(රංජන් කස්තුරි )

පාවහන් ආනයනය කරන මුවාවෙන් පාවහන් තොග වල සඟවා දුම් වැටි සහ මත්පැන් හොරෙන් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කාලයක සිට ක්‍රියාත්මක වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

චීනය ඉන්දියාව පාකිස්ථානය සහ ඩුබායි යන රටවලින් පාවා පාවහන් ආනයනය කරන අතර එම තොග වල සඟවා මත්පැන් වර්ග සහ දුම් වැටි වර්ග තොග වශයෙන් හොර පාරේ රට තුළට ගෙන එන බවද එම ආරංචි මාර්ග කියයි.

ආනයනය කිරීමේදී සපත්තු ජෝඩුවක් සඳහාරුපියල් 2000 බද්දක් අය කරන නමුත්කොළඹ පිටකොටුව වෙළඳපොලේ ඒවා රුපියල්  1800 ක් වැනි මුදලකට විකුණා  මත්පැන් සහ  එම හිඟ මුදල් පියවා ගන්නා බවද එමගින් අධික ලාභයක් ලබන බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.