(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීම අවසාන අදියරේ පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට නුදුරේදීම අධි චෝදනා ගොනු කෙරෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
නීතිපතිවරයා මෑතකදී ජනාධිපතිවරයා හමුවූ බවත් ජනාධිපතිවරයා එහිදී මේ සම්බන්ධයෙන් විමසීම් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විමර්ශනවල ප්‍රගතිය විස්තර කළ බවත් අධිකරණ ඇමතිවරයා කීවේය.
මේ පිළිබඳ විමර්ශන කාර්යක්ෂම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටින බවද අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සියයකට වැඩි පිරිසක් දැනට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මින් පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින අතර තවත් පිරිසක් රැඳවුම් නියෝග යටතේ පොලිසිය භාරයේ පසුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළඟයිදෝ...!!!
මහත්තයෝ නඩු දාන්න ඉස්සෙල්ලා ඒකට මුල්වෙච්ච අය හොයාගන්න... රටට විහිලු සපයන්න එපා..
ඇත්තටම ඒ අයද කරලා තියෙන්නේ..? වෙන කට්ටියක් නොවේද? නැවත පොඩ්ඩක් හොයලා බැලුවොත් නේද හොඳ?
මෙයා දාන නඩු... රටේ මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙනකොට පාස්කු ප්‍රහාරය, මහ බැංකුව එළියට එනවා...
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සහ දරුවන් මෙහෙකාර සේවයේ තබාගත් ප්‍රධාන සැකකරුවන්ට නඩු යනුවෙන් වෙනස් විය යුතු නොවේද?
මන් හිතන්නේ මොලකරු ආණ්ඩුවේම කෙනෙක්
මොනවා නැතත් ඔබතුමා ඇත්ත කියනවා ,ළඟදීම කියන වචනය අවුරුදු 70 ක් තිස්සේ අවභාවිත වෙන වචනයක්
බයිලා කියනවද ?
උද්ඝෝෂණ කරදරෙන් බේරෙන්න කොහෙවත් යන ගැරඩියෝ දෙන්නෙක් අල්ලලා නඩු දාවි .ඊට පස්සේ උද්ඝෝෂණ නවත්තුවම උන් කළා කියලා සාක්කි නැහැ කියලා නිදොස් කොට නිදහස් කරාවි .
නියම චෝදනා හෙළිදරව් කරන්න!
ඇත්ත කියහන් චන්දයක් ලඟයි නේද?
මේ රටේ කුඩා දරුවන් හැර ඔබතුමා ඇතුලුව බුද්ධිමත් බහුතරයක්ම සහ සුද්දෙන්ම දන්නවා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවා කවුරුන්ද කියා...? කියන්න බයේ ඉන්නේ. ඔය මුට්ටියද මොකක්ද එක හින්දා ඒක එළිදරව් කිරීම තමන්ගේ අතින්ම තමන්ගේ ගෙල සිඳගන්නවා හා සමාන නිසා ජනතාව නිහඬව ඉන්නවා. දෙවැනි පෙලේ ඉන්න පැහැදිලි වරදකරුවන් නොහොත් අත්උදව් කරුවන් නිදැල්ලේ තියලා තුන් වැනි පෙලේ වගකිය යුත්තන්ට දඬුවම් කරන එක ගැනයි ඔබතුමා මේ කියන්නේ. උගත් ඇමතිතුමෝ! ඔබතුමා මේ කියන්නේ කොන්ඩේ බැඳපු චීනුන්ට හොඳ බයිලා....
දවස කියන්න බැරිද? බත් කාලා කට දනවට බුල්ටෝ දෙනවා වගේ මොකක් හරි කියලා මිනිස්සුන්ගේ අවධානය කොහාට හරි හරවන විහිළු වැඩ දැන්වත් නවත්වන්න.