අන්තර්ජාලයේ පේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හඳුනාගත් ගුරුවරියක හා මිතුරු වී ඇය අවමාන තර්ජනයට ලක් කැර ඇගේ නිරුවත් ඡායාරූපද ගත් බව කියන පුද්ගලයකුට එරෙහිව නඩුව විභාග කිරීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අගෝස්තු තුන්වැනිදාට කල් තැබිණි. එස්. වීරරත්න නම් සැකකරු නිවැරැදිකරු බව කීවේය. ගිය වසරේ සැප්තැම්බර් 15 වැනිදා පේස් බුක් වෙබ් අඩවියෙන් හඳුනාගත් ගුරුවරිය බම්බලපිටියේ හෝටලයකට ගෙන්වා නිරුවත් ඡායාරූප ගෙන ඇතැයිද ඒවා ප‍්‍රචාරය නොකිරීමට නම් අඹුසැමියන් ලෙස හැසිරිය යුතු බවට තර්ජනය කළැයිද එම කතගේ පැමිණිල්ලේ දැක්වේ. ඔහු ඇගෙන් අවස්ථා දෙකකදී රුපියල් එකොළොස් දහසක්ද ලබාගෙන ඇත. සැකකරු ඇප පිට සිටියි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හෙළි වූ එක් සිදුවීමකි. වර්තමානයේ රට පුරා පවතින කාමර කුලියට දෙන ස්ථාන වල දිනපතා කාන්තාවන් පමණක් නොව පාසල් වයසේ දැරියන් විශාල පිරිසක් තම ආත්මය කෙළසා ගනී. මෙම කාන්තාව වැරදි කර අමාරුවේ වැටුනු පසු නීතියේ පිහිට පැතීම තුළ මෙම අපරාධ වල පවතින ද්විතික ස්වාභාවය වටහා ගත හැක. පාසල් වල ඇති වන බොහෝ ආදර සබදතා කෙළවර වන්නේ මෙවන් විපත් වලට කාන්තා පාර්ෂවය මුහුණ දීමෙනි. එය පිරිමින්ගේ වත් ගැහැණුන්ගේවත් වැරැද්දක් ලෙස හංවඩු ගසා පලක් නැත. එය වර්තමාන සමාජ ක්‍රමයේම ඇති වැරද්දකි එය වටහා ගත නොහැකි වන ඕනෑම අයකු මෙම ද්විතික අපරාධ වල ගොදුරක් විය හැකිය.
ශලනි, ඔබ වැනිව ශිල්පීනියක වූ සචිනි අයෙන්ද්‍රා දියණියද වරක මා සමඟ දුරකථනයෙන් පැවසූයේ ඇගේ ඡායරූප පවා අන්තර්ජාලකරුවන් විසින් නුසුදුසු ලෙස භාවිතා කර ඇති බවකි.ඇය විසින් නිෂ්පාදනය කරනු ලබන නවතම කලාකෘතියක තිරනාටකය ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ගැනීම සඳහා ඇය මෙසේ මා අමතනු ලැබින.කෙසේ වුවද මෙබඳු බුද්ධිමත් කලා ශිල්පිනියන් කලා ක්ෂේත්‍රයට ආලෝකයක් බව නොකිව මනාව. ශලනි හා සචිනි දියණිවරු දෙදෙනාගේම අනාගත කලා ජීවිතයට සුබ පතමි..
මේ ගුරුවරියව බලෙන් වෙන්න ඇති ඇදන් ගිහිල්ලා තියෙන්නෙ..අනේ පව්..
මෙයානම් ගුරු වෘත්තියට සුුදුසු නැහැ..!!
ගුරුවරියක් උනත් නැත් ඕනම ගැහැණු කෙනෙක් මීට වඩා සමාජය ගැන තේරැම් ගන්න ඕන..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ සර් ඇත්තටම මේ වගේ දේවල් වලට නීතියෙන් කටයුතු කරන්න බැරිද, අන්තර්ජාලයේ අනිත් අයගේ පුද්ගලික ෆොටෝ දාන එක වගේ ජරා වැඩ වලට. ඔබ තුමා වැනි උගතෙක් අන්තර්ජාලයේ සිටීමත් අපිට සම්පතක්. කරුණාකර මට උත්තරයක් ලබා දීමට ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
පොඩ්ඩක්වත් මොලේ තිබිලම නැහැනේ..!!
