( නාලක සංජීව දහනායක)
පස්වලට රත්‍රං මිශ්‍රකර පිටරට යැවීමේ ජාවාරාම පිළිබඳ පරීක්ෂණ ඉහළ නිළධාරීන්ගේ බලපෑම් මත අතරමඟ නතරවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.
එවැනි පස් කන්ටේනර් කිහිපයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම නිසාවෙන් බරපතල සමාජ දේශපාලන අර්බුධයක් නිර්මාණය වී තිබෙනවා. මෙම වෙළඳ ගිවිසම කවදාවත් අහෝසි කරන්න බැහැ. මෙය අහෝසිකිරීමටනම් බේරුම්කරණයට යා යුතුයි. එය සිදුවන්නෙත් සිංගප්පූරු ක්‍රමයටයි. 1815 දී අත්සන්කළ කන්දඋඩරට ගිවිසුමෙන්වත් මේ ආකාරයේ දරුණු පාවාදීමක් සිදුවුනේ නැහැ. එම ගිවිසුමටත් සිංහල පිටපතක් තිබුණා.
නමුත් මේ ගිවිසුමට සිංහල පිටපතක් නැහැ. මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම රටට කොඩිවිනයක්. යම්කිසි විදියකින් එක්සත් ජාතික පක්ෂයට සම්පූර්ණ ආණ්ඩු බලයක් ලැබුනොත් රටට සිදුවන විනාශය කෙබඳු දැයි මෙම ගිවිසුමෙන් මනාව පෙන්නුම් කෙරෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස්රමයේදී අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා රට පාලනය කරපු කාලේ සෑම පරීක්ෂණයක්ම බලපෑමකින් තොරව සිදු වුනාද?
දැන් ඉතින් අහෝසි කරන්නත් බැරි නම් ඔබතුමාලා මේකට කැගැහුවට වැඩක් නැහැනේ.
මොකක්ද ඔය නිර්මාණය වෙලා තියෙන අර්බුධය? රුපියල් 2500 කින් මාසයක් ජිවත් වෙන්න බැරි එකද?
තමන්ගේ මව්බිමට සිදුවෙන හානිය හා විනාශය ගැන තර්කනුකුලව පෙන්වා දෙනවිට ඒවා සමච්චලයට ගෙන පුහු කතා කියන්නේ රට ජාතිය ගැන ආදරයක් හැගීමක් නැති අය බවයි මද්යස්තව බලන අයට වැටහෙන්නේ. සිංහලයන් ගෙන සුළුතරයක් රට පවා දෙන්නන් . එවැනි අයගෙන් රටට සිදුවන විනාශය ඇති විශාලයි. ඒ විනාශය නැවත පුනරුත්තපනය කිරීම ලෙහෙසි නැහැ.
එතකොට උඩරට ගිවිසුමෙත් නැති විදියට " සින්නක්කරව පවරා දෙම්හ" කියල තියෙන ෂැන්ග්‍රීලා ගිවිසුම ගැන මේ විදිහට කෑගැහුවෙ නැත්තෙ පණට තියෙන ආදරේටද ?
හරියට රට පාලනය කලාද දුෂනයෙන් බීෂණයෙන් තොරව. ලජ්ජා නැතුව කතාකරන හැටි. .
මේ හලෝ, දැන් මහපොළවේ පස් වලටත් රත්‍රං මිශ්‍රකර පිටරට යැවීමේ තත්වයක් තියෙනවා නම් අපේ රට කොතරම් සශ්‍රික, සමෘධිමත් බව පේනවා නේද? දැන් ඔබලාට ඉරිසියා නේද? මාසෙකට රුපියල් 2500කින් මුළු පවුලම කාල බීල හිටපු යුගය ඉවර බව පෙනුනේ 2015 ජනවාරි 08 වැනිදා බව තවම තේරිලා නැහැ වගෙයි. කවුද ඔබට ඔය "ආචාර්ය"... බන්දුල ගුණවර්ධන කියන පට්ටම හිස මත තැබුවේ? අපේ රටේ පඳුරකට පයින් ගැහුවම ඔය වගේ "ආචාර්ය" පට්ටම් හැම පැත්තකටම විසි වෙනවා!!!! ඔය මොකද්ද "පර්යේෂණ ඒකකය" තියන්න පන්සලක්ම ඕනෑද මහින්ද බොස්ට වගේම?