(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විපක්ෂයේ මන්ත්‍රී වරයාට විරුද්ධව නඩු දානවද? එසේ නැතිනම් ඔහු නිදහස් කරනවාද? යන්න වහා ප්‍රකාශ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.

පොලිසියට මෙන් ම නීතිපතිට ඒ කාරණය දන්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

"අප අද පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා. අපේ මන්ත්‍රීවරයෙක් අරගෙන අත්අඩංගුවේ තබා ගත්තා.ඔහු සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?මේක අරගෙන යන්න බැහැ. පොලිස්පතිවරයාගෙන් මම මේ ගැන විමසනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-

මමත් ඒ ගැන අහන්නම්.