රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියට ප්‍රබලයන් තිදෙනකු දැන් තරඟ වැදී සිටින බව දේවාල ආරංචි කියයි. හිටපු බස්නායක නිලමේවරයකු වන යසසිරි කස්තුරිආරච්චි, ඉන්දික රුවන්රාජපක්ෂ හා උදය ඇම්පිටියගොඩ එම තිදෙනාය. මහින්ද ගලප්පත්ති සහ මහසෙන් බණ්ඩාර යන මහත්වරුද තරඟයට ඉදිරිපත්වී සිටිති.
තවත් දින 10 කින් එනම් ලබන 28 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී ඡන්ද දායකයෝ 16 දෙනෙක් ඡන්දය ලබාදෙති.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු 11 දෙනෙක්ද, බිබිල කොටබෝව කතරගම දේවාලය බස්නායක නිලමේ, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ, කිරිවෙහෙර රජමහා විහාරය, වැඩිහිටි කන්ද විහාරය, අභිනවාරාමය හා සෙල්ල කතරගම මහසෙන් රාජමහා විහාරය වශයෙන් ඡන්ද 17 ක් ඇති බවත් කතරගම බස්නායක නිලමේ තනතුර හිස් බැවින් 16 දෙනෙක් පමණක් මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරති. කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි දෙවියන්ටත් ගිය කල. භාර්යාවන් 2ක්ම තියාගෙන හිටපු නිසා බැරිද ඕක කාන්තාවකට දෙන්න (බ)
ලංකාවේ ඉන්නා දේව පිළිම අදහන මෝඩ සෙනගගේ සල්ලි ගරාගන්න කතරගම දේවාලේ මුදලාලි තේරීමේ තරඟය, කවුරුහරි ආන්ඩුවේ සපෝට් එක තියෙන හාල් පාරුවෙක් තෝරාගනීවී. (බ)
යසසිරි නිලමේතුමා දිනුවොත් හොඳයි (බ)
ඔය හොරකමට පුරුදු වෙච්චි අය (බ)
කතරගම දෙවියෝ හින්දු දෙවියෙක්. කෝ හින්දු භක්තිකයෙක් මෙයට පත් කරන්නේ නැත්තේ? (බ)
යසසිරි කියන්නේ සීනි මුදලාලි නේද? (බ)
විද්‍යා : කතරගම දෙවියන් කියන්නේ හින්දු දෙවියෙක් නෙමෙයි . මහසෙන් කියන සිංහල බෞද්ධ නායකයෙක්. එතුමන්ට හින්දු නමක්,මොනරෙක්,බර්යාවන් එකතු කරේ කාලිංග මාඝ කියන දෙමල ආක්‍රමණිකය . දුටුගැමුණු රජු යුද්ධය සඳහා භාර වුණේ කතරගම දෙවියන්ටයි. (ස)
දැක්මක් ඇති බස්නායක නිළමේවරයා ලෙස නැවතත් බුද්ධිමත්ව කටයුතු කිරීමට අපමණ සේවයක් සිදුකළ, රන් කොත් දෙවොලට අපමණ අගයක් ගෙනදුන්, ජනීජනයාගේ තුඩ තුඩ රැව්දෙන්නා වු නාමය යසසිරි කස්තුරිආරච්චි මැතිඳුනි, ඔබට ජයෙන් ජය! (නි)
කොහොමද ඉස්සර නම්? මේ වෙනකොට බස්නායක නිළමේ කවුද කියලා තීරණය කරලත් ඉවරයි. හරි පහසුයි. (නි)
බීනු, එහෙනම් නම් වෙනස් කරමු. කිසියම් ඇදහීමක දෙවිවරුන් යනු චිත්ත සංකල්පයක් පමණයි. දුටු අයෙක් නොමැත (නි)
දේවාලයට හා ජනතාවට සෙතක්වෙන කෙනෙක් එනවා නම් කැමතියි (නි)
අනේ ඉතින් කවුරු පත්වුණත් අපිට වෙන සෙත මොකක්ද? (නි)
බස්නායක නිළමෙකමට සුදුසු කෙනා තෝරන්න දෙවියන්ට පුළුවන්නෙ. (නි)
දේව කැමැත්ත කාටද? (නි)