කහතුඩුවේ පස් කන්දකට යට වු පුද්ගලයකු බේරා ගැනීමට සහන සේවකයන් මිනිත්තු 45 ක් තිස්සේ ගත් උත්සාහය අසාර්ථක විය. පස් ඉවත් කිරීමට බැකෝවක් ගෙනාවත් පස් කන්ද කඩා වැටීමට පටන් ගත් නිසා බැකෝ කුල්ල පස් කන්දට තද කර අතින් පස් ඉවත් කරමින් යට වූ පුද්ගලයා සොයා ගැනීමට ඔවූහු වෙහෙසෙති.
යට වූ පුද්ගලයාගේ උස කොටස දෙපැයකට පමණ පසු පාදා ගෙන ඔහු ඔසවන්නට තැත් කරද්දී තවත් පස් කන්දක් කඩා වැටුණු බවත් එම පස් කන්ද ඉවත් කර ඔහුගේ සිරුර ගොඩට ගත් බවත් සහන සේවකයෝ කියති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණයා. දරුපැටවුනුත් ජීවත් කරවන්න ඇති. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මේ ගොඩක් ප්‍රශ්න වෙලා තියෙන්නේ, මිනිස්සු හැමදේම තමන් දන්නවා කියල හිතාගෙන වැඩ කරන්න යන නිසා. මේ වගේ දෙයක් කරනකොට, ඊට අදාළ තාක්ෂණ දැනුම තියෙන අයෙකුගේ උපදෙස් අරන් මේ දේවල් කරනවානම්, මෙවැනි අනතුරු ඇතිවීමේ අවස්ථා ඉතා අඩුයි. (බ)
සියලු දෙනාම එකතුවී මේ අසරණයා බේරා ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා කියා පතමි. (බ)
කම්කරුවෝ තනියම වැඩ කරනවා ,සුපරීක්ෂණය නැ, ලංකාවේ මේවගේ ඒවා හරියට වෙනවා. මේවයින් කවුරුත් පාඩමක් ඉගෙන ගන්න ඕන. (බ)
මිහිකත විනාස කරන එක හොඳ නෑ පස් නොකපා ඉදිකිරීම් කරන්න (හේ)
පස් කපලා තියෙන කැපිල්ලට අර එහා පැත්තේ තියෙන ගෙදරත් තව ටික දවසකින් ඔතන තියෙයි.(හේ)
පව් අහිංසක මනුස්සයෙක්. නිවන් සැප ලැබේවා (බ)
නිසි ක්‍රමවේදයක් අනුව පස් කැපුවා නම් මෙවන් දෙයක් සිදුවන්නේ නැහැ. (නි)