සේවිකාවක හා ඇගේ පුංචි දරු තිදෙනා කුකුළු කොටුවක හා කුකුළු කෑම හා බෙහෙත් ගබඩා කළ කාමරයක රඳවා තැබූ බව කියන කුකුළු කොටු හිමියෙක් නිකවැරටිය මහේස්ත්‍රාත් කේ.කේ. ලියනගේ මහත්මිය විසින් ලබන බ්‍රහස්පතින් දා වනතුරු රිමාන්ඩ් කරනු ලැබීය. ව්‍යාපාරික පී.ඒ.යු. කුමාර එසේ රිමාන්ඩ් කළ තැනැත්තාය. එකොළොස් හැවිරිදි දරුවා ජනේලයකින් පැන මව හා සෙසු පිරිස බේරාගෙන ඇත. උසාවි නියෝගයක් ගෙන කුකුළු කොටුව පිරික්සීමට පොලිසිය සැරැසෙයි. කුකුළන් 250ක් මිය යෑමෙන් පසුව මේ පිරිසට එම දඬුවම පමුණුවා ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ප්‍රසිද්ධ මුදලාලි නේද? මැහිතෙල් විකුණන....
ආචාර්යතුමාට මේ දවස්වල කුකුල් උණ.... කුකුල් කේන්ති ගියාද දන්නෙ නෑ....
මුදලාලිට මේ අයවත් කුකුල් පලුවක් විදියට පෙනුනද දන්නේ නෑ
වසන්ත රත්නායක මහත්තයෝ ඔයාට හැමදාම ජිවිතේ මුදල් වියදම් කරන්නේ නැතුව ගෙනියන්න පුලුවන්ද ? බෙන් ටොන් මහත්තයෝ ඔයාගේ කතාව හරි .
මුදලාලි මාර වලිකුකුලනෙ...
මුදලාලි මාර මුගටියෙන්නේ
අනේ අනිච්ච දුක්ඛං සංසාර්..මෙයාලව හිටුවා පස් ගහන්න එපාද කරලා තියෙන වැඩේට අම්මාපල්ලා.මනුස්සයෙක්ට මෙහෙමත් තිරිසනෙක් වෙන්න පුළුවන්ද හැබෑටම ආයුබෝවන්ඩ.
සමහරු දේශයට,සංස්කෘතියට,ආගමට ගරුකරන බව මතුපිටට පෙන්වනුයේ සැබවින්ම ඔවුන් ඒවාට ගරු කරන නිසා නොවේ.ඒවාට ගරුකරන,ඒවා රැකීමට දිවිනොතකා සටන්කරන බව පෙන්වා ඉන් උදර පෝෂණයලැබීම පිණිසය. සමහරු බොරුවට සටන්පාඨ කියති.සැබවින්ම ඒවා රැකීමට සටන් කළ අයට සිනා පහළ වෙන්නේ ඒවා දුටු විටය. යුදබිම මැද මහසටනක නිරතවන රණවිරුවන්ට නොමැති දේශප්‍රේමී අදහස් වායුසමනය කළ කාමරවලට වී දිව බොජුන් හා සමාන අහර වළඳමින් පස්කම් සුව විඳිමින් අඹුදරුවන් පෝෂණයෙහි නිමග්නවූ ඇවිදින මස්පරුවත බඳු පුද්ගලයින්ට ඇතිවීම අදහාගත නොහැක. ඒවා දුටුවිට සිනා නැඟෙනුයේ මුවින් පමණක් නොවේ. දෙකොනින්ම සිනා නැඟෙනවා යන්නෙහි නියම තේරුම එයයි.සමාජය මෙබඳු වංචනික අදහස් ඇත්තන් නිසියාකාරව වටහාගැනීමටද බුද්ධිමත්විය යුතුය. නැතිනම් කියන, ඇසෙන,කියවනදේ එක්වරම ගිල නොදමා පවසන කරුණුවල සත්‍ය අසත්‍යතාවය විචාර පූර්වකව විමසා බැලීමට තරම් මධ්‍යස්ථ බවක් ඇති කර ගත යුතුය.නැතහොත් ඔවුන් අපේ සමාජය ඇඳගෙන මේ යන්නේ කොතැනකට දැයි සිතින්වත් සිතා ගත නොහැක. මිනිසුන් බුද්ධිමත්ව සිතිය යුතු බව පැවසුවාට බලහත්කාරෙන් ඔවුන්ව බුද්ධිමතුන් කළ නොහැක.හැකියාව ඇත්තේ නිසිමඟ පෙන්වීමට පමණි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමේ අර්ථයක් නැත.එනිසා පසුව පසුනොතැවීමට නම් කළයුතුදේ ඉඩ ලැබී ඇතිවිට නොපමාව කළ යුතුමය. මීයක් කඩන්නේ අතලෙව කන්නටම නොවේ.මෙබදුඅයගේ උත්සහය වනුයේ කෙසේ හෝ කර තමාගේ රැකී රක්ෂා සම්පාදනය කරගෙන උදරපෝෂණය කරගැනීම පමණි.එනිසා බාහිරව දෘෂ්‍යමාන සතුරන්ට වඩා ප්‍රවේශම් විය යුත්තේ මෙබඳුඅයගෙනි.