දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් පිරවීම සඳහා වන කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් දීමට රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත්තැයි සැකපිට වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් එම අල්ලස ගත් බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.
පස් ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර ඔහු රුපියල් ලක්ෂ පහක් ගෙන තිබිණැයි එම ආරංචි පවසයි.
සභාපති අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමග මීගහතැන්න ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තුකළ බව ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කිවුවේ බලේ තිබුනට මොලේ නැති කට්ටියක් කියලා ප්‍රාදේශීය සබාපතිලා කියන්නේ. ලංකාවේ ප්‍රාදේශීය සබාපතිලා නැතිකරන්න ඕනෑ (නි)
අහුවුණේ ලක්ෂ 15යි. මෙච්චරකල් ගත් ඒවා..? ගම හදනවා තමයි ඉතින්.. (නි)
ජීවන වියදමට සරිලන ආදායමක් තියෙන්ඩ එපැයි බොලන්. ලොකු මෝරෙක් අහු උනාට වැඩක් නැහැ නඩු නැහැනේ.(නදී)
අනුන්ගේ සල්ලි හොරකම් කරලා ලෝකෙට සෝබනේ දාලා ජීවත් වෙලා වැඩක් තියෙයිද? (නි)
ප්‍රාදේශීය සභා සහ පළාත් සභා තුලින් රටේ දූෂණය ඉහ වහා ගිහින්.ඉතින් කොහොමද රට සංවර්ධනය කරන්නේ.සියලු දෙනාම බලන්නේ පෞද්ගලික සංවර්ධනය පමණි. (නි)
දැන් කාලේ දේශපාලකයන්ගේ ළමයි පවා දේශපාලනයට එන්නේ මොනම හේතුවකටවත් නෙමේ. ඇයි අපේ මිනිස්සු මේ අයට ඡන්දෙ දෙන්නේ? ඒක මට තේරුම් ගන්න බැහැ. (නි)
මීගහතැන්න ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තුකළ ප්‍රදේශවාසීන්ට අප ස්තුතිය. (නදී)
අපේ රටේ පරිපාලනයට දේශපාලනඥයන්ට අත තියන්න නොදී සියලුම මුදල් ගනුදෙනු සංවර්දන කටයුතු දිසපතිලා මාර්ගයෙන් කිරීම ඉතාම කාලෝචිතය. පලාත් සබා ප්‍රාදේශීය සබා රටට ඉතාම අහිතකරය. එක දිස්ත්‍රික්කයකට එක මන්ත්‍රියෙක් හොදටම ප්‍රමාණවත්ය. මන්ත්‍රීකමත් ඉහලම සුදුසුකම් මත පත්කල යුතුය. ඔවුන්ට ද ඉස්සර වගේ පඩියක් නොදී ගරු සේවයක් ලෙස පිහිටවිය යුතුය.එවිට කසිප්පු කාරයෝ ,කුඩුකාරයෝ වගේ අය පාර්ලිමේන්තුවට යන්නේ නැත. අපේ රට හදනවා නම් අංක එකට කලයුත්තේ මේ ටිකය. මෙය අපේ බොදුබල සේනාවට බාරදෙමු (නි)
හොද වැඩක් අල්ලස් හා දුෂන කොමිසමට මීට වඩා බලතල දෙන්න ඔනෙලු.(නදී)
ලංකාදීප එසැනින් පුවත් - 2013.07.10 බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ගත් ණය මුදලක් සම්බන්දයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නිකරුනේ අත්අඩංගුවට ගත් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අද උදෑසන නිදහස් විය.(නදී)
එදවස කොසොල් රජ්ජුරුවෝ දුටු සිහින 16 මෙදවස සැබෑවෙන ලකුණු පෙනේ. (නි)
මේක බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කැමැත්තෙන්ම දුන් මුදලක්.(නදී)
