IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුෂ්පා පදනමේ දෙකෝටියකට වු දේ සොයයි

පුෂ්පා  රාජපක්ෂ පදනමේ  බැංකු විස්තර , මුල්‍ය  වංචා  විමර්ශණ පොලිසියට  භාර  දෙන ලෙස කොළඹ  කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා  රාජ්‍ය  බැංකු  දෙකකට  හා  පෞද්ගලික බැංකුවට   අද  නියෝග කළේය.

ව්‍යාජ තොරතුරු  ඉදිරිපත්  කරමින්  පුෂ්පා  රාජපක්ෂ  පදනම නම්  රාජ්‍ය  නොවන සංවිධානය නමින්  ඇමරිකා  ඩොලර්  එක් ලක්ෂ පනස්දහසක් (රුපියල්19,938,750)  බැංකුවක තැන්පත්  කළැයි  කියන සිද්ධියක්  ගැන  පරික්ෂණ ඇරඹූ  පොලිසිය කියනුයේ  මෙම මුදල ශ්‍රී  ලංකා  වරාය  අධිකාරියට අයිති  බවයි.

පොලිසිය අධිකරණ හුමවේ  කියා  සිටියේ  පුෂ්පා  රාජපක්ෂ පදනම  රාජ්‍ය නොවන සංවිධානයක්  ලෙස 2010 දී  ලියාපදිංචි  කර  ඇති  බවයි. මහජන බැංකු  මුලස්ථාන ශාඛාවේ  පවත්වා  ගෙන ගිය  මෙම ගිණුමේ  මුදල්  ඉවත්  කර  ඇති  බව ද පොලිසිය අධිකරණයට  දැනුම්  දෙයි. මෙම සංවිධානයට එම මුදල්  ලැබුණු  ආකාරයත්  වියදම්  කළ ආකාරයත්  සොයා  බලන බව පොලිසිය අධිකරණයට  පවසයි.

 



අදහස් (0)

පුෂ්පා පදනමේ දෙකෝටියකට වු දේ සොයයි

නන්දලාල් Thursday, 09 April 2015 04:57 PM

කවුද මේ පුෂ්පා? "පදනමක්" කියන්නේ එසේ මෙසේ එකක් නොවන නිසා මේකට මැදිවෙලා ඉන්නා පුෂ්පා කවුද කියා අපි දැනගන්න ඕනෑ නේද?වරායේ සල්ලි කොහොමද නෝනා කෙනෙකුගේ ගිණුමකට ඇතුළු වුණොත් ඒකෙන් පිටවුණෙත් කියලා ඉතින් දන්නේ උඩ ඉන්නා දෙවියෝ විතරයි ..... (නි)

:       0       0

ටෙරාන් Thursday, 09 April 2015 05:02 PM

නාලිනී, එන්න මල් පිපීදැයි බලන්න! (නි)

:       0       0

කරුණාදාස Friday, 10 April 2015 12:20 AM

බලනකොට හැමතැනම වංචානේ! (නි)

:       0       0

හසිත් Friday, 10 April 2015 12:36 AM

අනේ ඔව් ගාමිණි කුවේට්, ගිය ආණ්ඩුවේ හිටියේ මාර්ගඵල ලැබූ උදවියනේ. ඒකනේ රාජ්‍ය තාන්ත්‍රික හැඳුනුම් පත්‍රයකට වයස අඩුවෙන් දාලා තිරිහන් වුණේ. ඒවා කතාකළොත් මෙතන සමහරුන්ට අමාරුව උත්සන්න වේවි. (නි)

:       0       0

යසිරු Friday, 10 April 2015 12:42 AM

සමහරුන්ට ගිය ආණ්ඩුවේ නෝනලාගේ වැරදි මතුවෙනකොට හරිම හිතට අමාරුයි. (නි)

:       0       0

දුල්මි Friday, 10 April 2015 12:45 AM

අපිට රජයේ බැංකුවක ගනුදෙනු කරන්න ගියාම එතැන ඉන්න දේශපාලක පත්වීම් ලැබූ බැංකු සේවිකාවන්ගේ රෙස්පට් බලන්න වෙනවා. හැබැයි පහුගිය කාලයේ ලොකු නෝනා කෙනෙකුට හරිහමන් හැඳුනුම්පතක් නැතුව ගිණුම් ඇරලාත් තිබුනා. මේවා නාලිනීලාට නම් කමක්නැතුව ඇති. (නි)

:       0       0

දිමුතු Friday, 10 April 2015 12:50 AM

නාලිනී , හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තිබෙනවා නේද ? (නි)

:       0       0

මාලක සිල්වා Friday, 10 April 2015 01:35 AM

අැයි හත්වලාමේ මේ අය රිමාන්ඩ් නොකරන්නේ ? (නදී)

:       0       0

ගිහාන් Thursday, 09 April 2015 12:15 PM

දැන් එතකොට මේ නෝනාගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නේ නැද්ද ? එහෙම නැතිනම් එයාත් අර කවුදෝ නෝනා කෙනෙක් වගේ සොයා ගත නොහැකි අසනීප නිසා රෝහල් ගත වෙලාද ? (ර)

:       0       0

කමල් Friday, 10 April 2015 02:27 AM

වෙලා තිබෙන ‍දේ හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ගාමිණී Friday, 10 April 2015 02:34 AM

අපි එයාව මහ ඇමති කෙනෙක් කරමුකෝ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 April 2015 12:55 PM

දෑස මානයේ තිබෙන දේවල් මොනවා හොයන්නද? (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Friday, 10 April 2015 04:11 AM

වංචා, දුෂණ, අක්‍රමිකතා, හොරකම්, මැරකම්, මේවා වළක්වන තරමට රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයට හොඳයි. මේවා ඔහේ වෙන්න දීලා බලාගෙන හිටියොත් මේවට අපිටයි වන්දි ගෙවන්න වෙන්නේ මුළු ජීවිත කාලයටම. (නි)

:       0       0

නාලනී Thursday, 09 April 2015 01:30 PM

අපි පළමුව මහ බැංකුවේ ප්‍රශ්නය විසඳගෙන ඉමු නේද? (නි)

:       0       0

නලින් Thursday, 09 April 2015 01:44 PM

නාලිනී, මේ ප්‍රශ්නය ඇතිවුණේ මහ බැංකු ප්‍රශ්නයට කලින් නේද ? (නි)

:       0       0

වෙදගේ Friday, 10 April 2015 05:25 AM

නාලනී එන්න මල් පිපී දැයි බලන්න (බ)

:       0       0

වෙදගේ Friday, 10 April 2015 05:29 AM

මේ පුෂ්පා කියන්නේ කළු ගෑණු කෙනෙක් සාරියකින් හැඩවී ජනතාවට ප්‍රදර්ශනය වූ (බ)

:       0       0

ගාමිණී- කූවෙයිට් සිට Thursday, 09 April 2015 03:22 PM

නාලනී. මේ නලින්ලාව කේන්ති ගස්සන්න එපා.දන්නවනේ මොකද කිලා. මහ බැංකුවේ ප්‍රශ්නය ඒ තරම් බැරෑරුම් එකක් නෙමෙයි වෙන්න ඇති. නැතිනම් අනුරකුමාර මහත්තයලා රට දෙවනත් කරයි.අනික මහ බැංකුවේ වෙලාතියන ඔය පුංචි ප්‍රශ්නය විසඳන වගකීම තියෙන්නෙ ලබන ආණ්ඩුවටනේ. ඒ නිසා ගිය ආණ්ඩුවේ මහා පරිමාන වංචා සොයන්න ඉඩදීලා සද්ද නැතිව නාලනී. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site