පුෂ්පා රාජපක්ෂ පදනමේ බැංකු විස්තර , මුල්‍ය වංචා විමර්ශණ පොලිසියට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා රාජ්‍ය බැංකු දෙකකට හා පෞද්ගලික බැංකුවට අද නියෝග කළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුෂ්පා රාජපක්ෂ පදනම නම් රාජ්‍ය නොවන සංවිධානය නමින් ඇමරිකා ඩොලර් එක් ලක්ෂ පනස්දහසක් (රුපියල්19,938,750) බැංකුවක තැන්පත් කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණ ඇරඹූ පොලිසිය කියනුයේ මෙම මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති බවයි.
පොලිසිය අධිකරණ හුමවේ කියා සිටියේ පුෂ්පා රාජපක්ෂ පදනම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස 2010 දී ලියාපදිංචි කර ඇති බවයි. මහජන බැංකු මුලස්ථාන ශාඛාවේ පවත්වා ගෙන ගිය මෙම ගිණුමේ මුදල් ඉවත් කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දෙයි. මෙම සංවිධානයට එම මුදල් ලැබුණු ආකාරයත් වියදම් කළ ආකාරයත් සොයා බලන බව පොලිසිය අධිකරණයට පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ පුෂ්පා? "පදනමක්" කියන්නේ එසේ මෙසේ එකක් නොවන නිසා මේකට මැදිවෙලා ඉන්නා පුෂ්පා කවුද කියා අපි දැනගන්න ඕනෑ නේද?වරායේ සල්ලි කොහොමද නෝනා කෙනෙකුගේ ගිණුමකට ඇතුළු වුණොත් ඒකෙන් පිටවුණෙත් කියලා ඉතින් දන්නේ උඩ ඉන්නා දෙවියෝ විතරයි ..... (නි)
නාලිනී, එන්න මල් පිපීදැයි බලන්න! (නි)
බලනකොට හැමතැනම වංචානේ! (නි)
අනේ ඔව් ගාමිණි කුවේට්, ගිය ආණ්ඩුවේ හිටියේ මාර්ගඵල ලැබූ උදවියනේ. ඒකනේ රාජ්‍ය තාන්ත්‍රික හැඳුනුම් පත්‍රයකට වයස අඩුවෙන් දාලා තිරිහන් වුණේ. ඒවා කතාකළොත් මෙතන සමහරුන්ට අමාරුව උත්සන්න වේවි. (නි)
සමහරුන්ට ගිය ආණ්ඩුවේ නෝනලාගේ වැරදි මතුවෙනකොට හරිම හිතට අමාරුයි. (නි)
අපිට රජයේ බැංකුවක ගනුදෙනු කරන්න ගියාම එතැන ඉන්න දේශපාලක පත්වීම් ලැබූ බැංකු සේවිකාවන්ගේ රෙස්පට් බලන්න වෙනවා. හැබැයි පහුගිය කාලයේ ලොකු නෝනා කෙනෙකුට හරිහමන් හැඳුනුම්පතක් නැතුව ගිණුම් ඇරලාත් තිබුනා. මේවා නාලිනීලාට නම් කමක්නැතුව ඇති. (නි)
නාලිනී , හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තිබෙනවා නේද ? (නි)
අැයි හත්වලාමේ මේ අය රිමාන්ඩ් නොකරන්නේ ? (නදී)
දැන් එතකොට මේ නෝනාගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නේ නැද්ද ? එහෙම නැතිනම් එයාත් අර කවුදෝ නෝනා කෙනෙක් වගේ සොයා ගත නොහැකි අසනීප නිසා රෝහල් ගත වෙලාද ? (ර)
වෙලා තිබෙන දේ හිතාගන්න පුලුවන් (නි)
අපි එයාව මහ ඇමති කෙනෙක් කරමුකෝ. (නි)
දෑස මානයේ තිබෙන දේවල් මොනවා හොයන්නද? (නි)
වංචා, දුෂණ, අක්‍රමිකතා, හොරකම්, මැරකම්, මේවා වළක්වන තරමට රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයට හොඳයි. මේවා ඔහේ වෙන්න දීලා බලාගෙන හිටියොත් මේවට අපිටයි වන්දි ගෙවන්න වෙන්නේ මුළු ජීවිත කාලයටම. (නි)
අපි පළමුව මහ බැංකුවේ ප්‍රශ්නය විසඳගෙන ඉමු නේද? (නි)
නාලිනී, මේ ප්‍රශ්නය ඇතිවුණේ මහ බැංකු ප්‍රශ්නයට කලින් නේද ? (නි)
නාලනී එන්න මල් පිපී දැයි බලන්න (බ)
මේ පුෂ්පා කියන්නේ කළු ගෑණු කෙනෙක් සාරියකින් හැඩවී ජනතාවට ප්‍රදර්ශනය වූ (බ)
නාලනී. මේ නලින්ලාව කේන්ති ගස්සන්න එපා.දන්නවනේ මොකද කිලා. මහ බැංකුවේ ප්‍රශ්නය ඒ තරම් බැරෑරුම් එකක් නෙමෙයි වෙන්න ඇති. නැතිනම් අනුරකුමාර මහත්තයලා රට දෙවනත් කරයි.අනික මහ බැංකුවේ වෙලාතියන ඔය පුංචි ප්‍රශ්නය විසඳන වගකීම තියෙන්නෙ ලබන ආණ්ඩුවටනේ. ඒ නිසා ගිය ආණ්ඩුවේ මහා පරිමාන වංචා සොයන්න ඉඩදීලා සද්ද නැතිව නාලනී. (ස)