හැටන් වුඩ් ප්‍රධාන මාර්ගයට මහා පස් කන්දක් සමඟ ගස් කඩා වැටී පාර අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
අද පස්වරු 2.30 වන විට පාරේ ගමනාගමනය මුළුමනින්ම අවහිර වී ඇත.
කාසල්රි ජාලාශ වේල්ල ආසන්නයේ අධි බලැති විදුලි රැහැන් කඩාගෙන ගස වැටී ඇත.
නෝටන්බ්‍රිජ් හා ලක්ෂපාන ගමන් බිමන් මුළුමනින් නැවතී ඇත.
ගිනිහත්හේන දියගම විකල්ප මාර්ග ලෙස භාවිතා කරන ලෙස පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ, මහා විනාශයක් (නි)
මේවා සුබ ආරංචි නොවේ. විශාල ජලාශ අසළ මෙවැනි භයානක සිදුවීම් මිනිසා විසින්ම හදාගත් ඒවා නිසා අනාගතයේදී ජලාශ හැදීමට පෙර ඒවා ගැන විශාල අධ්‍යයනයක් කළයුතුව තිබෙනවා. මේ ස්ථානයේ ජලයෙන් මෙන්ම අධිබල විදුලියෙන් වියහැකි අනතුරු ගණනය කළ නොහැක. කාසල්රි ජාලාශ වේල්ල අනතුරු රහිතද කියා ඉක්මනින් සොයාබැලිය යුතුවෙනවා (නි)
මම අශුභවාදියෙක් නෙමේ... කවද හරි ලංකාවට මහා ස්භාවික විපත් සිදුවෙන්නෙ පෝට් සිටි ඉදිකිරීම නිසා.රට අැතුලෙන් ගල් සහ පස් කොපමණ ප්‍රමාණයක් මහ මුහුද ගොඩකරන්න අයින් කරාවිද මෙයින් පරිසරයේ විශාල අසමතුලිත තාවයක් අැතිවේනව නේද? (අ)
පරිසර විනාශයේ රඟ තමයි මේ විඳවන්නේ (අ)
අපදා කළමනාකරණ දෙපාර්තමෙන්තුවේ මහත් වරුන්ගේ ඇස් විවරවේවා ,අරනායක සාමසර කන්දේ ජනතාව මුහුණදුන් අවාසනාවන්ත ඉරණමක් වැනි දෙයක් නොවෙන්නට හැමෝම කටුතු කරමු.(අ)
මෙයින් කිසිවෙක් විපතට පත් නොවීම වාසනාවක්. මිරියබැද්දේ, අරනායක, සාලාවේ මිනිස්සු තවම මහපාරේ. (රේ)
විදුලිය, මාර්ග,ජලය, පහසුකම් එපා කියන පරිසර වේදියෝ කව්ද කියල බලමු ලංකාවේ (රේ)