වෙන්නප්පුව එකම පවුලේ සිව්දෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. කොහුමෝල් ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිය ඇතුළු දරුවන් දෙදෙනා මරා වළක දමා තිබියදී සොයා ගෙන ඇතැයිද ව්‍යාපාරිකයාගේ බිරිඳ ලුණුවිල රෝහලේ වෛද්‍යවරියක බවද කියති.
අද (1) වෛද්‍යවරිය සේවයට නොපැමිණි නිසා සොයා බැලීමේදී කොහුමෝල් හිමියාගේ වත්තේ කොහුමෝල පිටුපස වළක ඔවුන්ගේ සිරුරු තිබෙන බව අසල්වාසීන් වෙන්නප්පුව පොලිසියට දන්වා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාළකයින්ට දැන්වත් තේරෙන්නේ නැද්ද මරණ දඩුවම අනිවාර්ය කළ යුතුයි කියලා (දිල්)
මේ අපරාධකාරයින්ව කොහොමහරි හොයලා මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ. (නි)
රටේ හරි හැටි නීතියක් නැති වුනාම මෙහෙම වෙනවා (දිල්)
වෙන්නප්පුවේ කොහොමත් ඉන්නේ දරුණු අය.(දිල්)
මේකටද කියන්නේ ආසියාවේ ආශ්චර්ය සහ යහ පාලනය කියලා? මේක තවදුරටත් අනුමත කරන්න ඕනද ? 8 වෙනිදා වෙනසකට සූදානම් වෙන්න. (නදී)
ලංකාවේ දැන් දැන් අපරාද කරන්නේ දේශපාලන උවමනාවන් මත බව හැගනවා. (ර)
අනේ අහිංසක දරුවෝ දෙන්නා. (ර)
මොනතරම් අපරාදයක්ද.? (ර)
එල්ලුම් ගස් යුතුයි. (ර)
හෙන ගහන අපරාධ මේවා.(හේ)
එල්ලුම් ගහ ගෙනෙන්නම වෙනවා වගකිවයුත්තනි (නි)
වගකිවයුත්තන්ට මේවායේ වගක්වත් නැහැ.එල්ලුම් ගහ ගෙනෙනවා නම් ඔහොම වෙන්නේ නැහැ (නි)
මේක නිසා තමයි මෛත්‍රී පාලනයක් ඕනෑ කියන්නේ (නි)
රංජීත්, මේ ගෙදර තියෙන්නේ අක්කර පහක වත්තක, ප්‍රදේශයේ අනෙකුත් ගෙවල් වලින් හුදකලා වෙලාලු. මිනීමරුවා එයින් ප්‍රයෝජන ගන්න ඇති. (නි)
ත්‍රස්තවාදීන්ට එරෙහිව පකිස්තාන් රජය මරණිය දණ්ඩනය ගෙනාවාක් මෙන් අපේ රටටත් දැන් කාලය හරි මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න!නැත්තම් කවදාවත් මේ බිහිසුණු අපරාද රැල්ල නවතින්නේ නැහැ.(හේ)
අපි හොඳට දන්නා පවුලක්. කිසිම ප්‍රශ්නයක් නැතුව යහපත් පවුල් ජීවිතයක් ගෙව්වා (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමනි. (ර)
මොන තරම් බිහිසුණු සමාජයකද අද අපි ජිවත් වෙන්නේ.(හේ)
අද මිනිස්සුන්ට ජීවිත සෙල්ලමක් වෙලා තියෙන්නේ.සරධර්ම ඉවසීම නැති වෙලා ගිහින්. අද මේ වගේ දේවල් වුණත් අනාගතේදී එහෙම නොවෙන්නනම් අපි මොකක්ද කළ යුත්තේ ඒ සදහා වැඩ පිළිවෙළක් ඇරැඹිය යුතුයි (දිල්)
අනේ මන් දන්නේ නැහැ. මෙච්චර දෙයක් කරනකන් අවට මිනිස්සු සංවේදී වෙලා නැත්ද නැත්නම් රටේ නීතිය පහළ මට්ටමකට ගිහින්ද. පති රුප දේස වාසෝ කියල බුදු බණේ තියනවා. (බ)
යහ පාලනයක් තියෙන හැටි පේනවා (දිල්)
මේ මිනීමැරුමට යොදාගත් පිහිය සොයා ගන්නට වහාම කැළයට එක්කරගෙන යා යුතුයි.(දිල්)
පලමු වැනිදාම නරක ආරංචියක්. අහිංසක දරුවන්ව පවා ඝාතනය කරේ කොහොමද? එල්ලුම්ගස් ක්‍රියාත්මක කළ යුතුමයි. (හේ්)
මේ අපරාධය ගැන කාට කියන්නද?(හේ)
දින 100කින් මේ ඔක්කොම නවතිනවා. යහපාලානේ නිසා.(හේ)
මේක තමා අාශ්චර්ය. අපි හැමදාම කියන්නේ මේ රටේ නීතිය හා සාමය නිසි පරිදි ආරක්ෂා වෙලා නැහැ. හැම දේම දේශපාලනීකරණය කරලා හමාරයි. වෙනසක් ඕනෙමයි (නදී)
මේ වගේ අපරාධ අහන්න දකින් ලැබෙන එක අපේ අවාසනාවක් (දිල්)
මේ අපරාදය දෙශපාලනයට සම්බන්ධ නැති වුනත් රටේ නිතිය හරි හැටි ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු මේ වැනි දේවල් වලට බයවෙනවා. නීතිය සැමට එකවගේ නැති වෙනකොට මුකුත් මතක නෑ කියන මිනීමරුවෝ නිදැල්ලේ ඉන්නොකොට අපේ රට ඉබේම මිනි මරන්නන්ගේ දේශයක් වෙන එක නවත්වන්න බෑ.(හේ)
මේ තියෙන්නේ සුභ අනාගතයද? (හේ)
මොන තරම් අභාග්‍යක්ද ? (නදී)
ඉතා කනගාටුදායක ආරංචියක්. මෙම ඝාතනයට හවුල්වුවන්ට නිසි දඬුවම් දිය යුතුයි. එල්ලුම් ගසේ අවශ්‍යතාවය තදින් දැනෙන යුගයක්.(නදී)
ලුණුවිල රෝහලේ දන්ත වෛද්‍යවරියක්. ප්‍රදේශයම කම්පා කරවන සිදුවීමක්. (නදී)