පවුල් පාලනය වෙනුවට බලයට ආ හවුල් පාලනය ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල උල්ලංඝනය කරමින් සැක සහිත ගමනක යමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ඇමැති මණ්ඩලය 30 දක්වා අඩු කරන බවට මෙන්ම විද්‍යානුකූල ක‍්‍රමවේදයක් අනුව ඇමතිවරුන් පත්කරන බවට හා වංචනිකයින්ට දඬුවම් දෙන බව කියා බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය දැන් සම්මුතිවාදය යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චෝදනා ඇති අයටත් ඇමතිකම් දෙමින් ලැජ්ජා සහගත ලෙස කටයුතු කරමින් සිටින බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡන්දයෙන් පැරදුණු එස්.බී දිසානායක මහතාට ඇමතිකමක් දී ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලැබූ එජාප අපේක්‍ෂකයා වන රංජන් රාමනායක මහතා පත්කිරීම ආදී විහිළු සහගත දේ කරන ආණ්ඩුවේ ආරම්භය මෙසේ නම් ඉදිරි තත්ත්වය තවත් බරපතල වන බවට කිසිදු සැකයක් නැතැයි ද විජිත හේරත් මහතා සඳහන් කළේය.
ආණ්ඩුව සම්මුතිවාදයෙන් එකිනෙකාගේ වැරදි වසාගැනීමට මිස ජනතාවට යමක් කිරීමට උත්සාහ ගන්නේ නැතැයි කී විජිත හේරත් මහතා හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව තිබූ නඩුව එක් පාර්ශවයක් විසින් ඉල්ලා අස්කර ගනිද්දී අනිත් පාර්ශවය වත්මන් අධිපතිවරයාට එරෙහි නඩුව අස්කර ගැනීමෙන් මේ බව පැහැදිලි වන්නේ යැයි ද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්තමයි ඇහැරිලා තියෙන්නේ (නි)
එතකොට අපිද මේකට වගකියන්න ඕනෑ? (නි)
හවුල් පාලනය ගෙනෙන්න පහන ඇල්ලුවේ කවුද? දැන් මොකද අඬන්නේ? (නි)
හැබැයි, ඉතින් රටේ ජනතාවට ඔබතුමන්ලාට සළකන විදිහට තමයි ආසන 6ක් විතරක් ලැබුනේ. (නි)
දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි. (නි)
හැමෝටම උවමනාව තිබුණේ මහින්දව එළවන්නනේ. දැන් ඉතින් වෙන මොනවා කරන්නද? (නි)
පවුල් පාලනයක් රටට හොඳද නරකද යන්න මේ අවුල් පාලනයෙන් ජනතාව තේරුම් ගනීවි. මහින්දගේ පවුල් පාලනය නොවන්නට කවමත් මේ අය ජීවත් වන්නේ බෝම්බ පුපුරණ අස්ථාවර හා දෙකට බෙදී ඇණ කොටාගන්නා රටක. මහින්දගේ හැම දේම හොඳයි කියන්න බැරුවා වගේම හැම දේම නරකයි කියන්නත් බෑ. පුළුවන්නම් චන්ද්‍රිකාගේ හා රනිල්ගේ පාලන කාලයන් තුළ මේ රටට සිදු වූ එක හොඳක් පෙන්නා දෙන්න. රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය විශ්‍රාම වැටුප් අහිමි කිරීම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම. හා දාරිද්‍රතාවයේ රේඛාවන් ඉහලට ගෙන ඒම, ගොවීන්ගේ නිශ්පාදනයන් අළෙවිකර ගැනීමට තිබූ වී අලෙවි මණ්ඩලය වසා දැමීම, සතොස කාබාසිනියා කිරීම මේවා හොඳයි නම් අවුල් පාලනය හොඳයි. මංමාවත් ඉදි කිරීම, පැල්පත් වාසීන්ට නිවාස ව්‍යාපෘති, යුද්ධය නිම කිරීම, ජනතාවට බියෙන් සැකෙන් තොරව ඉන්න රටක් බිහි කිරීම, ඇමරිකන් ගැත්තෙක් නොවීම, බටහිරට ආ නොවැඩීම මේවා මහින්දගේ පරාජයට හේතුයි. පවුල් පාලනයේ බැසිල් යූඇන්පියේ සිට මහින්ද ලඟට ඇවිත් ඇමරිකන් අවශ්‍යතාවයක් ඉටුකළාදැයි, සැකයත් ජනතාව තුළ පවතිනවා. ඒ වගේම බලය යන්න බලෙන් ලබා ගැනීමට නොහැකි බව මහින්ද පරාජයෙන් අනෙක් අයට දුන් පාඩමක්. තම්බ හොරු