පසුගිය රජයේ පාලන සමය තුළ ජනතාව ජීවත්වූයේ බියෙන් බවත් කවුරුන් හෝ බිල්ලෙක් අප දිහා බලා ඉන්නවා වගේ බියක් ජනතාවට ඇතිව තිබූ අතර ජනවාරි 8 වැනිදායින් පසු පුද්ගල නිදහස හා අයිතිවාසිකම් ගැන හොඳ තත්ත්වයක් දැකිය හැකි යැයිද ජාතික නිදහස හා සාධාරණ සමාජයක් සඳහා වන විද්වත් සභාවේ කැඳවුම්කරු ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා අද (11) කොළඹ ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු උගත් බුද්ධිමත් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් තම සංගමය මෙවර මැතිවරණයේදී විවිධ පක්ෂවල මැතිවරණ ප්‍රකාශයන් දෙස බැලූ බවත් එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදී ඒ වෙනුවෙන් සහයෝගය දෙන බවත් වීරසිංහ මහතා එහිදී සඳහන් කළේය.
එම අවස්ථාවට ආචාර්ය රාහුල දන්දෙණිය, වසන්ත බණ්ඩාර දිසානායක ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට නම් කමක් නැහැ මොන පක්ෂයට කඩේ ගියත් (නි)
මුතුකුඩ, ඔබට බොහොම ස්තුතියි. (නි)
මුතුකුඩ එතකොට විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය පැල් බැදන් කඩේ ගියේ තම වෘත්තිය ගරුත්වය කෙලසමින් පහුගිය ඡන්දයෙදි. ඔයා හිතන් ඉන්නේ මහින්ද රාජපක්ෂට කඩේ යන කට්ටිය විතරයි බුද්ධිමත් කියලාද. (නදී)
අනේ අනේ සිංහල රටකට වෙච්චි දෙයක් (නදී)
මට නම් මේක තවත් කතාවක් පමණයි. කතා විතරයි. වැඩ නැහැ (නි)
මේ ගොල්ලන්ට කොටි බිල්ලව එහෙම මතකත් නැහැ වගේ (නි)
උගතුන්ට විතරක් පෙනෙන බිල්ලෙක්ද කොහෙද? අපි අපේ පාඩුවේ මහන්සි වෙලා හම්බකරගන ජිවත් වුනා. එ්ක නිසා අපි බිල්ලෝ දැක්කේ නැහැ. (නදී)
සහතික ඇත්ත !! (නි)
මේ කතා අහලා මට නම් ඇතිවෙලා (නි)
නිශාන්ත, නවීන්, නිමල්, ඕක ඔයාලගේ වරදක් නොවේ, උත්පත්තියේ වරදක්. වර්ෂ 1815 කාලේත් හිටියා ඔයවගේම අය. (නි)
කොටිය යුද්ද කරන කාලේ මෙයාලා කොහෙද හිටියේ එතකොට බය තිබුනේ නැද්ද ? (නදී)
ගෝනි බිල්ලෝ බලා ඉන්නවා වගේ බියක් අද දැනෙනකොට 1989 කාලයේ එයාලා කොහේ හිටියද දන්නේ නැහැ. (නි)
පව් ...අනේ ...මෙයාල ප්‍රකාශ නිකුත් කරන්නේ හරියට කිරි සප්පයෝ වගේ (නදී)
එහෙනම් ඉතින් අපිටත් ඔය බිල්ලෝ පෙනෙන්න එපායැ.. (නි)
බියෙන් ජීවත්වුණ අපි නම් ඉන් නිදහස ලැබුවෙ 2009 න් පස්සේ. (නි)
හොඳයි හොඳයි අපි බලමුකෝ (නි)
කුලියට කරන්නේ කවුද මුතුකුඩ? ප්‍රවෘත්තිය කියන දේවත් හරියට වටහා ගන්න බැහැ (නදී)
මන් පොඩි කාලේ තමයි අහල තිබුනේ ළමයි ගෙනියන්න බිල්ලෝ එනවා කියල. අනේ දැන් ලොකු අයත් ගෙනියන්න බිල්ලෝ එනවද? (නදී)
ඇයි මේ මුතුකුඩට හොඳටම තරහ ගිහින්? කලිසම් කෝට් ඇඳගෙන හිටියට ඒ මහත්වරු කියල තියෙන්නේ රටේ හැමෝම දන්න ඇත්තක් කියල නිකමට හිතෙන්නේ නැද්ද? නිල් පාට කන්නාඩි ගලවලා සත්‍ය දකින්න උත්සහ කරන්න. (නදී)
එතකොට කොටි ඉන්න කාලේ කවුරු බලාගෙන ඉන්නවා වගේද දැනුනේ මහත්තයෝ..(ම)
88-89 හිටිය ගෝනි බිල්ලන් අමතකද ? (නදී)
මිනිස්සු ගොඩකට අතීතය අමතක වෙලා,බිල්ලෝ හිටියේ 2000 ගණන් වලද ? එතකොට අැත්තටම බිල්ලෝ හිටපු කාලය අමතක වෙළාද ? (නදී)
මහත්තයෝ ජාතික නිදහස හා සාධාරණ සමාජයක් සඳහා වන විද්වත් සභාවේ ස්වාධීන විය යුතුයි. ඔයාල ඔය කඩේ යනවනේ ඔයාල හිතාගෙන ඉන්න බුද්ධිමත් විද්වතුන් ඔයාල කියල කියන්නේ කොහොමද ඔයාල නිකන් කැම්පස් ගියා ට ඔයාලට වඩා බුද්ධිමත් විද්වතුන් ගමේ ඉන්නවා කලිසම් කෝට් නොදැම්මට නිකන් නයට කහින්න එපා (බ)