මොනවා උනත් ගුරුවරියක් කියන්නෙත් මනුෂයෙක් නිසා එයාට බනින්න බැහැ. මිනිහනම් නියම අසහනකාරයෙක් වෙන්න ඇති. ඔයවගේ අසහනකර මිනිස්සු ඕන තරම් අද සමාජයේ ඉන්නවා. අනෙක ගුරුවරිය හොඳ ගුරුවරියක් නිසා තමයි පොලිසියට ගිහින් තියෙන්නේ.
(මෙන්න අපේ ආචාර්යතුමාගේ උසස් අදහස්) ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-28 12:38:08 "පින්තූරවල ඉන්න කෙල්ලෝ ටික නම් මාරයි වගේ. බලන්න කෝ ෆාදර්ස්ලා ලගටම වෙලා වාඩිවෙලා ඉන්න අපූරුව. අනේ මටත් යන්න තිබුණ නම් මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්න පුංචි පහේ කෑල්ලක් වත් සෙට් කරගෙන ස්වර්ගයට යන්න තිබ්බා. කොහෙද අපේ හාමුදුරුවරුන්ට මෙච්චර ලස්සන කෙල්ලෝ උද්ඝෝෂණවලට යොදා ගැනීම ගැන කිසිම දැනුමක් නැහැනේ.ඒකත් එකට බලන්න ෆාදර්ලා අපි වගේ කොල්ලෝ ගැන හිතන අපූරුව නේද?" මේවට තමයි වැදි බණ කියන්නේ
එක අතකර බලනකොට මේවා කාන්තාවන්ට හොඳ පාඩම්. හොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරනවට.සමාජය පිලිඹද අවබෝදය අඩුකම නිසාත් මෙහෙම දේවල් වෙනවා එහෙම උනාම ජීවිතේට දන්නෙ නැති කවදාවත් දැකල නැති මිනිස්සුන්ට අහුවෙනවා.
ආදරයෙන් බැදුන දෙදෙනකු අතර ඇතිවන විශ්වාසය ඇත්තටම මෙවැනි මුහුණු පොතක් තුළින් සොයා ගන්න පුඵවන්ද කියන ගැටඵව මුලින්ම ඇතිවෙන්නේ.. අද සමාජයේ අපි හොදින්ම දන්නා පුද්ගලයින්ව පවා අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නොතිබියදි , ඇයි මේ වගේ මවාපාන චරිතයන් සිටිනා මුහුණු පොතින් ඒ විශ්වාසය ගොඩනගා ගන්න තැත් කරන්නේ..?? මේ කතාවෙන් එක් දෙයක් හොදින්ම පැහැදිලියි, මොනවා වුනත් අවසානේ ගල් ගසා තිබෙන්නේ කාන්තාවට පමනක් බව සහ මෙහි කමෙන්ට් දමා ඇති අයත් එයම කර ඇති බවත්.. මේ සිදුවෙලා තියෙන්නේ බල්ලන් මරා හෝ සල්ලි හොයන අද සමාජ ක්‍රමයේම තවත් එක් හරස් කඩක් අපි ඉදිරියේම හෙළිවීම පමනයි..
ගුරුවරයෙකුත් වෙලා මෙහෙම ගොන් කමක් කර ගත්තා නම් එයාගේ ගුරු වෘත්තියෙන් ඇති වැඩේ මොකක්ද?
අත්පුඩි ගහන්නේ අත් දෙකින්මනේ. අනේ ටීචර් බබා...
කොල්ලගෙ නම් වැරැද්දක් නැ.කොල්ලා බලෙන් මුකුත් කරල නෑනේ . අනෙ මෙහෙමත් ටිචර්ලා. ළමයින්ට දෙවියන්ගෙ පිහිටයි.
මේ ටීචර් ඕන දේකට ඔට්ටු නිසානේ පොලීසිත් ගිහින් තියෙන්නේ..