මන්ද සතුරා සෘජුව විවෘතව එදිරිවාදිකම් කරන අතර මෙබඳු අයගේ සතුරුකම් රහසේ සිදුවිය හැකි බැවිනි. අඟේ සිට කණ කන්නේ මෙබඳු අයයි. එනම් ළංව සිටිමින් විරුද්ධවාදීකම් හා සතුරුකම් බහුලව මෙබඳු අයගෙන් සිදු වේ. බලවත්ව සිටින උදවිය වඩා ප්‍රවේශම් වියයුතු වනුයේද මෙබඳු අයගෙනි. තමාට ළංව සිට සතුරා වෙත රහස් ගෙනයෑමට මෙබඳු අය බහුලව භාවිතාවීම එක් සතුරු උපක්‍රමයක් බැවිනි. මේ කාලයේ මිනිසුන්ගේ මානව ගුණ දම් වේගයෙන් පිරීහීයමින් පවතින බැවින් සතුන්ගෙන් ආරක්ෂා වීමට වඩා ප්‍රවේශම් විය යුත්තේ මිනිසුන්ගෙනි.අතදෙන අතරම කකුලෙන්ද ඇදීමට මිනිසා තරම් හපනෙක් තවත් නැති තරම්ය. මේ නිසා තමාගේ පෞද්ගලිකත්වය හැකිතාක් තමාටම සීමාවීම මේ යුගයේ මානව චර්යාව අනුව වඩා සුබදායකය.නැතහොත් සිදුවනුයේ තමාගේ රහස් තමාගේම මුවින් අසාසිට,අතින්ද තව කරුණු එකතු කර පදමට ලුණු ඇඹුල්ද දමා, තමන් සොයා ගත්තාක් මෙන් අනුන්ට පවසා හිත යටින් සතුටුවීමට මිනිසුන් හුරු පුරුදුව සිටින බැවිනි. නවීන තාක්ෂණයට වඩා කටකතා බොහෝ වේගවත්ය.
කොල්ලො ගෑරැප්පුවයි නියනයි ගනිං (පිහි එපා)
අරාබිකරේ තව හොඳයි....ට්කක් හරි අනුකම්පාවයි..පැය 24 ක් වත් ඔහුව කුකුල් කූඩුවේ තබන්න...
මෙකනමි පුදුම කුකුලෙක් තමයි. කුකුළු කූඩුව පරික්ෂා කොරලා විතරක් මදි.
අමිමපා මේ වගේ අයට දෙන්න ඕන කුකල් කෑම..
අනිවාර්යයෙන් "කොක්‌සිඩියෝසිස්" යන රෝග වයිරසය වැලදීලා ඇති,ඒ අහිංසක පවුල පලි නෑනේ .ගොවිපල් හිමිකරු කල වැඩේ ඉතා වැරදිය.ව්‍යාපාරික අංශයටත් කල අවමානයකි. පශුවෛද්‍ය කෙනෙක් නැතුව ගොස් කරන පරීක්‍ෂණය පොලිසිය විසින් කරන කාලය කා දැමීමකි.
ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ.. ප්‍රධාන හේතුව නිසි ලෙස නීති ක්‍රියාත්මක නොවීමයි..
මේ මනුෂ්වයගෙ මෝඩකම සීමාවක් නැතිව ඇති. 21 වැනි ශතවර්ශයෙත් මේ වගේ අය ඉන්නවනෙ..නඩු විතරක් මදි වන්දියක් දෙන්නත් ඕන ඒ පවුලට...
කරන ලද එම ක්‍රියාව පිළිකුලෙන් හෙලා දකින අතර මේ සිද්ධිය පසු පස අප නොදන්න යමක් තිබිය හැක. කොහොම උනත් කළ වැඩේට දඩුවම් දිය යුතුයි...
මෙම දරැ පවුලම නිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුයි...
ඒ පවුලත් පව්.... දරුවනුත් පව්... වරද කාගේ වුවත් කුකුල් කොටු හිමියාටනම් කුකුළන්වත් නැති කරගෙන, නඩු කියාගෙනම කුකුල් කොටුව වහල දාන්න වෙයි.
දැන් මිනිස්සු හිතුන දේව්ල් කරනවා...
දැන් රටේ හැමදේකටම මූලික වන්නේ මුදල් ......
මේ කරපු දේට පාඩමක් ලෙසට මුදලාලිව කුකුල් කූඩුවෙ මාසයක් තියලා.. සේවක පවුල ඔහුගේ ගෙදර නැවැත්විය යුතුයි..
ජිනීවා සමුළුව ළග හින්ද ගොතපු බොරැවක්ද මන්දා...
කුකුලෙක් වෙන්න පතනවා..
කෝ ආචාර්යතුමා?? අත්අඩංගුවට ගත්තෙ එයාවද??
දරු පවුල කුකල් කූඩුවේ -මුදලාලි හිර කූඩුවේ.
අද මොකද ආචාර්ය.. නැත්තෙ..
මැර්ච්ච කුකුල්ලු ටික මුදලාලිට කන්න දෙන්නයි තියෙන්නේ..හිරබත් නොදී...මේ වගේ අයට දෙන්න ඕන රජකාලේ දඩුවම්....
ලියනගේ මැතිනියනි, නීත්‍යනුකුලව බාධාවක් නැත් නම් මෙයා හිරේට දාල කුකුලන් ටිකක් හිර කුටියට දමන්න. එතකොටවත් අනුන්ගේ දුක තේරෙයිද කියල බලන්න.