(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගනිමින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉදිරියේදී කුමන ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කරන අයට වුවත් අනිවාර්යෙන් මරණිය දණ්ඩනය ලබා දීමට අවශ්‍ය නීති සම්මත කරගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම තම රජයක් තුළ සිංගප්පූරුවට හා සමාන නිති රීති ගෙනවිත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් 43 ලක්ෂයක් මේ රටේ පාසල් දූ දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් වත්තල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් මෙතෙක් පැවති රජයන් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේ යටගැසීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා සමහර පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාව යැයි කියා එළියට නොදුන් බවත් කීවේය.
පාස්ක-ු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරිමට දේශීය ආරක්ෂක අංශ පමණක් නොව ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය, ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය වැනි ජාත්‍යන්තරව ආයතන සම්බන්ධ කර ගනිමින් එයට මුල් වූ සියලුම දෙනා නීතියට හමුවට පමුණවන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම රජයක් ලෙස හොරකම, දූෂණය අල්ලස වංචාව තුරන් කිරීමට ස්ථාවර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තම රජයක් තුළ හොරුන්ට ඉඩක් නොමැති බවත් පැවසූ විපක්ෂනායකවරයා රටට අහිමි වූ දේපල යලි ගෙන ඒමේ පනතක් සහ කළමනාකරණ අධිකාරියක් ඇති කරන බවත් ඉන්ටර්පෝල් ඇතුළු ලෝකයේ ආරක්ෂක ආයතන සමග සම්බන්ධ වී හොරුන් මෙන්ම ඔවුන් හොරාකාපු සම්පත් යලි ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම රටේ ලක්ෂ 220ක් සියලු දෙනා එකට එක්තු කරගනිමින් රට ගොඩ නගන මහා ජාතික විප්ලවයකට රට ගෙනයන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් හොඳටම පේනවා කිසිම අලුත් වැඩ පිලිවෙලක් නැති නිකම්ම නිකන් නාමික විපක්ෂ නායක කෙනෙක් කියලා.
ඇයි බන් එතකොට ආන්ඩුව කලේ උබලනෙ.
සජිත් මහත්තයෝ, මහබැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය වගේ දේවල් වෙනකොට ඔයත් ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් වෙලා හිටියනේ? ඒ ආණ්ඩුව තිබුණු කාලේ ඔයා ඔය විදියට කතා කරපු වගක් නම් මට මතක නැහැ. අනිත් දේ තමයි ඔයා ඔය බෙදබෙදා යන බස් මවන්නේ කොහොමද කියන එක..! මොකද ඔය බස් සල්ලිවලට ගත්තු ඒවා නම් වෙන්න බැහැ. කොහෙන්ද අප්පා ඔච්චර සල්ලියක්...? කවුරු හරි සල්ලි කාරයෙක් දෙන සල්ලියක් නම් ඔයා දිනුව ගමන් එයාට හොඳට සලකන්නත් වේවි... මතකනේ අර ගෝඨාභය දිනුව ගමන් ගජ මිතුරන්ට බදු සහන දුන්නා...
හොරුන්ට ඔයාගේ රජයක් යටතේ ඉඩ නෑ කිවුවට ,බනානා සුජියා ,නෙල්සන් ,සංස්කෘතික අරමුදල හොරා කාපු ඔයාට මොකද වෙන්නේ
ඒක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන .හැබැයි ඒක කරන්න පුළුවන් එන්.පී.පී එකට විතරයි
නින්දෙන් ඇහැරිලා හීන ගැනද ඔය කියවන්නේ .නිකම් බොරු කියන්නේ නැතිව ඉන්න .විපක්ෂ නායක කාර්යාලයේ කෝටි ගානක මුදලට ඉස්සෙල්ලම වගකියලා ඉන්න කරුණා කරලා
අලි රජා වෙන්න කුමන්ත්‍රණයට උදව් කරපු කෙනාව බිල්ලට දෙනවද එතකොට .
පාස්කුව විකුනන් කන තව එකෙක් . සිරිපාලට දැඩි දඬුවම් දෙන්න පුලුවන්ද ඔහෙට?:
බැඳුම්කර හොරු ගැන කියන්නෙ නැත්තෙ ෆුට්නෝට් දාපු සුජීව සේනසිංහ ස්ටේට් එකට නැග්ග නිසාද? හොරු අල්ලන පොරොන්දුව නම් කෙරෙන එකක් නෙවෙයි මොකද හොරු බාගයක් මෙයාගෙ ලඟ ඉතිං කොහොම ඕව කරන්නද?
බලාගෙන ඉන්න ඕවා අකුරටම කෙරේවි බලය ගත්තම. පියාගේන් පුතුට ලද ජානමය ස්වරූපය ඉස්මතු වෙනවා . ඊට පස්සෙ මමයි සේරම දන්නෙ, මම කියන එක තමයි හරි, ඉංජිනේරුවො, වෘත්තිකයන් මොකටද කියන පියාගෙ ස්වරූපය අනුව කටයුතු නොකරනවා නම් මේ ප්‍රේමදාසගෙ පුතා නෙවෙයි. මොකද පියාගෙ යුගය අපි ගතකලා,පුතාගෙ ඇමති යුුගය දැක්ක යන පාර පැහැදිලියි. පිස්සු ලෝකයක් බලතැහැකි
ෂෝක්නෙ… මේ විරුවාට ඡන්දේ දෙමු අපි…..
