
(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාස්කු වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවද ජනාධිපතිවරයා කීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
මැල්කම් කාදිනල් රංජිත්කොළඹ අගරදගුරු තුමන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමදුරුවනේ, පේනවා නේද රට පාවා දෙනහැටි NGO කාරයින්ට...!
මෙයා විතරක් නෙමෙයි, ඊළඟට පත්වෙන ජනාධිපතියි, ඊටත් පස්සෙ පත් වෙන ජනාධිපතියි ඔය පරීක්ෂණ කරයි. ඒත් මහ මොළකරුවා නම් කවදාවත් අහුවෙන්නේ නෑ...
1971 කාලයේ ඒවා බැරි නම් 88-89 කාලයේ සිදුවීම් නිසා පීඩාවට පත්වෙලා හිටපු අයටත් යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන්න...
පෝචුගීස් අල්මේදලා මේක දේශපාලකයින්ගේ බෙල්ලේ බඳින තොරොම්පුවක් වෙලා… පරගලය පස්සේ හිටපු පරයෝ….
මේ ප්‍රශ්නෙ විසදන්න. මෙච්චරයි ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ
ලන්කාවේ තව කොච්චර ඛේදවාචක වුණාද? මේ පාස්කුව තවම ඉවර නැත. අපේ බෞද්ධ තැන් කීයකට ප්‍රහාර කරාද ජීවිත කීයක් නැති වුණාද? ඇයි මේ මේක පස්සේම එලවන්නේ. අහිංසක ජීවිත නැති වුණාට අපේ කණගාටුව පල කරනවා. මේ සේරම NGO නඩ.