සබාපතිට එච්චර මුදල් කොහෙන්ද? කරුණාකර ආදායම් පරීක්ෂා කරන්න. (නි)
බෙන්තොට සභාපති පගා අරන්ම නැද්ද එයා මුකුත්ම දන්නේම නැහැ බබා.(නදී)
බොහොම හොදයි නැවත මෙයාලාට දේශපාලනයට ඒමේ අවස්ථා නැති කරන්න.(නදී)
අනේ අපි දුක් විඳලා හම්බකරන සල්ලි කන මේ අයගේ දරුවෙකුටවත් යහපතක් වෙන්න එපා. ඒ මදිවට මගේ ලක්ෂ පහේ ගිණුමට ආදායම් වාර්තා පෙන්නන්නලු. මේවට බැනුම් අහන්නේ මොවුන්ගේ දෙමව්පියන් ?(නදී)
සියලුම පල බබාලට කළු පාට නිල ඇදුමක් දුන්න නම් තමයි හොද. සුදු ඇදුම ගැලපෙන්නේ නැහැ මුන් කරන වැඩ වල හැටියට. (අ)
අනේ මේ අසරණයා නිදහස් කරන්න. මෙයා නොදැනුවත්කමට කල වැරද්දක් (නි)
හැම කෙනාම ඔහොම තම ..පඩියේ හැටියට නෙමේ වියදම..කොහෙන්ද මෙයාලට සල්ලි ලැබෙනේ..(අ)
උ . දේ . නි - උමතු දේශපාලනයේ නිමාව. අපේ ප්‍රාදේශිය සභා සභාපති ගයාන් සිරිමාන්න මැතිතුමාට අපේ උපහාරය! බෙන්තර සභාපතිට සභාපති වෙන්න කලිනුත් සල්ලි තියෙනවා. එයාට ජරාව කන්න වුවමනා නැහැ. (නි)
අපි වෙනුවෙන් අපි.අපි හැදෙමු,රට නසමු.(මේ අය යවපු අපිට තමයි ඕන බූ වල්ලෙන්) (අ)
දැන් තේරෙනවා ඇති ඇයි විශාල ධනස්කන්දක් වියදම් කරලා ඡන්දෙ ඉල්ලන්නේ කියලා. පළාත් සභාව කියන්නේ සුදු අලියෙක්.(නදී)
මෙයා විතරක් නෙමෙයි මුළු ලංකාවේම ඉන්න ඔය සභාපතිලා කරන්නේ ඔය දේම තමයි. රජයෙන් වෙන්වන ප්‍රතිපාදන පවුලේ අයගෙයි හිතවත් අයගෙයි ඕන එපාකම් වලට අනුව එයාලට වාසි වෙන විදහට කොන්ත්‍රාත් දීල සභාපති ඇතුළු කාර්ය මණ්ඩලයත් ගානක් තියාගන අවසානයේ මුදල් වෙන්වුන කාර්ය ප්‍රමිතියෙන් තොරව අවසන් වෙනවා. සමන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් ඔවුන් සැප විදිනවා. අතීතයේ කාර්යක්ෂමව වැඩකරපු දිසාපතිලා ප්‍රාදේශීය ලේකම්ලා කාර්යාලවලට සීමාවෙලා ඉන්නවා මේ සභා ක්‍රමය නිසා. අපේ රට දියුණු කරන්නනම් අනිවාර්යෙන්ම මේ සභා ක්‍රමය නැති විය යුතුය.(නදී)
අමිල ඔයාගේ අනාවැකිය 100% හරියාවි.මෙයා වන්දි ඉල්ලලා නඩුත් දමාවි.(අ)
අනේ මුගේ මුනේ තියෙන කැත හිනාව.(අ)
මේක උනේ මෙහෙමයි එක්කෙනෙක් ඉල්ලුවා 15 ලක්ෂයක් බලපත්‍රයට. සභාපති දුන්නා මුලින් ලක්ෂ 5 ක්. දැන් අධි වේග මාර්ගේ වැඩ අවසන්. ඉතින් ඉල්ලුවා ඉතුරු 10 ලක්ෂය. දුන්න ඔත්තුව. මේ දෙන්නගෙම වැඩ තහනම් කරන්න ඕනා හිරේ යවලා.(නදී)
බෙන්තර ප්‍රාදේශීය සභාවේ සබාපතිට කොහෙන්ද ඔච්චර සල්ලි ටිපර් ගන්නයි ලකෂ 15ක් පගා දෙන්නයි. එක පාරටම,පොඩි එකෙක් අහු උනාට උඩ ඉදන් පහලට යනකන්ම එවුන් කන්නේ පගාව තමයි.(නදී)
ගොඩක් අයගේ කිල්ලෝටවල ජරාව තමයි තියෙන්නේ, සභාපතිලා ඔක්කොම ඔහොම තමයි.(නදී)
අනේ අප්පේ... හෙළ පරම්පරාවේ ජාතික ඇඳුම් ඇඳගෙන කරන කපටිකම් මීට කලින් බුදු බන පදයක් වත් අහලා නැතිව ඇති. බහුතර හෙළයට කපටිකම මිසක් වෙන මොනවද අලුතින් හොයාගන්න දන්නේ.(නදී)
තවත් පාතාලයෙක් බිහිවෙන පාටයි.(නදී)
