IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාදැයි තීන්දුව කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ප්‍රමාණවත් බුද්ධි  තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු නොකිරීම තුළින්  සිය මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ගොනු  කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගන්නවාද නැත්ද යන පිළිබද නියෝගය පසුවට ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු  කළේය.

මෙම පෙත්සම් අද (26) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලු අතර එහිදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීම කල් තබන ලදී.

එම බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ⁣ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයට හසුවූ නීතීඥ මෝදිත ඒකනායක  ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම්  අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී.දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු තහවුරු කෙරිණි.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාදැයි තීන්දුව කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site