ජයෙන් ජය සජිත් මහත්තයෝ.කොහොමහරි රට ගොඩ ගන්න මගේ දෙයියෝ
ඔබේ ආණ්ඩුවේ රස්තියාදුකාරයන්ට තැනක් නැති බව ඔබ කියන නමුත් ප්‍රායෝගිකව අපට පෙනෙන්නේ ඊට වඩා වෙනස් දෙයකි. ඔබේ වේදිකාවේ රාජිත, කිරිඇල්ල වැනි රස්තියාදුකාරයන් සිටියදී තක්කඩියන්ට දඬුවම් කරන්නේ කෙසේද?
කාදිනල් තුමා කේජු පෙන්නලා රවට්ටන්න බැහැ
මහමොල කරුවා පොපට් මොහොමඩ් අන්න පුලුවන්නම් දඬුවම් කරන්න. ඉස්සෙල්ලා මුස්ලිම් ආගම ගැන අවබෝධයක් ගන්න ඊට පස්සේ මේවා ගැන හොයන්න.
පාස්කු ප්‍රහාරේ දෙමටගොඩ බෝම්බ කරුවන්ගෙ පියා පක්ෂෙක අපේක්ෂකයෙක්, හැබැයි එයා ගැන ඒ පක්ෂෙ මීක් නැහැ, වෙන පක්ෂයක් අතින් උනානම් බලන්න තිබුන.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයව අල්ලලා ඔබතුමාගේ ඉංගිරිස් වලින් විනාඩි 15ක දේශනාවක් දෙන්න. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම දඩුවම.
මූ මිනිස්සුන්ව අන්දන එකේ සීමාවක් නෑ.මුගේ වටේ ඉන්න සෙට් එක දිහා බැලුවම අපිට හිතාගන්න පුළුවන් මූ පටන් ගන්න යන වැඩ පිලිබද.කිරිඇල්ල,හැරිසන්,කෙසෙල් සුජීව,වට්ටි අම්මා හිරුනිකර්, මරු සෙට් එකක් ඉන්නේ.
ඔබ කියන දේවල් විස්වාශ කරන්න අමාරුයි . ඔබ කෙසේ වෙතත් මෛත්‍රිපාල උන්නැහේට දඩුවම් කරන්නෙ නැ, මොකද ඔහු ඔබේ හොද හිතවතෙක්
අනේ නිකන් පලයන් යන්න .බම්බුව තමයි
කල නොහැකි පොරොන්දු නොදී ඉඳින් මහත්තයෝ .ඔයාගේ ශ්‍රීමත් පියතුමා කීවා 2000 දී සැමට සෙවන කියලා.අනේ 2000 දී පොරත් නෑ සැමට සෙවනත් නෑ
ඔයා බලයට ඇවිල්ලම හොරුන්ට දඬුවම් දෙන්නට කලින්, ආදර්ශයක් හැටියට පුළුවන් නම්, කිරිඇල්ල වයි සහ කබීරුත් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපන්න කෝ? තවද කූට ලේඛන සකස් කල තිස්ස අත්තනායකත් ඔයාගේ පක්ෂයේ සහ සතොස හාල් ආනයන වංචාවට හවුල් රිශාඩුත් ඔයාගේ සන්ධානයේ. ළඟදී දිවුරුම් දුන්නු ෆව්සිටත් රජයේ වාහන නීති විරෝදීව භාවිතා කලයි කියල නඩුත් විභාග වෙනවා. මෙයාගේ වටේටම ඉන්නේ හොරුන්. ඉතින් කියන්නේ, ආවුත් හොරුන්ට දඬුවම් දෙනවලු.
හොරුත් එක්ක හිටගෙන හොරුන්ට දඬුවම් දෙනවලු. අනේ දැන් විකිනෙන මාතෘකා අරගෙන මොනවා හරි කියවනවා චන්දේ බලාගෙන. ඕවාට රැවටුන මිනිස්සු දැන් නෑ. අනික දැන් දේශපාලනයට ඔබතුමාලා වගේ යල් පැනපු කට්ටිය හරියන්නේ නෑ. වැඩකට ඇති කව්රුවත් ඔබතුමා සමඟ නෑනෙ.. කිසිම වැඩපිළිවෙලක් නෑ රට දියුණු කරන. අළුත් අදහස් ඇති තරුණ පරපුරක් තමයි ඕනේ. ඔබතුමා වැඩ කරන්නේ ප්‍රාදේශීය නායකයෙක් වගේ. ටොෆි, සීනිබෝල, හාල්, පොල් දීල දැන් කාලේ චන්දේ ගන්න බෑ. අපි මෙහෙමයි රට දියුණු කරන්නේ. කියලා පෙන්නන්න. මොනවා පෙන්නන්නද නේද. වැඩ පිළිවෙලක් නෑනෙ.
පාස්කු ප්‍රහාරකයන්ට මෙයා කොහොමද දඬුවම් දෙන්නේ .දඬුවම් දෙන්නේ උසාවියෙන් ,නැතිනම් නීතිය අතට ගන්න ඕන අර අපත ජෙප්පා ලපයත් ගිරිය පුප්පා ගෙන කට උල් කර කර කෑ ගහන්නෙත් ඔය ටික කියලම තමයි
එන්.පී.පී විතරයි .ඕක කරනවානම් කරන්නේ .අනිත් අය ඔක්කොම යාළුවො
කට ඇති වැඩ නැති ඔබවැනි හිස් කළ දෙන හඬ අඩු නැති.