ඇප පිට එනකොට මෙයා වීරයෙක්. බලන්නකෝ පිලි ගන්න හැටි.(නදී)
මෙයා මීට පෙරත් ගල් කොරියකට බලපත් දෙන්න තවත් මන්ත්‍රී කෙනෙක්ගෙන් රු ලක්ෂ 20ක් ඉල්ලලා සබාව ඇතුලේදීම හොදටම බැනුම් අහගත්තා. අනේ එතකොටවත් හැදෙන්නේ නැති හැටි. මෙයා කියනවා කියන්නේ මේවා ගන්නේ පළාතේ ඇමතිට දෙන්නලු.(නදී)
අප්පෝ ...පින්තූරෙත් එක්කම දාලා..දැන් ඉතින් මෙයාට පස් කන්න තමා වෙන්නේ...(නදී)
අහවල් පවුලටනම් නියමෙට ගැලපෙනවා. මග නැගුම ජයවේවා!(නදී)
අලලස් ගැනීම හලාල්ද?(නදී)
මේ තමයි මහජන සේවය (නි)
අයියෝ සල්ලි
ජනාදිපති තුමනි ප්‍රාදේශීය සභා ටික එකවර විසුරුවා ඡන්දයක් තබන්ඩ. ජනතාවට නිවැරදි නායකයන් තොර ගැනීම සඳහා.(නදී)
ඇයි අර එක ඇමති කෙනෙක් කිවුවේ සංවර්දනය වෙනවා නම් හොරකම් කළාට කමක් නැහැ කියලා. (නි)
මේ පොඩි ඒකා ඕක ගත්තට මක්ක වෙනවද අපේ ලොක්කයි මමයි ගන්න ඒවායේ හැටියට.(නදී)
මම රට එනකොටත් මගෙන් කප්පන් වශයෙන් විදේශ සේවා එකෙන් 11860 ක් ගසා කෑවා. මම වගේ තවත් අසරණ වුන මිනිසුන් සිය ගානක් ගෙන් මේ ගසා කෑම කරනවා.(නදී)
මිනීමරු ප්‍රබාකරන්ගෙන් රට නිදහස් කර ගෙන රට බාර දුන්නේ පුදුම හොරු සෙට් එකකටනේ.දැන් ඉතින් මෙයාලගෙන් නම් රට නිදහස් කර ගන්නවා බොරු.අපේ සහ දරුවන්ගේ අවාසනාව තමා (නි)
පළාත් සභා ක්‍රමයෙන් සිදුවන කිසිම හොදක් මට නම් පෙනෙන්නෙ නැහැ (නි)
දැන් හෙට කියයිද දන්නෙ නැහැ විරුද්ධකාරයෝ බොරු කුමන්ත්‍රණයක් කරලා බොරුවට අල්ලලා දුන්නා කියල. (නි)
මෙයාට මීට වඩා හොද තනතුරක් දෙන්න. හොද අනාගතයක් තියන හැදීගන එන කොල්ලෙක්නේ. ආශ්චර්යක හැටි (නි)
මෙයයා සල්ලි අරන් තියන්නේ නින්දෙන් ,(අ)
ඇත්තටම මොවුන්ට ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද මම මගේ අඹු දරුවන්ට කන්න බොන්න දෙන්නේ මේ අනුන්ගෙන් ගන්න අල්ලස් වලින් කියලා?සමහර පුද්ගලයෝ ඉන්නවා තමන් කොතරම් සුළු පඩියක් ගත්තත් ඒ ගන්න පඩියෙන් තම අඹු දරුවන් පෝෂණය කරන අය. ඔවුන් දුප්පත් වුනත් මේ වගේ අල්ලස් කමින් අසාදාරන ලෙස ජීවත් වෙමින් තැවී තැවී ඉන්නවුන්ට වඩා අධ්‍යාත්මික පැත්තෙන් ඉතාම පොහොසත්. (නි)
මුන් ඔක්කොම අපේ රට විනාශ කරන්න ආපු යක්ෂයන් පිරිසක්. මුන්ගෙන් රටට ගමට වෙන වැඩක් නැහැ. (අ)
දිය හැකි උපරිම දඩුවම් දෙන්න, නීතිය කාටත් පොදුයි.(නදී)
දැන් වසර 8 ක් ම පගා ගහපු එකනේ කලේ මෙයා.(නදී)
අනේ මෙයා නිදහස් කරන්න.ඔය පළාත් සබා තියෙන්නේ නැති බැරි අය ඇතිහැකි අය කරන්නනේ. (නි)
නිල බලය යට කරන ජන බගේ කෙරුවාව.(නදී)
රන්ජිත් ඔයාගේ කියමන හරි දේශපාලුවෝ අනේ මුන්ට රජකාලේ දඩුවම් නැහැනේ දෙන්න.(නදී)
මම බලා උන්නේ කෝ මේ ලෝක පාලක දෙවියෝ කියලා. ඉන්නවා ඉන්නවා. ඔබ වහන්සේ වැරදි කරන පුතාලට හෙමිහිට දඩුවම් දෙමින් පෙන්නන්න අපට, මෙන්න වැරද්දට දඩුවම මේ ලෝකෙදීම කියලා (නි)
පලා බබාලගේ වැඩ කොහොමද? (නි)
කෝ අර නීතිය හැමෝටම එකයි කියන කෙනා? (නි)