IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය මගහැරී නිලධාරීන්ට රැකවරණය දීම වැරදියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


පාස්කු ඉරුදින  ප්‍රහාරයේදී  රාජකාරිය පැහැර හැරි නිලධාරීන් කිසිවකුට  හෝ රැකවරණය සැලසීම වැරදි  යැයි   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.

එලෙස රාජකාරි පැහැර හැරි නිලධාරීන්ට තම රජයක් යටතේ කිසිම සමාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ  සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන්  විවාද කිහිපයක් මෙතන පැවැත්වූවා. නමුත් සිද්ධ වෙච්ච දෙයක් නැහැ. ගෝඨාභය බලයට ආවේ මහ මොළකරු හොයනවා කියලයි . වර්තමාන ජනාධිපති ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය උපයෝගී කරගෙන පරීක්ෂණ පවත්වනවා කියලා කිව්වා. නමුත් තවමත් මුකුත් වෙලා නැහැ.ඇත්ත වශයෙන්ම සිදු වෙලා තියෙන්නෙ සැඟවීමක්.

රදගුරු සම්මේලනය රදගුරු තුමා  කතෝලික ජනතාව මේ සම්බන්ධයෙන්  සත්‍ය සොයනවා. ඒ ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙකුට සමාවක් නැහැ. අපි ඒ අයට  පියවර ගන්නවා.  පාස්කු ඉරුදින ප්‍රහාරයේදී  රාජකාරි කටයුතු නොකර  පැහැර හැරපු අයට කිසිම ආකාරයක රැකවරණයක් දිය යුතු නෑ. සියලු කතෝලික ජනතාව මේ ගැන වේදනාවකට පත් වෙලා ඉන්නවා. ත්‍රස්තවාදයාට අපේ රටේ ඉඩක් නෑ.



අදහස් (6)

පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය මගහැරී නිලධාරීන්ට රැකවරණය දීම වැරදියි

රංබොඩ Thursday, 30 November 2023 12:23 PM

අන්තවාදීන් ගේ ම්ලේච්ඡ ප්‍රහාරය වලක්වා නොගැනීම වරදක්. ලෝකයෙන්ම ප්‍රභල මොසාඩ්ලටත් ඒ වරද.සිද්ධ වුණා. නමුත් ඒ වරද.දේශපාලන වාසියකට හෝ තවත් අන්තවාදී කල්ලියක වාසියකට ගැනීම භයානකයි

:       2       0

Rata Perata Thursday, 30 November 2023 12:47 PM

පස්කු ප්‍රහරයෙ මුලිකයන් ආරක්ශා කරන්න තමයි පොහොට්ටුව එකතුවෙලා රනිල් ව දා ගත්තෙ. ඉතින් ඒ්ක තමයි එය දැන් කරන්නෙ.

:       1       5

සමන් විමල් Thursday, 30 November 2023 03:32 PM

රට හරක් පෙරට

:       1       3

Bamunuarachchi Thursday, 30 November 2023 11:05 PM

මේ හාදයාට මලබද්ධය හැදුණත් රාජපක්ෂලා පලි... හලෝ කථා කරනවා 1965 මැයි 15 සිට අද දක්වා ජෙප්පෝ රටට මොනවද කළේ කියලා. වැදගත් දෙයක් කළා නම් අපිත් ජෙප්පෝ වෙන්නම්. ජෙප්පෝ ගැන අපිට කියන්න ඉතුරු වෙලා තිබෙන්නේ ගිනිතිබ්බා, මංකොල්ල කෑවා, මිනී මැරුවා. ඔයිට වඩා දෙයක් කරලා තිබෙනවා නම් කියන්න බලන්න. අපි කරන්නම් කියන ඒවා අදාළ නැහැ... අපි දන්නවා කරන්න බැරිබව. 20000 වැටුප් වැඩිවීම රජයේ සේවකයාට විතරද ඕනේ? කාගෙන්ද ඒ මුදල එකතු කරන්නේ?

:       1       1

Bamunuarachchi Thursday, 30 November 2023 11:07 PM

මට මේ හාදයගේ අදහස් සමග තිබෙන්නේ පුදුම තරහක්‌. රට බල්ලට කියා වෙනස් වෙනවා නම් හොඳයි...!

:       1       1

බනණ්ඩාර Thursday, 30 November 2023 05:19 PM

මෙයාට බලය තිබුණත් ඔය ටිකම තමයි වෙන්නේ. රජයක් පිහිටුවන්න මිනිස්සු ඡන්දෙ දෙන්න එපැයි. දේශපාලන වහල්ලු හැරුණාම ජනතාවට සත්‍ය අවබෝධ වී අවසානයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site