජි .මැද්දෙගොඩ මහතාගෙන් මේ පිළිබඳව දුරකතනයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ තමන්ට තොරතුරු කීමට නොහැකි බැවින් තැපැල් කාර්යාලයට ගොස් සොයා ගන්නා ලෙසයි ,
කාර්යාල භුමියේ සිටි නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපතිවරියගෙන් විමසීමේදී ඇය උත්තර නොදී කැමරා ක්‍රියාවිරහිත කර කතා කරන්නැයි ඉල්ලා සිටියාය .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මෙහෙම උනාට ලෝකේ කිසිම රටක මෙහෙම වෙන්නේ නැහැ. එකයි පතපු වෙනස. හිනා වෙන්න ඕනේ කොහෙන්ද.? (ර)
තැපැල් ස්ථානාධිපති සහ ප්‍රාදේශිය තැපැල් අධිකාරී මෙයට වගකිව යුතුයි.(හේ)
ඒ වුණාට කථාව නම් තැපැල් ස්ථාන ඩිජිටලයිස් කරන්න (බ)
අපි බලමු මේකට තැපැල් ඇමතිතුමා ගන්න පියවර කුමක්දැයි කියල? (බ)