වෙන්නප්පුව, නයිනමඩම සිදුවූ සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
එම නිවසේ සේවය කළ අඹු සැමි යුවළ මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයිද ඔවුන් පුවත්පත් දැන්වීමකට අනුව මාසදෙක කට පෙර මියගිය ව්‍යාපාරිකයාගේ නිවසේ සේවයට පැමිණ ඇතැයිද අනාවරණය කරගෙන ඇත.
නිවස ඇතුළත අල්මාරි කඩා දමා ඇති බවත් මරා දමා ඇති වෛද්‍යවරියගේ මුදුව දමා තිබූ ඇඟිල්ල කපා දමා තිබූ බවද මහේස්ත්‍රාත් පරික්ෂණයේදී හෙළිවූ බව පොලිසිය පවසයි. පොලිස් නිල සුනඛයන්ද යොදා ගෙන පරික්ෂණ සිදු කෙරෙන අතර අද (2) සිදුකළ විමර්ශන වලදී එම පවුල මරා දමා තිබූ වළෙහි තිබී උල් පිහියක් සොයාගත් බවද පොලිසිය කියයි.
ඊයේ (1) නයිනමඩම කොහුමෝල් ව්‍යාපාරිකයා හා ලුණුවිල රෝහලේ සේවය කරන ඔහුගේ බිරිඳ ඇතුළු දරු දෙදෙනා මරා කොහු මෝල පිටුපස පොල් ලෙළි වළක දමා තිබියදී සොයා ගැනුණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහ ඉක්මනටම ගෙන්න වෙනවා..(හේ)
වරදකරුට දඩුවම දිය යුතුයි. (ර)
මේ අයට ප්‍රසිද්ධියේ මරණ දඩුවම් දිය යුතුයි.(හේ)
මේ වගේ අපරාධ කරන්නන් වහාම සොයා නීතිය හමුවට ගෙන ආ යුතුයි.දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
අනේ පවු. මෙහමත් රටක් .(හේ)
රටේ නීතිය හරයට ක්‍රියාත්මක වුනා නම් මේ වගේ මිනිස් ඝාතන සිද්ධ වෙන්නේ නෑනේ.(හේ)
පවු දෙවියනේ.මේ අපරාධය කළ තිරිසනුන්ට මරණ දඩුවම දිය යුතුයි.(හේ)
මේ අපරාධ කරයන්ගේ ප්‍රසිද්ධියේ හිස ගසා දැමිය යුතුයි.(හේ)
රොහාන්, මේක රටේ වැරැද්දක් නෙමේ අවශ්‍ය නීති නැතිකම.(හේ)
ලෝකයේ තිබෙන දරුණුම වේදනාවට පත්කර සමාජයෙන් ඉවත්කල යුතු අපරාධකාරයෙක්. (නදී)
සෞදි වල දෙන දඩුවම දිය යුතුයි.(හේ)
නීතියක් නැති රටක කුඩා ළමයි මරා දමන හැටි. (හේ)
මේ අපරාදේ කල අයට දඩුවම් දිය යුතුයි. (ර)
නිතිය හමුවට ගෙනවිත් වරදකරුවන්ට මරණ දඬුවම දෙන්න (නි)
වරදකරුට මරණ දඩුවම දියයුතුයි (නි)