අපිට අතීතය දෙස බැලූවිට දවසින් දවස රට අශීලාචාරවන බවත් මෙය වළක්වාගැනීමේ අවශ්‍යතාවය මත ජනතා විමුක්ති පෙරමුණට එකතුවූ බවත් රාජ්‍ය මූල්‍ය විනාශවීම වැනි දූෂණ වංචා සිදුවූ පාලකයින්ට එරෙහිව හඬක් නැගීමට ඉදිරියට පැමිණි බව හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා එම පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම සඳහා අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය වසර 25ක කාලය තුළ පංචශීලය රැකි දේශපාලන පක්ෂයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ බව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔවුහු කීහ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සමග එහි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂිත ජ්‍යෙෂ්ඨ නීතිඥ අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය, මහාචාර්ය පියදාස රණසිංහ , එස්.එෆ්. හිස්බි මව්ලානා, සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ, ආචාර්ය ජනක් කුමාරසිංහ යන පිරිස එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේගොල්ලෝ පංචශීලය රකිනවා. ඒ කාලේ මතකයි නේද? බොරුද මං කියන්නේ? (නි)
අර කොකා සිල්ගත්තා වගේද? (නි)
මේ පන්සිල් වලට මුසාවාදයෙන් වැළකීම අයිති නැතුවාවද්ද (නි)
දේශපාලන අරමුණු පතා බුදුදහම ගාවගන්න එපා (නි)
ඒ කියන්නේ පහුගිය පාලන කාලේ ප්‍රශ්න තිබිලම නැද්ද? 88/89 කාලේ නම් පන්සිල් රැක්කේම නැහැනේ. (නි)
මෙයාලා රැක්කේ වෙන පන්සිල් පද පහක්ද එතකොට. අනේද කියන්නේ. (නි)
තරහ අවසර! අපිට ඔය පන්සිල් පද පහ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? (නි)
පව් කියලත් හිතෙනවා ඡන්දෙ ගන්න කියන කතා වලට. හිනාවෙලා නිකම් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
මුසාවාදා වේරමණී නම් හරියටම කළා (නි)
ඔය හිනහයන කට්ටිය පාට කණ්ණාඩි ගළවලා හැබහින් බැලුවා නම් සිනහව නතරවෙලා අඬන්න වෙනවා ,දේශපාලුවන් රටට කර තිබෙන විනාශයට (නි)
පංචශීලයට මුසාවාද අයිති නැද්ද මහත්තයෝ? (නි)
මේ කියන පන්සිල් මොනවද කියලයි මම කල්පනා කළේ (නි)
පංචශීලය රැකි ඔබට මෙවර ඡන්දය ෂුවර් නැහැ (නි)
අනේ මෙයාලා දන්න පංචශීලය (නි)
අනේ! රහත් වුණේ එහෙම නැහැනේ? අපරාදේ තව ටිකක් ගියා නම් මෙයාලා රහත් වෙනවා. (නි)
ඇත්ත කියන එක රැක්කාද? නැහැනේ (නි)
අතීතයේ වැරදි තිබුනා. ඒත් පහුගිය වකවානුවේ ඔවුන්ගේ විශාල වෙනසක් පෙනෙනවා. මම හිතන්නෙ වැරදි හදාගත් අයට සමාව දෙන්න පුලුවන්. අද යම් විශ්වාසයක් තියන්න පුලුවන් ඔවුන් ගැන පමණයි (නි)
සාපේක්ෂව ගත් කල සත්‍යක්. (ම)
මුසාවාදය කැඩුවම හොඳටම ඇති සහෝදරයා (ම)
සභාවේ තදින් සිනා.......පන්සිල් පද 5 වෙනස් කරලාද? (ම)
1971 දී මගේ වයස අවුරුදු 20යි. මේවට මට හිනායනවා. (නි)
මේවා අහපුවහම හොරුන්ට ,දුෂිතයන්ට මල පනිනවා .ඔහේ කියන්නන් වාලේ කියවනවා. (බ)
අපායේ ඉදල පොඩි කාලෙකට මෙහෙට ආපු අයට මේවගේ දේවල් අහපුවහම උෟරු ජුවල් (බ)
මෙයාලගේ පක්ෂයේ අය ගැන ජනතාව දන්නවා. (නි)
මුසාවාද කියමින් ජනතාව හැමදාමත් රවටන්නේ ප්‍රධාන පක්ෂ දේශපාලකයන්ය. නමුත් ජේවීපී දේශපාලනය මෙරටට හොඳ පුර්වාදර්ශයක් දී ඇත. මෙය හෑල්ලුවට ලක්කරන අය නොදන්නා දෙය වන්නේ මෙම දේශපාලකයන් විනාශ කරන්නේ අප දුවා දරුවන්ගේ අනාගතය යන්නයි (නි)
මේ අය කියන පංච ශීලය වෙන එකක්වද්ද මන්දා? (නි)
මට මතක්වෙන්නේම අර දොස්තර හොඳ හිත කාර්ටුන් එකෙත් දියරකුසාගේ පන්සිල්. (නි)
මේ රටේ බුද්ධාගමයි පන්සිල් පද පහයි ගැන කියනකොට තදින් හිනා යන අය පහුගිය කාලයේ රටේ වෙච්ච දේවල්වලට කොයි පැත්තෙන්ද දන්නෑ හිනාවුණේ (බ)
පංචශීලය රැකි එකම පක්ෂය ජවිපෙයි. යම් යම් සිදුවීම් අළලා මෙය එසේ නොවේයැයි යමෙකුට කියන්නට පුළුවන් වුණත් සත්‍යය මෙයයි. (නි)
නියම කතාව! (නි)