ශලනි තාරකා දියණිය,ඔබගෙත් ඡායරූප හා විස්තර අනිසි ලෙස අනතර් ජාලකරුවන් විසින් භාවිතා කර ඇති බවක් දුටිමි.හැකිනම් නීත්‍යානූකූලව කටයුතු කරන්න. කෙසේ වුවද ඔබවන් කුඩා දියණියකගේ ආකල්ප බෙහෙවින් උසස්බව දැක ගැනීමට ලැබීමත් සතුටකි.ඔබගේ කලා කටයුතු සාර්ථකවීමට සුභ පතමි. තෙරුවන් සරණයි ..!!!
සම්පූර්ණයෙන්ම මේ ගුරැවරියගේ වරද?
ඔය ආචාර්ය ගොයියනම් කැපී පේන්න වැදිබණ දෙසාබාන කෙනෙක් වගේ තමයි දැන්නම් පෙන්නේ
ටීචර් නෝනගේ ෆොටෝ ගත්තට පස්සේ කොල්ල බෑ කියල වගේ...
ගුරු මුෂ්ටිය තියාගත්ත හින්දද දන්නෑ කොල්ලට එපා උනේ.
තවත් මෙහෙම ටීචර්ලා ඉන්නවද දන්නේ නෑ facebook එකේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනි
ගුරුවරිය හොද නම් ඇයි හෝටල් වලට රිංගුවේ? හොද වැඩේ
එක අතකට බලනකොට මේවා කාන්තාවන්ට හොඳ පාඩම්. සමහර ගැහැනු ළමුන් තම පෙම්වතාට කියලා ඊමේල් ලිපිනයකුයි, පේස් බුක් අකවුන්ට් එකකුත් සාදා ගන්නවා ඉතින් මෙම ළමුන්ගේ රහස්‍ය පද පෙම්වතුන් දන්නවා. අවාසනාවකට හෝ තම පෙම්වතිය තමා අතහැර ගියහොත් දෙකේ පන්තියේ පෙම්වතුන් කරන්නේ තමා සමග පෙම්බස් දොඩමින් ගන්නා ඡායාරූප (බොහෝ විට අසභ්‍ය ඡායාරූප) තම පෙම්වතියගේ නමින්ම පේස් බුක් එකේ පල කිරීම. ඒ වන විට ඔවුන් පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පද ඔවුන්ට ඕනේ විදිහට වෙනස් කර තම පෙම්වතියන්ගේ පේස් බුක් අකවුන්ට් එකේ පාලනය සිහතට ගෙන ඇය අපහසුතාවයට ලක්වන අයුරින් කටයුතු කිරීම සිදුවෙනවා. මෙහිදී දෙන්න පුලුවන් අවවාදය තමයි පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. එසේම එය සෑදීමට ගන්නා ඊ මේල් ලිපිනයේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. පෙම්වතා එය සාදා දුන්නත් එය තමුන් වෙනස් කරන්න දැනගත යුතුමයි. එසේ නොමැති වුවහොත් ඹයවගේ සිද්දි ඉදිරියටත් අපට අහන්න ලැබේවි.
එක අතකට බලනකොට මේවා කාන්තාවන්ට හොඳ පාඩම්. සමහර ගැහැනු ළමුන් තම පෙම්වතාට කියලා ඊමේල් ලිපිනයකුයි, පේස් බුක් අකවුන්ට් එකකුත් සාදා ගන්නවා ඉතින් මෙම ළමුන්ගේ රහස්‍ය පද පෙම්වතුන් දන්නවා. අවාසනාවකට හෝ තම පෙම්වතිය තමා අතහැර ගියහොත් දෙකේ පන්තියේ පෙම්වතුන් කරන්නේ තමා සමග පෙම්බස් දොඩමින් ගන්නා ඡායාරූප (බොහෝ විට අසභ්‍ය ඡායාරූප) තම පෙම්වතියගේ නමින්ම පේස් බුක් එකේ පල කිරීම. ඒ වන විට ඔවුන් පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පද ඔවුන්ට ඕනේ විදිහට වෙනස් කර තම පෙම්වතියන්ගේ පේස් බුක් අකවුන්ට් එකේ පාලනය සිහතට ගෙන ඇය අපහසුතාවයට ලක්වන අයුරින් කටයුතු කිරීම සිදුවෙනවා. මෙහිදී දෙන්න පුලුවන් අවවාදය තමයි පේස් බුක් අකවුන්ට් එකේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. එසේම එය සෑදීමට ගන්නා ඊ මේල් ලිපිනයේ රහස්‍ය පදය කාටවත් කියන්න එපා. පෙම්වතා එය සාදා දුන්නත් එය තමුන් වෙනස් කරන්න දැනගත යුතුමයි. එසේ නොමැති වුවහොත් ඔයවගේ සිද්දි ඉදිරියටත් අපට අහන්න ලැබේවි.