රැළක් එකතු වී සාමාන්‍ය හොරෙක් කම්බ හොරෙක් කරපු මාධ්‍ය ප්‍රචාරණය හා ඊට රැවටුණු මන්ද බුද්ධික රැළක් මම දුටුවා. මේ කමෙන්ට් කරන මම 1983 න් පසුව කිසිම දේශපාලන පක්ෂයකට ඡන්දය දී නෑ. ඒ නිසා මධ්‍යස්ථ සත්‍ය දකින්න පුළුවන් දේශපාලන පාට කණ්ණාඩි වලින් තොරව. මහින්ද හොඳ නෑ. හැබැයි දැන් ඉන්න අය ඊට වඩා හොඳ නෑ. පෞද්ගලික වෛර පිරිමහගන්න මිනිහත් එක්ක තරහට නහය කපා ගත් කාන්තාවක් වගෙයි ජෙවීපියේ භූමිකාව. සිය නායකයාගේ සිට 60000 දහසක් ඝාතනය කළ යූඇන්පියේ එකල හිටපු මෙන්ම ඝාතන චොදනා ලබපු රනිල්ව විමල් වීරවංශ සමග ඇති තරහට මහින්ද පාරාජයට යොදා ගැනීම තරම් අනුවණ කමක් ජේවීපිය මෙතෙක් කරන ලද සියළු අනුවණ කම් ඉක්මවා යන බව අනාගතය මේ අයට කියා දේවි. (බ)
සම්පත්, ඉතා හොඳ අදහස් දැක්වීමක්. (බ)
අනේ මොකටද මගේ කට? (නි)
දැන් ප්‍රමාද වැඩියි මහත්තයෝ (නි)
දැන්ද මේවා කියන්නේ? (නි)
අද ඔබ දකින දේ ඔබට දැකගන්න මාස 9ක්ම ගියානේ (නි)
අපි ඉතින් අවස්ථාව දීලා බලමු. තවම පටන්ගත්තා විතරනේ (නි)
පවුල් පාලනය සහ දුෂණ වංචා මහින්දගේ ගිණුමට පමණක් බැරකොට මේ අවුල් පාලනය ඇති කරන්න උදවුකළේ කවුද එතකොට? දැන් ඉතින් ඉදිරි වැඩ ගැන විපක්ෂයේ දෙවන පක්ෂය හැටියට කටයුතු බලාගත්තොත් හොඳයි. (නි)
අපි වෙනසට ඉඩදීලා බලමු (නි)
ජවිපෙ දිරියෙන් ඉදිරියට.... (නි)
මේ සීපා කතන්දරය නිසා මටත් ලොකු බයක් දැනුනා. ඒත් ඇමති මණ්ඩලය වැඩිවීම ගැන නම් බැනලා වැඩක් නැහැ. කිසිම පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවන්න බැරි අවස්ථාවක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කිසිම දේශපාලකයෙක් තමන්ට ලැබෙන දේ මිසක් මහජන සුබසිද්ධිය වෙනුවෙන් රජයකට සහයෝගය දෙන්නේ නැහැනේ. (නි)
පැරදුණු මන්ත්‍රී වරු චිට් එකෙන් ඇතුලට ගන්න හැටි උගන්වියේ ඔහෙලාන්`ඔහෙලානේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදීද? (බ)
එස්.බි. ට සොයිසා යන අය ඡන්දෙන් පැරදුණු අය ඒ අයට පින් මන්ත්‍රී කමක් දීල ඒ මදිවට කැබිනට් ඇමතිවරුන් කිරීම සම්බන්ධයෙන් නම් යහපාලනයට ඡන්ද දීපු අපිත් ඉන්නේ බොහොම කලකිරීමෙන්.අනික හැම නඩුවක්ම නිකන්ම නීතිපති නිසා ඉවත් වෙන එක ගැන ඊට වඩා කල කිරීමෙන් තමයි ඡන්දෙ දීපු අපිත් ඉන්නේ.හොරා හොරා කියා කියා හිටිය දැන් වත් ඔප්පු කළේ නැත්නම් කවදාද ඔප්පු කරන්නේ.අනේ මන්දා. (බ)
දුර දක්නා නුවන නැති බව දන්නා නිසා තමයි ඔය කට්ටිය පැරදුනේ. (බ)
දැන් වෙන්නයන දේවල් ගැන ටික දවසක් බලා හිටියොත් හොඳයි නේද?අවුරුදු ගණනක් තිස්සේ ගලාගෙන පැමිණි ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරන්න ටික කාලයක් දෙන්න. ජනපතිතුමත්, අගමැතිතුමත් ගැන අපිට නම් විශ්වාසයි.ජනතා විමුක්ති පෙරමුණ තරමක හෝ ලබාගෙන තිබෙන ජනතා ආකර්ෂණය වැඩිපද ගහන්න ගිහිල්ලා නැතිකරගන්න වගේ හදන්නේ. (නි)
අනේ අපිට නම් ෂෝක්. කිසිම නරකක් පෙනෙන්නේ නැහැ (නි)
මේවට වගකියන්න ඕනෑත් ඔයාලම නෙමෙයිද? (නි)
ජනතා විමුක්ති පෙරමුණට මේ මොහොතේ රට වෙනුවෙන් කරන්න තිබෙන්නේ එකම එක කටයුත්තයි.ඒ සීපා කියන ගිවිසුම කෙරෙහි නිවැරදි ජනමතයක් ගොඩනැඟීමයි. අපි අවධානයෙන් බලාසිටිමු. (නි)
ගිලපු ලණුව වමාරන්න අමාරුයි. ඕවා ඔහොම තමයි (නි)