ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමකින් පසු උඩු මහළෙන් වැටී මිය ගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියාගේ මරණ පරීක්ෂණය ජනක කැකිරිදෙනිය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරිපිට අද විභාගයට ගැනිණි.
මුල් සාක්කිකරු සාක්කි දෙමින් සිටිය දී පොලිස් කොස්තාපල් අංක 43120 මාධ්‍යවේදීන් වෙත පැමිණ මාධ්‍යවේදීන්ගේ සටහන් උදුරාගෙන ගියේය.
පොලිස් සාක්කි මෙහෙයවීමට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතාට පැමිණිලි කළ විට ඔහු පැවසුවේ උසාවියෙන් අවසර නැතිව වාර්තා ගැනීම එසේ සිදුවන්නට ඇති බවයි.
පසුව කොල කිහිපයක් මාධ්‍යවේදීනට ලැබුණු නමුත් සෙසු සාක්කි ලියා ගැනීමේ අවස්ථාව ඔවුනට අහිමි විය.
පසුගිය හතර වැනිදා ඇඹිලිපිටි ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසේ පැවැති සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි අය අතර ආරවුලකින් පසුව ජයවර්ධන මහතා තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මිය ගියේය.
අද පැවතියේ එහි මරණ පරීක්ෂණයයි.
එම නඩුව වාර්තා නොකරණ ලෙස අධිකරණය වාර්තාකරුවනට දන්වා නොතිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයටත් වෙන්නේ අර අගුලානේ පොලිසේයේ අයට වෙච්චදේ තමයි (ම)
මොකද මෙච්චර බය ....(ම)
මෙයාලට දැන්වත් යථාර්ථය තේරෙන්නේ නැහැනේ (නි)
පොලිස් කොමිසම දැම්මහම ඔක්කොම ලෙඩ හොඳ වෙනවා කිව්වා නේද? මටනම් පෙන්නේ ලෙඩේ වැඩි වෙලා වගේ. (බ)
සොපි, බය නොවෙයි ඒ. නීතියට බය නැතිකම. අපිනම් බයයිනේ.(බ)
අපි කවුරුත් බලාපොරොත්තු වුනේ ඉලංගකෝන් පොලිස්පති තනතුරට පත්වෙනකොට තම රාජකාරිය හරියට ඉටු කරයි කියල. බලනකොට ඔහු පඹයෙකුටත් වඩා අන්තයි. දේශපාලකයන්ට ගැති කම් නොකර, පොලිස් දෙපාර්තමේන්තුව උපහාසයට ලක් නොකර, රණවිරුවන් පවා නොදී ඔය තනතුර වෙන කාට හරි දීල ගියොත් නරකද? (බ)
පොලිසියටම ගිය රටක් මේක. නීති ඔක්කොම එයාලගේ වාසියට හරවගන්නවා. (ම)
මේකද යහ පාලනය? (ර)
මෙම සිද්ධිය සමිබන්ධයෙන් සාධරණ පරික්ෂණයක් සිදුකර වැරදි කර ඇති සියලුම නිලධාරින්ට විරැද්ධව නිතිය කියත්මක කිරිම ඉතා අත්‍යවශ්‍ය කරැණක්ව පවතිනවා. (ර)
යහපාලනයට නොගැලපෙන ලෙස හැසිරෙන මෙවැනි පුද්ගලයන් මර්දනය කරන්න. නිසි දඩුවම් ලබා දෙන්න. මෙහි සෑම තොරතුරක්ම මහජනයා දැනුවත් විය යුතුය. තොරතුරු දැනගැනීමේ අයිතිය සැමට හිමිවිය යුතුයි. (ර)
කෝ.... යහපාලනයේ තොරතුරු දැනගැනීමේ පනත.? (ර)
මේ යහපාලනය මුවාවෙන් ඇතිකර තිබෙන පොලිස් පාලනයේ යථා ස්වරූපයද? (නි)
මේක පුදුම මාධ්‍ය නිදහසක්නේ? (නි)
අවම බලය පාවිච්චි කරලද? (නි)
තවම පටන් ගත්තා පමණයි. ඕකට තමා යහපාලනය කියන්නේ (නි)
ඡන්දය දුන් අපිට මඩුවලිගෙන් ගහන්න ඕනෑ (නි)
අහන්න දෙයක් නැහැ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. මදැයි පොලිස් කොමිසමක් පිහිටෙව්වා? යහපාලනයේ ආරම්භය මෙහෙම නම් 2020දි? (නි)
මේක පුදුම වැඩක්නේ... (නි)
පුදුමාකාර වෙනසක්! (නි)
කොහොමද මාධ්‍ය නිදහස? (නි)
මේ ගැන වෙනම පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුය. කාකි සූට් ගහගත් පොලිසියේ සමහර අය හැසිරෙන්නේ ලෝකෙට ලොක්කන් වගේය. (නි)
රුවන් ගුණසේකර මහතා නිවැරදියි කියා සිතනවා (නි)
යහපාලනය කොහොමද? (නි)
එහෙම උදුරාගැනීම නීතියට අනුකූලද? (නි)
හැම එකටම යහපාලනය ගාවන්න එපා.ඇතැම් පොලිස් නිළධාරීන් අහිංසකයින්ට පාට් දාන එකට නම් පිළියමක් අවශ්‍යයි. (නි)
ෂා නියමයි..! මෙන්න අපේ යහපාලන පොලිසිය. (නි)
පොලිසියට විරුද්ධ පැමිණිලි මෙහෙයවන්න වෙනම එයට ඉහළ තැනක් තිබිය යුතුයි (ම)
කෝ මේ පැත්තේ මාධ්‍ය නිදහස (ම)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥයෙක් නිසා එයා ඕනිවිදිහට ප්‍රකාශ හදනවා වගේ. මීට පෙර හිටිය මාධ්‍ය ප්‍රකාශකලා මෙහෙම කළේ නැහැ (බ)
ඇත්තමයි ලංකාවේ පොලීසිය නම් මරුම තමයි. නාන්න ගත්තම දිගටම නානවා. ලංකාවේ මිනිස්සුන්ට නියමෙට ගැලපෙනවා.(ම)