Facebook මුර පද කිසිවෙකුටත් දෙන්න එපා...
මෙහෙමත් වැඩ වෙනව නේද .....
හෝටලයට ගියේ භාවනාකරන්නද...
අනේ මටත් වීරරත්න වගේ වැඩ කාරයෙක් වෙන්න තිබුණනම්
සමහරුන්ට උගත්කම තිබ්‍රණට බුද්ධියක් නොමැතිකමයි මෙයට හේතුව. ආචාර්ය මහාචාර්ය වුණාට ඔවුන් ඒ තත්වයට පත්වුණේ කට පාඩම් කර හෝ මුදල් වියදම් කර ඉගෙනගෙන හෝ අනිකෙක් කපාගෙන යාමේ ආත්මාර්ථකාමී හැගීම දෙන මේ අධ්‍යාපන ක්‍රමය නිසයි. මෙ රටේ ඉන්න බහුතරය උගත් මෝඩයන් පිරිසකි. (නි)
කිසිම නිර්මාණශීලීත්වයක් නැති උගත් මෝඩයන් බිහිකරන මෙම අධ්‍යාපන ක්‍රමය වහාම අහෝසි කර, නියම බුද්ධිමතුන්ට පමණක් උපාධිය දීමේ ක්‍රමයක් මෙම රටේ ඇතිකළ යුතුයි. ජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන ඔවුන්ගේ සාක්කුවට විදීමට විවිධ ගැට ගහන සහ මෙවැනි මෝඩ උගතුන් බිහි කරන මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් සැදු සුද්දන් සහ එම අධ්‍යාපන ක්‍රමේම ලැගගෙන එයම හොදයි කිය කියා එයම නැවත අනුමත කරන ආචාර්ය මාහචාර්යවරුනුත් මෙයට වග කිව යුතුයි.(තොප්පිය හරිනම් කවුරු කව්රුත් දා ගත්තත් මට කමක් නැහැ) (නි)
නිරුවත් ඡායාරූප ගන්න කොට කැමැත්තෙන් පෙනී හිටිය ද ? පුදුම ගුරුවරයෙක් නේ.
හැමදේම පරිස්සමින් කල යුතුයි..
මේ ටීචර්ගෙන් ඉගෙනගන්න ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි.
ෆේස් බුක් එකෙන් අදුනගෙන මෙහෙමත් ගමන් යනවද ගුරුවරු....
මටනම් පිරිමියාගේ වැරැද්දක් කියන්න බෑ. මෙයා ගුරුවරියක් නෙමේ වෙන් ඇති. මේ මෝඩිටත් ඉන්න බැරුවද කොහෙදෝ එන්න කියන තැන් වලට ගිහින් තියෙන්නේ. නැත්තම් මේ පිරිමියට මේ ගුරුවරිය කියන කාන්තාවගේ නිරුවත ඡායාරූප ගත තරන්න බෑනේ. මිනිහා එළියට දාලා ගුරුවරිය රිමාන්ඩ් කල යුතුයි.
සීනි බෝල කතා එපා නංගි, ඔයා අයිය එක්ක හෝටලේට ගියේ මොන එහෙකටද එහෙනම්...
අනේ අපොයි ටීචර් ?
තාම අපේ මිනිස්සුන මොලේ පැහැදිලා නැති හැටි, දැනගෙන අමාරුවේ වැටීමක්
පිස්සු කතාවක්නේ ,ඇයි මේ ගුරුතුමී නිරුවත් ෆොටෝ ගන්න හෝටලේට ගියේ ????
ඔහ් ....ෆොටෝ ගහනකන් බලාගෙන ඉදලද ? නැත්නම් සිහි නැති කරලද ?
ආදර්ශමත් ගුරුවරියක් ............
අපිත් පේස් බුක් පාවිචිචි කරනවා ඒත් මේවගේ දේවල් වලට අහුවෙන්නෙ ගුරුවරු නමි ළමයි කොහොම වෙයිද?
