මාර්ග වැරදි කරන රියදුරන්ගේ බලපත්‍රය වෙනුවට නිකුත් කැරෙන තාවකාලික අවසර පත්‍ර පොතකින් අනවසරයෙන් අවසරපත් නිකුත් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සෙවීමට දෙමටගොඩ පොලිසිය බදුල්ලේ ද පරීක්ෂණ අරඹා ඇත.
මාස හයකට පෙර මේ පොත නැති වූ බවත්, එහෙත් මාරු වී ගිය කොස්තාපල්වරයකුගේ අත්සනින් මෑතදී එම පොතෙන් නිකුත් කළ අවසර පත්‍රයක් සොයා ගැනීමත් සමග පරීක්ෂණ ඇරැඹිණි.
මෙම අවසරපත් වෙනුවෙන් මුදල් ලබා ගන්නට ඇත්දැයි කියන සැකයක් ගැන ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන්ම දෙන්න වෙන්න ඇති පොත උස්සගෙන ගියේ (නි)
ලයිෂන් නැති මිනිස්සුන්ට ගමන් බිමන් යන්න පොලිසියේ රාළහාමිලා ගානක් අරන් ඔය ටෙම්පරි ලයිසන් එක දෙනවා . (දී)
ලංකාවේ පොලිසියේ මෙවෙනි දේ කොපමණ වෙනවද ? නීතිය ක්‍රියාත්මක කරන ආයතන හොරට මෙවෙනි දේ කරනවා. (ස)
මමත් දුරගමන් යන කොට පොලිසියේ යාලුවෙක්ට කියලා මෙවැනි බොරු දඩ කොලයක් ලියාගන්නවා. නම හැර අනෙකුත් සියලු විස්තර වැරදීයි. මාර්ග වැරදිවලට පමණක් දීල එනවා. රිය අනතුරකට පෙන්නන්නවත් එපා කියල මගේ යහළුවා උපදෙසුත් දෙනවා.(නදී)
ඔය පොතේ අංක ගැන සියළු පොලිස් ස්ථාන අංක ගහලා දැන්වීම් ගහලා තිබුනා.(නදී)
රුවන් ඕක බොහෝ විට වෙනවානේ. ලගදිත් පොලිස් නිලධාරියෙක්ගේ සූක්සම වැඩ එළි වුනේ. බොරුවට දඩ කොළ දීළා තිබුනේ යාළුවෙක් කියලා.(නදී)