ළමයින්ගේ මොලේ පාදන්න කලින් ගුරුවරුන්ගේ මොලේ පාදන්න වෙයි වගේ..
ඒකනම් ඇත්ත ප්‍රසාද්...
මැටි ගුරුවරු..
මේ වගේ සිදුවීම්වලට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නම් නැහැ. එත් ගැහැණු අය ලංකාවේ සිදුවන මීට සමාන සිද්ධීන් කිසිවකින් පාඩම් ඉගෙන නැති බවක් පෙනී යයි.
මෙයා මොන්ඩිසෝරි ගුරුවරයෙක්ද ?
මෙයා ජීව විද්‍යා ගුරුවරියක්ද.
අළුත් පාඩමක් කියලා දීලා අමාරුවේ වැටිලා.....මැටි ගුරුවරු.......
මේ කිසිම දෙයක් බලෙන් කරල නෑ නේද ?
ආදරේ නිසා අමාරුවෙ වැටෙන අය ඔහොම තමයි.. ගැහැණිය අපවාදයට ලක්කරන්න එපා පිරිමින්නේ...
අන්තර්ජාලය හොඳට මෙන්ම නරකටද භාවිතා කළහැකියි.එබැවින් එය සුදුසු ලෙස බුද්ධිමත්ව භාවිතා කිරීම මිනිසුන්ගේ වගකීමකි.තාක්ෂණය හා විද්‍යාව කෙතරම් දියුණු වුවද මිනිස් චර්යා හා ආකල්ප ඊට සමාන්තරව දියුණු නොවීම මෙබඳු සිදුවීම් ඇතිවීමට ප්‍රධාන හේතුවයි.කරන වෘත්තිය හෝ සමාජ මට්ටම නෙවෙයි මෙතැනදී වැදගත් වෙන්නේ.ඒ පුද්ගලයාගේ ක්‍රියා කාරීත්වයයි.ඒ නිසා පුද්ගලයාගේ බාහිර ස්වරූප අනුව පුද්ගල වටිනාකම් ලබාදීමේ ස්වරූපය වැරදියි.කෙතරම් උගත්කම් තිබුණද ගුණය නැතිනම් ඒ උගත්කමෙන් ප්‍රයෝජනයක් නැත.එසේම උගත්කම් නැතිව උගත්කමට පරිභව කිරීමද වරදකි.එය සිදුවනුයේ තමා නොදැනුවත්වම ඊර්ෂ්‍යාව නිසාය. ගුණවතෙක් හෝ උගතෙකු විවේචනය කළ යුත්තේ ඊට වඩා මට්ටමක සිටින හෝ ඊට සමාන මට්ටමක සිටින පුද්ගලයෙකු විසිනි.පහළ මට්ටමක සිටින තැනැත්තා තමාට වඩා ඉහළ මට්ටමක සිටින්නා දෙස බලා සිදු කරන එවන් දෑ හිස් වචන,උඩ බලා කෙළ ගසා ගැනීම් බවට පත්වන බව දැන සිටිය යුතුමය.
අනේ එයා මැටි ගුරුවරියක් නෙමෙයි..හයි ක්ලාස් ටීචර් කෙනෙක්..
විලි බිය නැති ගුරැවරැ
අයියෝ සල්ලි
කරුමේ ....කරුමේ ....
අනේ කොට්ටෝරුවෝ
වීරරත්න ෆේස්බුක් එකේ ඉන්නේනම් හරිම අහිංසක විදියට...
ඇතැම් අය මගේ නම වුවද අන්තර්ජාලයේ ඉතා පහත් ලෙස භාවිතා කරන බව මම දැක්කා.මට නම් ඕව කියවන්න වත් වෙලාව නැහැ.ඊට වඩා වැදගත් වැඩ මේ ක්ෂේත්‍රයේ අපට තියෙනවා.කොහොම වුනත් අන්තර්ජාලය හොඳට මෙන්ම නරකටද භාවිතා කරන්නාගේ මානසික මට්ටම අනුව භාවිතා කළහැකි බව දක්වාඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ ආකල්පය අගය කරමි.
ටීචර් ටීචර් ෆේස්බුක් ගම කනවෝ....මාධ්‍ය ඔයාව කනවෝ